මිථුනෙද?
ඔබට ගම්පති ආදී නිලතල දැරීමට වාසනාව ඇත. ඉගෙනීමට හා ධනය ලැබීමට යහපත් වෙයි. උසස් මිතුරන් ඇත්තෙකි. පොත - පතට ශාස්ත්‍රීය කටයුතුවලට නැඹුරු වීමක් ඇති කෙරේ. ලේඛන කලාවට අනුයුක්ත වීමෙන්ද, ආදායම් මාර්ග උදාකර ගැනීමට සමත්වනු ඇත. භාර්යාවන් දෙදෙනකුගේ පහස ලැබීමට හේතුවන අතර දරුඵල මඳ වේ. මදුර, ප්‍රණීත ආහාර පාන භුක්ති විඳීමට ප්‍රියත්වයක් දක්වනු ඇත. චංචල වූ ඇස් ඇත්තෙකි. මනා දේහ ලක්ෂණයකින්ද යුක්ත වන අතර සහෝදර පක්ෂයටද දැඩි ළෙන්ගතු භාවයක් දක්වනු ඇත. ජීවිතයේ ප්‍රථම, මධ්‍යම භාගයේදී සැප සම්පත් ලැබීමට වාසනාව උදා කෙරෙනු ඇත.
පරම්පරාගත වස්තුව ලැබීමටද හේතුයි. පරෝපකාරයෙහි නියැළි දානශීලී කෙනෙක්ද වන අතර, සත්‍ය වචන ඇත්තෙක්ද වෙයි. නැටුම් - ගැයුම් - වැයුම්වලට ප්‍රියමනාප භාවයක් දක්වනු ඇත. ලේකම් ධුර - උපදේශක තනතුරු, ග්රන්ථකරණය ආදී ක්ෂේත්රයන්ට නැඹුරුතාවක් ඇති කෙරේ. එම ක්ෂේත්රවලට සම්බන්ධ වෘත්තීන් කෙරෙන් පහසුවෙන්ම අය මාර්ග උදා කර ගත හැකි වනු ඇත. ජීවන මඟෙහි මූලික අවස්ථාවේදී 5 වැනි වසරෙහිදී උසකින් වැටීමක් සම්බන්ධයෙන්ද 16 වැනි වියේදී සතුරු කරදර ඇති කිරීමටද, 18, 20 වසරවලදී පීඩාද, 28 වැනි වියේදී මරණස්මෘති පීඩාද ඇති කෙරේ. මෙතැන් සිට භාග්‍යවන්ත දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වේ.
කටකෙද?
ඔබ උපත ලබන අවස්ථාවේදී සඳු කටක රාශි ගතව ඇති නම් හෙතෙම පරෝපකාරයෙහි නියැළි කෙනෙක් වෙයි. සියල්ලන්ටම සංග්‍රහ කිරීමෙහි ඇලුනෙක් වෙයි.
ගුණවත්
සත් පුරුෂයෙකි. වාසනාවන්ත දරුවන්ද ලබනු ඇත. ස්ත්‍රී සැපද ඇත. ජීවිතයේ ප්‍රථම භාගයෙහි ධනය හීන වෙයි. මධ්‍යම වියේදී ධනයෙන් ආඪ්‍ය වෙයි. ඉතා විශ්වාසවන්ත භාවයෙන් යුක්ත වෙයි. චිත්ත ප්‍රීතිය ඉතාමත්ම උසස් කොට සලකයි. ජන්ම භූමියට ප්‍රිය වෙයි. සිය නිවෙසේ වාසයටද බෙහෙවින්ම රුචිකත්වයක් දක්වනු ඇත. මවු - පිය - ගුරුවර - වැඩිහිටියන්ට ඉමහත් භක්ත්යාදරයක්ද ඇත. ධර්මානුකූල වෙයි. නළලෙහි මැද රේඛාවක්ද, වම් පස කැළැලක්ද ඇති කෙරේ. ජේයාතිෂ ශාස්ත්‍රය පිළිබඳවද දැනුමක් ඇත්තෙක් වෙයි. කවි කලාව පිළිබඳවද නිපුණතාවක් ඇති කෙරේ. බොහෝ මිතුරන්ද ඇත්තෙකි. උපත ලබා ප්‍රථම වර්ෂයෙහි සෙම් රෝගද, තුන් වැනි වර්ෂයෙහි ලිංග පීඩාද, 31 වැනි වියේදී සර්ප බියක්ද ඇති වීමට හේතුයි. 32 වැනි වියේදී බොහෝ පීඩාවන්ට බඳුන් වීමට හේතුවෙයි. ඉන්පසුව යහපත් වනු ඇත.