කේන්දරේ පාළුවෙලා
ගමේ උන්ට එපා වෙලා
හිටිය එකා රජාවෙලා
රාජ යෝග උදාවෙලා
බුදු සන්තෝ මෙන්න බලාපන්!
මේ පැරැණි වේදිකා නාට්‍යයක ගී ඛණ්ඩයකි. මෙම ගීතයෙන් පැවැසෙන්නේ හතර කේන්දරේ පාළු වූ අයකු සමාජයේ උසස් තත්ත්වයකට පත්වීම පිළිබඳවය.
හතර කේන්දරය පාළු වීම යනු කුමක්ද? මෙහි අනිටු ප්‍රතිඵල කවරේද? හතර කේන්දරයක් පාළුවීම අනෙකුත් ග්‍රහ පිහිටීම් මත සුබ පලයක් අත් නොවන්නේද?
වර්තමානයේ හතර කේන්දරය පාළු වූවන් තම ඉදිරි ජීවිතය දෙස බලන්නේ උදාසීන ලෙසින්ය. විශේෂයෙන් විවාහයේදී මෙහි බලපෑම දැඩිය. අවිවාහක සහ රැකියා විරහිත තරුණ තරුණියන් තම කේන්දර සටහනේ හතර කේන්දරය හිස් වූ ග්‍රහ පිහිටීම් දැක ඉදිරි දිවිය පිළිබඳව අසුබවාදීව දකිති.
හතර කේන්දරය පාළු වූ එකා කාලකණ්ණියකු යැයි ගැමි මතයකි. එවන් දරුවා නිවෙසට වඩා ගමේ පන්සලට සුදුසුයැයි ගැමියන්ගේ පිළිගැනීම විය. කේන්දර සටහනේ කේන්ද්‍රස්ථාන හිස් වූ දරුවා ගමේ පන්සලට භාරකළේ සසුන්ගත කළේ එහෙයිනි.
මෙම යෝගය පිහිටි ගමේ තරුණයකු රැකියාවක්, විවාහයක් නොමැතිව ගමෙන් පිටවන්නේ තමන් පිළිබඳවම ඇති වූ කලකිරීමෙනි. අනුකම්පාවෙනි. ගමෙන් නගරයට යන තරුණයා හිස් අතින් නගරයට ගියද ඔහු නැවත ගමට එන්නේ ව්‍යාපාර, ගේෙදාර, යාන වාහන හිමි මහා ධනවතකු ලෙසය. ඔහුට හිමිව ඇත්තේද සුරූපී ධනවත් සහකාරියක් විය හැකිය. එදා කලකිරීමෙන් සිටි ඔහුට සිත් රිදවීම් කළ, ඇනුම්පද කී ගැමියන්ට තරුණයාගේ දියුණුව ප්රහේලිකාවකි. මවිතයකි. හතර කේන්දරය පාළු වීමෙන් තරුණයා පීඩාවට පත්කළ ග්‍රහ බලයම තරුණයා සමාජයේ ධනවතකු කර ඇත.
හතර කේන්දරය පාළුවීම පිළිබඳව බොහෝ අර්ථකථන ඇත. එය නිවැරැදිව හඳුනා ගැනීම තුළ ග්‍රහ බලයේ අසිරිය මනාව අත්විඳිය හැකිය. පුරාණ ඉසිවරුන් කාල පුරුෂයා යන කල්පිතයට ෙදාළොස් රාශීන් නිවැරැදිව ගොනු කළහ. කාල පුරුෂයාගේ හිසේ සිට පාදය දක්වාද, ඔහුගේ දිවියේ විවිධ වූ සන්ධිස්ථාන මෙම ෙදාළොස් රැස තුළද විවිධ වූ අංග ප්‍රත්‍යංගයන් ලෙස වර්ග කර දක්වා ඇත. එය ජන්මියකුගේ කේන්දර සටහනකට බලවත් වන්නේ කාලපුරුෂයා නම් කල්පිතයට අනුගතවය.
ජන්ම කේන්දරයක 1-4-7-10 හතර කේන්ද්‍රස්ථාන වෙයි. එය ශරීරයේ හිස, පපුව, ලිංග ප්‍රදේශය සහ පාද දණහිස ප්‍රදේශ වෙයි. මනස, නිවෙස, විවාහය, රැකියාව ලෙසටද මෙම ස්ථාන හැඳින්විය හැකිය. මෙම කේන්ද්‍රස්ථාන දිසා වශයෙන් නැඟෙනහිර, උතුර, බටහිර, දකුණ වශයෙන් බලවත් වෙයි. 1-4-7-10 යන ප්‍රධාන කේන්ද්‍රස්ථාන හතරෙහි ග්‍රහ පිහිටීමක් නොතිබීම හතර කේන්දරය පාළු වීමක් ලෙස සරලව හැඳින්වෙයි. දිසා වශයෙන් ප්‍රධාන දිශාවන්හි ග්‍රහ පිහිටීමක් නොතිබීමත් ශරීර සහ ජීවන අංගයන්ගේ ග්‍රහ පිහිටීමක් නොතිබීමත් මෙම අවාසනාවන්ත පිහිටීම ලෙස නිර්වචනය වෙයි.
මෙම ග්‍රහ පිහිටීම් පිළිබඳව අදහස් දැක්වීමේදී සරල ගැමි මතය නිවැරැදි නොවේ. එවන් ප්‍රකාශන ජන්මියා මානසිකව පීඩාවට පත් කරවයි. ජන්ම පත්‍රයක කේන්ද්‍රස්ථාන පුද්ගල ජීවිත සම්බන්ධව වැදගත් වූ සාධක උපකල්පනය කරන ස්ථාන බවට නොරහසකි.
පළමුවැන්නෙන් බුද්ධියද, සිවුවැන්නෙන් බවබෝග සම්පත්ද, මවු හා ඥාති වර්ගයාද, සත්වැන්නෙන් විවාහය, ප්‍රජනන ශක්තිය සහ සමාජයේ හවුල් කටයුතු පිළිබඳ හැකියාවද දසවැන්නෙන් රැකියාව - ආදායම සහ සමාජ පිළිගැනීමද ප්‍රකට කරවයි. මෙම ස්ථාන හතර දුබලවීමෙන් පුද්ගල ඇවැතුම්, පැවැතුම් ලෞකික දිවියට කොතරම් යහපත් වේද?
හතර කේන්දරය පාළු වීම මහණ යෝගයක් ලෙස පිළිගත හැකිනම් එවන් කේන්දර සටහනක් හිමි ජන්මියකුගේ ශ්‍රමණ දිවියද නිසරු විය යුතුය. මෙම යෝගයෙන් සසුන්ගත වූ හිමිවරු වර්තමානයේද සිටිති. මනා පෞරුෂයෙන්, ශීල ගුණයෙන් සදහම් ලොව ඒකාලෝක කරවන පැවිදි ප�ඩි මහ නාහිමිවරුන් හතර කේන්දරය පාළුවීමේ අසුබය පිටුදැක ඇත. යහපත උදාකරගෙන ඇත.
කේන්ද්‍රස්ථාන තුළ ග්‍රහයන් නොසිටි තරමටම මෙහි අයහපත උදාවන්නේ නැත. කේන්ද්‍රස්ථානවලට යොමු වන ග්‍රහ දෘෂ්ටි පිළිබඳව විමසිලිමත් වීම 4-7-10 අධිපතීන්ගේ බල-දුබලතාවන් නිවැරැදිව දැකිය යුතුය. ත්‍රිකෝණ ගත ග්‍රහ බලයද මෙහිදී වැදගත්ය. හත අධිපතියා සුබයකු හා සංයෝගව ලග්නය හෝ කේන්ද්‍රස්ථාන දැකීම අසුබය දුරුවී පුණ්‍ය බල උදාකරන බලවත් පිහිටීමකි.
හතර කේන්දරය පාළු වූ කේන්දරයක 5 හෝ 9 යන ස්ථානයක සුබයකු සිට පළමු භාව හෙවත් ලග්නය දැකීම ඥානවන්ත පිහිටීමකි.
කේන්දරයෙහි 8 හෝ 12 තුළ ග්‍රහයකු සිටීම හතර වැනි භාවය බලවත් කිරීමකි. එය ලෞකික සැප සම්පත් ලෙස හඳුන්වන බවබෝග සම්පත්, මවු, ඥාති වර්ගයා බලවත් වීමකි.
7 වැන්න හා බැඳුණු 11 හෝ 3 යන භාවයක ග්‍රහයකු සිටීම විවාහය ආදී කටයුතු යහපත් කිරීමකි.
2 හෝ 6 වැන්නේ සුබ ග්‍රහයකු සිටීම 10 වැන්නේ සැඟවුණු බලය උදාවීමකි. රැකියාව, ආදායම පිළිබඳ යහපත උදාවන්නේ එවිටය.
ගුරු ග්‍රහයා තම රාශීන් වන ධනු හෝ මීනයේ සිටියදී බුධ හෝ කුජ-සඳු දෙදෙනා එකොළොස්වැන්නේ සිටීම රජෙකු හා සමාන තත්ත්වයට පත්වීමක් බව භාවකුතුහලයෙහි සඳහන්ය.
මේ ආකාරයෙන් හතර කේන්දරය පාළු වීමේ දෝෂ දුරුකරවන ග්‍රහ යෙදුම් රාශියකි. දුටු පමණට වඩා ගැඹුරින් දැක සත්‍ය ප්‍රකාශ කිරීම යහපත් ජේයාතිෂවේදියකු සතු යුතුකමකි. සියල්ල කේන්දර සටහන තුළ ඇත. සැඟවුණු ග්‍රහ බලය කේන්දර සටහනෙහි සැඟව ඇත. ජන්මියා තුළින් සැඟවුණු ග්‍රහ බලය මතුවන්නේ පෙර කළ කුසල් අනුවය. හතර කේන්දරය පාළු වූ ජන්මියා නොපමාව කුසල් වැඩිය යුතුය. සැඟවුණු ග්‍රහ බලය බලවත් කිරීමට එම කුසල් බලය මූලික වී පෙර කළ කුසල් බලය බලවත් වන්නේ එවිටය.
හතර කේන්දරය පාළු වීම සුබ ග්‍රහ බලයක් විය හැකිය. වෙස්වළාගත් ආශීර්වාදයක්ද විය හැකිය.
එහෙයින් නොතැවෙන්න. අප්‍රමාදව කුසල් වඩන්න. කුසලය නියත යහපතකි.