මිනිස් ඇස ආරක්ෂා කරන වර්ණ පදාසයක් වනුයේ කොළ (හරිත) පාටය. උෟෂ්ණ සහ සීත යනුවෙන් කොටස් දෙකකට බෙදේ. දැමුණු වර්ණයක් වූ කහ පැහැය (නුගඵල පාට) භික්ෂුන් වහන්සේගේ චීවරය සිවුර පැහැය ගැනීමට බුදුන්වහන්සේ වදාළ සේක. එයින් ඇසට ශාන්ත රසය ප්‍රිය උපදවන අතරම ආධ්‍යාත්මික පැතිකඩක්ද නිර්මාණය වේ.
මිනිස් ඇස ආරක්ෂා කරන වර්ණ පදාසයක් වනුයේ කොළ (හරිත) පාටය. උෟෂ්ණ සහ සීත යනුවෙන් කොටස් දෙකකට බෙදේ. දැමුණු වර්ණයක් වූ කහ පැහැය (නුගඵල පාට) භික්ෂුන් වහන්සේගේ චීවරය සිවුර පැහැය ගැනීමට බුදුන්වහන්සේ වදාළ සේක. එයින් ඇසට ශාන්ත රසය ප්‍රිය උපදවන අතරම ආධ්‍යාත්මික පැතිකඩක්ද නිර්මාණය වේ.
රක්ත රතු පැහැය තුළින් කලහකාරී මෙන්ම රාගී හැඟීම් දනවනසුලුය. නිල් පාට කලාත්මක වර්ණයක් වන අතරම මිනිස් මනස සන්සුන් වන බැව්ද පසක් වේ. මිනිසා අනාදිමත් කාලයක සිටම වර්ණ භාවිතයට හුරු පුරුදුවී සිටී. මොහෙන්‍ෙදාජාරෝ හරප්පා වැනි මිසර ශිෂ්ටාචාරයන් හරහාද එය වඩාත් පැහැදිලි වන්නේය.
මනස පීඩාවට පත්වී සිටින මොහොතක එදා මිනිසා විවිධ ශාක පත්‍ර මැටි උපයෝගි කොටගෙන එමඟින් විවිධ වර්ණාවලියක් සාදා ගත්හ. මේ අනුව බලනවිට විඩාබර දුක්මුසු මොහොතකදී එයින් බැහැරවීමට හොඳම මඟ නම් චිත්‍ර නිර්මාණකරණයයි.
ගොරෝසු සිතක් මටසිලුටු බවට පත් වනුයේද චිත්‍ර ඇඳීමෙන් සහ නැරැඹීමෙන්ය. සිතුවමක ඇති භාවාත්මක ගුණය සිතෙන් රසවිඳීමට කෙනකු හුරු පුරුදු වුවහොත් නිවන පසක් කර ගැනීමට හැකි වන බවක්ද උපකල්පනය කළ හැකිය.
චිත්‍ර ඇඳීම භාවනාවකි. භෞතික රළු පරළු ගොරෝසු හෝ කටුක සමාජ පරිසරයෙන් අෑත්වී මනෝමය ලෝකයකට පිවිසීමට හැකිවේ නම් ඔහු උපශාන්ත පරිසරයකට අවතීර්ණ වනු නොඅනුමානය. මනස සන්සුන් කර ගැනීමට කලා මාධ්‍යය ඇසුරු කොට ගත හැකිවේ නම් ඔහු හෝ ඇය ඉතාම සංවේදී තත්ත්වයකට පත්වේ.
ජේයාතිර් විද්‍යාව වැනි ශාස්ත්‍රීය පැතිකඩ හරහා බුද්ධිමත්ව මනස මෙහෙයවීමේදී රාහු, කුජ, ශනි වැනි පාපී ග්‍රහ බලය අහස් කුසින් එල්ල වන කාල පරාසය අවම කර ගැනීමට එක් මඟකි. චිත්‍ර, නාට්‍ය හා සංගීතය වැනි සෞන්දර්ය පැතිකඩකට නැඹුරුවීම, අස්වැසිල්ලක්ද ලැබිය හැකිය. අසුබ දශා කාලය යනු පෙර කරන ලද පව් පලදෙන සීමාවන්ය.
පුණ්‍ය සිතුවිලි මනස තුළ උපදින්නේ නම් පාපී සිතුවිලිවලින් බැහැර වී මඳකට හෝ අස්වැසිල්ලක් ලැබිය හැකිවේ. පින යනු පිනවීම් හෙවත් මනස සන්සුන් කරගැනීමය. සිල් (හීලෑබව) භාවනා මෙන්ම බෝධි පූජා වැනි ආධ්‍යාත්මික පැත්තකට මනස යොමු කරන්නට දවසේ පැය කීපයක් හෝ හැකිවේ නම් ශාරීරිකව වැලඳෙන ව්‍යාධිද සමනය වන්නේය.
සුදු රෙද්දක් ගතින් පොරවා ගත් පමණින්ම සිල් නොරැකේ. අවශ්‍ය වනුයේ සිත පවිත්‍ර කර ගැනීමය. මෙලොව බිහිවන සෑම අයකුම කලාකරුවන්ය. නිසි අයුරු ශිල්පීය ප්‍රගුණත්වයකින් යුක්ත වේ නම් ඔහු හෝ ඇය ශිල්පීය දස්කම් දක්වන්නට සමතෙකු වන්නේය.
මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමා චිත්‍ර ඇඳීමට යොමු වූයේ සැත්තෑ හැවිරිදි වියේදීය. ජීවිතයේ සැදෑ සමයේදී නන්දලාල් බෝස් ලොව ප්‍රකට චිත්‍ර ශිල්පියකු බවට පත්විය.
ලෙනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජිලෝ, පබ්ලෝ පිකාසෝ, කට්සුචිකා හොකුසායි වැනි මහා චිත්‍රකලා විශාරදයන්ගේ නිර්මාණ බිහිවූයේද ඔවුන්ගේ සැදෑවිය පසුවීමත් සමඟ බැව් පැහැදිලිය.
නරක ග්‍රහ දශාවක් ලැබූ විටදී අසීමිත ලෙස ඒ ගැනම පසුතැවිල්ලට පත්ව වැඩ කිරීමට වඩා බුද්ධිමත්ව පුණ්‍ය සිතුවිලිවලින් අපල මගහරවා ගත හැකිබැව් පසක් වේ.
අති පූජ්‍යපාද හේන්පිටගෙදර මහ නාහිමියන් අගනා ග්‍රන්ථ 22ක් පමණ ලියා ඇත්තේ උන්වහන්සේ සිරගතව සිටි සමයේදීය.
නරක අසුබ කාලයක් ලබා ඇතැයි සිතමින් කුසීතව සිටියා නම් උන්වහන්සේ අතින් එවැනි අගනා ග්‍රන්ථ නිර්මාණයක් ජාතියට හිමි නොවනු ඇත.
ලෝප්‍රකට ලේඛකයෙක් වූ රාජපක්ෂ (මායාරංජන්) සූරීන්ද සිය "දිගාමඬුල්ලේ අසිරිය" නමැති ප්‍රකට ග්‍රන්ථය ලියන ලද්දේද බලවත් ලෙස චර්ම රෝගයකින් පෙළෙන කාලය තුළදීය.
සිය මව මිය ගිය මොහොතේදී තමා සතු කිසිදු මුදලක් "ඩේවිඩ් පාක්නර්" සූරීන් අත නොතිබිණි. අත් පිටපත ඉටිපන්දම් එළියෙන් මුළු රැයක් පුරාම නිදිවරා ලියා පසුදින උදෑසන ග්‍රන්ථ ප්‍රකාශකයකුට පොතේ මුළු අයිතියම අඩු මුදලකට විකුණා ලැබුණු සොච්චම් මුදලින් මවගේ අවසන් කටයුතු කළේය.
කොතරම් ශේ්‍රෂ්ඨ උත්සාහයක්ද?
ලොව ප්‍රකට සිත්තරුන්, සංගීතවේදීන්, නාට්‍ය ශිල්පීන් ජීවන මඟෙහි පොරබදමින් සිය නිර්මාණ එළිදැක්වූහ. ඔවුන්ට ජන්ම පත්‍ර ඇතත් නැතත් අප්‍රතිහත උත්සාහයෙන් ජීවිතය ජය ගත්හ. ලැබූ දශාව අසුබ යැයි සිතමින් කාලය කා දැමීම අනුවණ වැඩකි. පුද්ගලයකුගේ ජන්ම ශක්තිය හරහා බොහෝ දේ කළ හැකිය.
අලියා මෙන්ම කුහුඹුවාද ඔවුන්ගේ ශක්තියේ හැටියට වැඩ කරන බව ඇත්තකි.
අසුබ දශාවක්, නරක කාලයක් යැයි සිත සිතා වටිනා කාලය නිරපරාදේ විනාශ කර ගැනීමට වඩා දිරිමත්ව විභව ශක්තිය පරිපූර්ණ කරගැනීම ජීවිතයේ ජය ගැනීමකි.
පෙර භවයේදී කරන ලද පින් පව්වල තොරතුරු ඇතුළත් වන සංසාරගත ප්‍රගති වාර්තාව ජන්ම කේන්දරයෙන් හෙළිවේ. කුසලා කුසලයන්හි ශේෂ පත්‍රයක් ලෙස සැලකිය හැකි ජන්ම පත්‍රය තුළ හැසිරෙන ග්‍රහ තාරකාවන්ගෙන් අපට වන වැඩ අවැඩ තුලනාත්මකව සමබරව ගෙන ක්‍රියා කිරීමෙන් පමණක් මනස සන්සුන් කර ගැනීමටද හැකිවන්නේය.
අප මුලින් කිව් පරිදි කලාත්මක භාවනාවකට සිත යොමුකර සංවේදී සිතකින් යුක්තව සෑම විටම ක්‍රියා කරන්නට යමෙකු පෙලඹෙන්නේ නම් ග්‍රහ අපල අවම කර ගැනීමද හැකිවන බැව් පැහැදිලි වන්නේය.