අපලයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් නවග්‍රහ බලපෑම ඇති කෙරේ. එයින් ග්‍රහ අපල ලෙස ගත් කළ සෙනසුරු ඒරාෂ්ටක, චන්ද්‍ර ඒරාෂ්ටක, උපතෙහිදී බල රහිත දශා කාල ලෙස නීච, මුණ්ඩ, සතුරු ලෙසද දෙවැන්නාධිපති, හය වැන්නාධිපති, අට වැන්නාධිපති, ෙදාළොස් වැන්නාධිපතියන්ගේ දශා කාලයක් උදාවීමද අපල ඇති වීමට හේතු කාරකවේ.ච
අපලයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් නවග්‍රහ බලපෑම ඇති කෙරේ. එයින් ග්‍රහ අපල ලෙස ගත් කළ සෙනසුරු ඒරාෂ්ටක, චන්ද්‍ර ඒරාෂ්ටක, උපතෙහිදී බල රහිත දශා කාල ලෙස නීච, මුණ්ඩ, සතුරු ලෙසද දෙවැන්නාධිපති, හය වැන්නාධිපති, අට වැන්නාධිපති, ෙදාළොස් වැන්නාධිපතියන්ගේ දශා කාලයක් උදාවීමද අපල ඇති වීමට හේතු කාරකවේ.ච
අපල ඇතිවූ කාලයෙහිදී අසුබ ග්‍රහ දෘෂ්ටි ලැබ අසුබ වූ කිරණ ලැබෙන හෙයින් තුන්‍ෙදාස් කිපීමද, යක්‍ෂ, භූත, ප්‍රේත, පිශාච ආදී වූ බලවේග අප කරා යොමු වීමද සිදුවේ. එසේම දේවාකර්ෂණ හීන වී යයි.
අසුබ කිරණ ලැබ අසුබ බලවේග යොමුවන විට මානසික බිඳ වැටීම්, කාර්ය ප්‍රමාද වීම, අතපසුවීම්, හදිසි අනතුරු, රෝගා බාධාවලට ලක්වීම්, අස්ථි බිඳීම්, ධන හානි, අසමඟිකම්, ඥාතීන් දරුවන් ආදීන්ගේ කරදර, වියෝවීම් ආදී නොයෙක් කරදර කම්කටොලු ගලා එන්නා වූ කාල පරිච්ඡේද ඇති කෙරේ.
එනිසා ඉන් මිදීමට පැරැන්නන් නොයෙක් ශාන්ති කර්ම කළ බවට අදටද සාධක තිබේ. මේ ලෙස බලන කල ඔවුන් තඹ පත්තිරු තල් පත්හි යන්ත්‍ර ඇඳ ජීවම් කොට පලදා ඇත.
එසේම නව ග්‍රහ මුදු පැලඳුවද එයද ජීවමකට ලක්කර තිබේ. කෙසේ වෙතත් නවග්‍රහ මුදුවකට හෝ වෙනත් ශාන්ති කර්මයකට කළ නොහැකි විශාල වූ බලයක් පලඳින්නා වූ යන්ත්‍ර තුළ ගැබ් කළ හැකිය. එයින් අසුබ කිරණ ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීමේ බලය ඇත්තේ අදාළ වූ යන්ත්‍ර තුළ පමණි. එය ශරීරාරක්‍ෂක පටයක් සේ ක්‍රියාකෙරේ.
අපල සඳහා වූ යන්ත්‍රවලට ඊට සාධාරණ වූ ක්‍රමවේදයක් එහි අන්තර්ගත කොට ඇත. යම් රෝගයකට ගන්නා වූ ඔෟෂධ තවත් රෝගයකට නොගැළපෙනවා සේ අපලයට නියමිත යන්ත්‍ර පැලඳීම අනිවාර්යය වේ.
එසේම යන්ත්‍රය පැලඳීමට ප්‍රථම දෙහි කපා ෙදාස් දුරලීමද කළ යුතුය.
මෙලෙස ගත් කළ යන්ත්‍රවල අඩංගු මන්ත්‍ර තුළ ඇත්තේ ඉන්ද්‍රියන් ප්‍රාණ කිරීම, යක්‍ෂ, භූත, ප්‍රේත පිශාච බලපෑම දුරලා යම් බල ශක්තියක් එහි ගැබ් කිරීමයි. එයින් සුබවාදී ශක්තීන් ආකර්ෂණය වී ශාන්තියක් උදාවේ. ග්‍රහබල හීන වූ කළ අමනුෂ්‍ය දෝෂ ළඟා වන බව සක් සුදක්සේ පැහැදිලිය. පහත දැක්වෙනුයේ ඒ ඒ අපල සඳහා පලඳින්නා වූ යන්ත්‍ර පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි.
රවිගේ අපලයට
ආඝෝරය හෝ සූර්ය මණ්ඩලය.
සඳුගේ අපලයට
චන්ද්‍ර මණ්ඩලය
කුජගේ අපලයට
කන්ද කුමාර යන්ත්‍ර
බුධගේ අපලයට
විෂ්ණු මණ්ඩලය
ගුරුගේ අපලයට
නාරසිංහ
කිවිගේ අපලයට
සිදම්බරය
ශනිගේ අපලයට
මෘත්‍යුංජය
රාහුගේ අපලයට
සිද්ධ නාගර්ජුනය
කේතුගේ අපලයට
නාග මාලයද
සියලුම අපල සඳහා නවනාථයද, සියලු රෝග සඳහා නව කුංඨරාජයද පලඳයි.