කේන්ද්‍ර දෙකේම යෙදුණොත් භංග වන විවාහ දෝෂ



පොරොන්දම් ගැලපීමේදී සලකනු ලබන විවාහ දෝෂ කිහිපයල් ගැන ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ගැනයි මේ ලිපිය.

අඟහරු දෝෂය
ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ (අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි.

ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය. (එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ)

නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි. කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ.



ශනි මංගල දෝෂය
මංගල යනු කුජ (අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.

ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන් (ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.

කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ.



කඩහංදි මාරක දෝෂ
ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහයේ මුල් වසර දෙක තුළ ශනි,කුජ,රාහු වැනි තද පාප ග්‍රහයකුගේ (දෛනාටම එකම ග්‍රහයා) මහ දශාවන් තිබීම.

විෂ කන්‍යා දෝෂ
ස්ත්‍රී කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂ ඇති විට පුරුෂයාට අගුණයි.
දිනය,තිථිය,නැකත අනුවත් ලග්නය හා ග්‍රහ පිහිටීම අනුවත් විෂ කන්‍යා දෝෂ යෙදෙන අයුරු පහත දැක්වේ.
දිනය තිථිය නැකත
ඉරිදා 12 කැති,අස්ලිස,විසා,සියාවස
ඉරිදා 02 අස්ලිස,සියාවස
අගහරුවාදා 02,12 සියාවස
අගහරුවාදා 07 විසා,සියාවස
සෙනසුරාදා 02 අස්ලිස
සෙනසුරාදා 07 කැති
මීට අමතරව
* මේෂ ලග්නයෙන් ඉපිද ශනි 1, කුජ කේතු 6 සිටින විට හෝ කුජ 1, රවි රාහු 6 සිටින විට හෝ රාහු1, කුජ ශනි 6 සිටින විටද
* සිංහ ලග්නයෙන් ඉපිද ශනි 1, රවි කේතු 6 සිටින විටද කුජ රාහු 1, රවි ශනි 10 සිටින විටද
* ලග්නය කුමක් වුවත් ශනි 1, රවි 5, කුජ 9 සිටින විටද විෂ කන්‍යා යෝගය යෙදේ
Previous
Next Post »