දෝෂ නැති ගෙයක් සෑදීමට පෙර දෝෂ නැති ඉඩමක්



ශ්‍රී යා කාන්තාව වඩින නිවෙසක් ඉදිකිරීමේ සුබ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය සුවිශේෂී වාස්තු විද්‍යාත්මක කරුණු ටිකක් ඔබ සැමට පැහැදිලි කර දීම මෙම ලිපියේ අරමුණ වෙයි. පළමුවෙන් ඔබ ඉඩමක් මිලදී ගත යුතුය.


අද බොහෝ දෙනකුට මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසාම පදිංචියට සුදුසු නැති තැන්වල ඉඩම් මිලදීගෙන අමාරුවේ වැටෙන අවස්ථා අනන්තවත් ඇත. ඉඩම් කැබැලි කර විකුණන ස්ථානයකට ගිය ගමන්ම විශාල අත්තිකාරම් මුදලක් දෙන්න යන්න එපා. ඔබ මිලදී ගැනීමට යන්නේ ඉඩම් කැබැලි කර විකුණන සමාගමකින් නම් ඔවුන්ගෙන් ඉඩමේ විස්තර ඇතුළත් අත්පත්‍රිකාවක් ලබා ගත හැකිය. ඔබ හොඳට මෙම අත්පත්‍රිකාව පරීක්ෂා කර බලන්න. මේ කිසිදු එකක ඉඩමේ උතුර දක්වන සටහන යොදා නොමැත.


එය කපටිකමකි. උතුර කුමන පැත්තටද ඇත්තේ කියා ඇසුවාම ඔවුන් උඩබිම බලයි. ඔබ මින්පසු කිසි දිනක හිස් අතින් ඉඩම් බැලීමට නොයන්න. මාලිමාවක් මිලදී ගන්න. මාලිමාව පිළිබඳ පළමුව ඉගෙන ගන්න. මෙම ලිපියේ සඳහන් කර ඇති උපදෙස් හොඳට පිළිපදින්න. ඉඩම සුබ නම් නිවෙසත් සුබ වෙයි. ඉඩමක් මිලදී ගැනීමේදී හොඳට පරීක්ෂා කර බැලිය යුතු නීත්‍යනුකූල ලියවිලි කීපයක් ඇති අතර ඉඩමක තිබිය යුතු හොඳ වාස්තු විද්‍යාත්මක ගුණාංගයන් කුමක්ද යන්න පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි.


නීත්‍යනුකූල ලියවිලි මෙන්ම
සැලකිලිමත් වියයුතු
සුවිශේෂී කරුණු
1. ඉඩමේ ඔප්පුව නිවැරැදිද, නිරවුල්ද?
2. ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් අවුරුදු 30ක්ම පමණ අෑතට ඔප්පු සාරාංශ පිටපත් පරීක්ෂා කිරීමෙන් ආරවුල් තිබේද යන්න සොයා ගත හැකිය.
3. මිනින්දෝරු සැලැසුම තිබේද? (ඉභපමඥර ර්ථීතචද)
4. මහ නගර සභා, නගර සභා ඇතුළු ප්‍රාදේශීය සභාවල නීතිරීතිවලට අනුගත වී ඇත්ද? ලබා ගත යුතු ලියවිලිවල නිරවද්‍යතාවද පරීක්ෂා කර බලන්න.
5. වීදි රේඛාවලට අයත් දුර ප්‍රමාණ නිවැරැදිද යන්න පරීක්ෂා කර බලන්න.


6. ඉදිරි කාලවලදී ඉඩමෙන් මහා මාර්ගවලට, අධිවේගී මාර්ගවල හෝ වෙනත් රක්ෂිතයන්ට (අඥඵඥපමචබඪධද) වෙන් කර තිබේද?
7. ජලය, විදුලිය, මහාමාර්ග පද්ධති පහසුකම් තිබේද? ජල සැපැයුමක් නොමැති නම් ළිං කැපීමට සුදුසු භූමියක්ද?
8. වැසි වතුර බැස යන කානු පද්ධතියක් තිබේද? ගංවතුර උවදුරුවලට බලපාන පහත් භූමිද?
9. දෙමංසල, තුන්මංසල, සිව්මංසල යන හන්දිවලට ඉඩම එක එල්ලේ මුහුණ දා තිබේද? (මෙවැනි ඉඩම් අසුබය)
10. ඉඩමේ හැඩය, බෑවුම, පස, ඉඩමට උතුරු දිශාව යෙදෙන්නේ ඉඩමේ කෙළවරකටද යන්න බලන්න. ඉඩම සුබ වනුයේ ඉඩමේ මැදට උතුරු දිශාව පතිත වේ නම්ය.
අඩුම වශයෙන් මේ ප්‍රශ්න 10ට නිවැරැදි පිළිතුරු 10 තිබිය යුතුය. මෙහි සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍යම කරුණු කිහිපයක් පමණය.


ඉඩමක් ගැනීමට ප්‍රථම
මාලිමාවක් මිලදී ගන්න
(1 සටහන)
මාලිමාවේ දිශා හඳුනාගන්න
මාලිමාවේ අංශක 360 පෙන්වනුයේ අංශක 45 බැගින් අයත්වන දිශා (8) අටය. තැඹිලි වර්ණයෙන් ඔබ දකින්නේ අංශක 45 වැටෙන එක දිශාවක්ය. ඉඩම මැදට ගොස් වම් අත උඩ මාලිමාව තබා රතු කටුව ව් අකුරට ව්ධපබඩ නැත්නම් උතුරට එන ලෙස කරකවා ගන්න. ඔබට දැන් දිශාව හඳුනා ගත හැකිය.


සමතලා භූමියක්, උතුරු
දිශාව ඉඩම මැදට විහිදී
ඇති සුබ භූමියකි
(3 සටහන)
උතුරු හා දකුණු දිශා ගත ඉඩම්
හා නැඟෙනහිර හා බටහිර
දිශා ගත ඉඩම් හඳුනාගන්න
(ඒ) උතුරු හා දකුණු දිශාගත ඉඩම - 3, 4, 10, 11, 12, 14
(ඕ) නැඟෙනහිර හා බටහිර දිශාගත ඉඩම - 1, 2, 15, 16, 9
(ඛ්) සමචතුරස්‍රාකාර ඉඩම - 18, 7
(4 සටහන)


ඒ, ඕ, හා ඛ් වලින් පෙන්වන ඉඩම් ඉතාමත් සුබය.
පොළොවේ ඇති
චුම්බක බලය හඳුනාගන්න
පොළොවේ ගන අවකාශයේ මෙම චුම්බක ක්‍ෂේත්‍ර බලය විහිදී ඇත. මෙම ශක්තිය පියවි ඇසට දැකිය නොහැකිය. එනමුත් පොළොවේ උතුරු දිශාවේ සිට දකුණු දිශාව දක්වා මෙය විහිදී ඇත. අපි වාස්තු විද්‍යානුකූලව උතුරු හා දකුණු දිශාගත ඉඩම් සුබ ලෙස හඳුන්වනුයේ මූලිකවම මෙම බලය හා ශක්තිය එහි නියම ආකාරයට විහිදී ඇති නිසාය. ඉඩමේ මැදට උතුරු දිශාව අයත් වේ නම් නිරන්තරයෙන්ම ඉතිරි ප්‍රධාන දිශා 3 වන, නැඟෙනහිර, දකුණ හා බටහිර හරියට පිහිටනු ඇත. ඉඩමේ මුල්ලකට උතුරු දිශාව කැරකී ඇති නම් එම ඉඩම අපි හඳුන්වනුයේ අනු දිශා ගත ඉඩමක් (ච්ඪචඨධදචත ර්ථීතධබ) ලෙසය. මෙම ඉඩමේ නිවෙසක් ඉදිකරන විට ප්‍රධාන ‍ෙදාර දැමීමේදී ප්‍රශ්න ඇතිවෙයි. අනු දිශා ගත ඉඩම් අංශක 15 ට වඩා හැරී ඇත්නම් මිලදී නොගන්න.


විශ්ව ශක්ති අවුල් කරන
අනුදිශා ඉඩම
අනු දිශාගත ඉඩම


(ච්ධ්ඒට්ර්ණීව්ඒඹ් ර්ථීඹ්ර්ණීඊ)
(6 සටහන)
විශ්ව ශක්තිය ඔබගේ නිවෙසට කාන්දු කර ගැනීමට නැත්නම් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම් කිසිවිටෙක මෙවැනි අනු දිශාගත ඉඩමක් මිලදී නොගන්න. ප්‍රධාන දිශා 4ට ඉඩමේ කොන් 4ට කැරකී ගොස් ඇත. මෙම කැරකී විහිදීම අංශක 45 සිදුවී ඇත. ඉඩම හතරැස් වුණාට දිශා මේ ආකාරයට අනුගත වුවහොත් ඉඩම සුබ නොවේ. බොහෝ අය ඍජුකෝණාස්‍ර හා හතරැස් ඉඩම් දැක්ක ගමන්ම මිලදී ගනී. මිලදී ගැනීමට ප්‍රථම මෙම කරුණු ගැන සිතා බලන්න. මෙහි පෙන්වා ඇති අංක 1 හා 2 සටහන් නොමැතිව පරීක්ෂා කර වෙනස හඳුනාගන්න.


විශ්ව ශක්තිය සහ භූමිය
ලෝකයේ සෑම දෙයක්ම නිර්මිත වී ඇත්තේ පංච මහා භූත යන මූලිකාංග මතය. ආපෝ (ජලය), තේජෝ (ගින්දර), වායෝ (වායුව), පඨවි (පොළොව) සහ ආකාශ (අවකාශය) ජලයට අධිපතිත්වය දරනුයේ උතුර, ඊසාන හා නැඟෙනහිරය. ගින්දරට අධිපතිත්වය දරනුයේ ගිනිකොනය. පොළොවට අධිපතිත්වය නිරිතය. වායුවට වයඹය, මැද ඇත්තේ අහස නැත්නම් අවකාශය. ඔබ මිලදී ගන්නා ඉඩමේ මෙම මූලිකාංගයන් පිහිටා ඇත.


ගෘහමූලිකයාගේ ශක්තිය සහ
වාස්තු පුරුෂ සංකල්පය
(8 සටහන)
මීට පෙර ලිපිවලදී වාස්තු පුරුෂයා යනු හුදෙක්ම සංකල්පයක් පමණක්ම නොවන බව සඳහන් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. මෙම සංකල්පයේ සැඟවී ඇත්තේ ගෘහමූලිකයාගේ සෙවණැල්ල බව අමතක නොකරන්න. ඔබ මිලදී ගන්නා ඉඩම එල් (ඹ්) හැඩැති, ත්‍රිකෝණ හැඩැති, විපාද සහිත, දණ්ඩක් වගේ දිග ඇති ඒවා නොවිය යුතුය. ඍජු කෝණාස්‍රාකාර හෝ සමචතුරස්‍රාකාර ඉඩම් සුබ වෙයි. එසේ නොවන ඉඩමක් මිලදී ගත්තත් උතුර හරියට මැදට තිබේ නම් එම ඉඩම නිවැරැදි කර ගත හැකිය.


ඔබ හඳුනා ගත යුතුම විශ්ව ශක්තිය
වනුයේ නවග්‍රහයන්ගේ පිහිටීමය
(9 සටහන)
ඔබගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් කරනුයේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින නවග්‍රහයන්ය. මෙම නවග්‍රහයන් ටික නිවෙසටද ඔවුන්ගේ අධිපතිත්වය විහිදවන්නේ ඉහත සඳහන් දිශා ඔස්සේය. මේ අනුව දෙවි දේවතාවරුන්ගේ ශක්තියද මෙම දිශා ඔස්සේ විහිද යනු ඇත.
මෙම ලිපියේ සඳහන් කරුණු සියල්ල ඔබ හොඳට අධ්‍යයනය කළහොත් වාස්තු ශාස්ත්‍රයට අනුව ඉඩමක් මිලදී ගැනීම එතරම් අපහසු නොවනු ඇත. යම් දැනුමක් නොමැතිව ඉඩම් ගැනීමට ගොස් තැරැව්කාරයන්ගේ බොරු බේගල්වලට හසු නොවෙයි. වාසනාවන්ත ඉඩමක් මිලදී ගැනීමට මෙම ලිපිය අත්වැලක් වනු ඇතැයි සිතමි.
Previous
Next Post »