පුරාණ බුද්ධ මන්ත්‍ර

පුරාණයෙහි විසූ අප අත්දුටු බුද්ධ මන්ත්‍ර භාවිතා කර මහ ජනතාවට සෙත සාදන ලදී. පිය උරුමයෙන් පුතා ඉගෙන ගෙන බුද්ධ මන්ත්‍ර රැකගෙන එන ලදී. හිසරදය, යක්‌ෂ දොaෂ, නිවාස ආරක්‍ෂා, ලෙඩ සුව කිරීම භූත දොaෂ හරණය සඳහා ඇදුරන් බුද්ධ මන්ත්‍ර පාවිච්චි කරන ලදී. ධජග්යෙන් අමනුෂ්‍ය භය තුරන් කළහ. මහා බුද්ධ මාලාව අමනුෂ්‍ය භය දුරු කරන ලදී. තුන් සූත්‍රයෙන් සැමට සෙත ඉතිපිසෝ ගාථාව සබ්බ පාපස්‌ස ගාථාව, ජල නන්දන සංසාර සාරෝහ වැනි ගාථා විශාල සංඛ්‍යාවක්‌ ඇත.

1. රතන සූත්‍රයෙහි යානීධ භූතානි ගාථාව ඉතා පිරිසිදුවට සුබ දිනක සුබ හෝරාවකින් මරුට පිටුපා සුදුවත් හැඳ පිළිම ගෙයකදී 108 වරක්‌ බෝ පත්‍රයකට පිරිත් කර ඉන බැඳ ගමන් යන්න සුබ ගමන්.

මෙම ගාථාව කුල දෙවියන්ට විළඳ කිsරිබත් පූජා කර නොපෑගුණ තැනකින් වැලි ගෙන එකසිය අටවර මතුරා එයින්ම කිය කියා නිවසට වැලි ඉසින්න. භූත භය රෝග භය දුරුවේ.

මෙම ගාථාවෙන් සමන් පිච්ච මලට එකසිය අටවර මතුරා මුහුණ අතපය ඇඟ අතගෑම ශ්‍රියා වර්ධනයයි.

මෙම ගාථාව සඳුන් මතුරා ඉන තබාගෙන යන්න සියලු භය දුරුවේ. සර්ප දෂ්ටයේදී තෙල් මතුරා ගානු විස බසී.

ගාථාව එකසිය අට වර හාල් ගැරූ තැනින් ගල් 4 ක්‌ ගෙන එක ගල් කැටයට නවවර මතුරා පිරිත් කර නිවසේ අට කොණ වළ ලණු. සර්ව ආරක්‍ෂාවයි.

ගාථාවෙන් මීතෙල්වලට එකසිය අටවර මතුරා ඇඟ ගාන්න. භූත දොaෂ යක්‍ෂ දොaෂ දුරුවී ආරක්‍ෂාව ලැබේ.

රත් ගෝරෝචන හෝ හඳුන් එකසිය අට වර මතුරා චෛත්‍යයෙහි පඤ්�ංගුලී දානය දෙනු හොඳයි.

බුලතට දකුණත තබා මෙම ගාථාවෙන් මතුරා බුදුන්ට මල් පහන් පුදා කුලදෙවියන්ට පහන් තබා ගමන් අරඹන්න. බුලත රැගෙන යන්න. සියල්ල ඉටුවේ.

මෙම ගාථාවෙන් වීවලට තල මුං මෑ වලට මතුරා වපුරන්න. කුරුල්ලෝ නොකත්, මැසි කෘමි උවදුරු නැත. යහපත්වේ.

මෙම ගාථාව එකසිය අට වර පැන් මතුරා ප්‍රසව නොවන කාන්තාවන්ට පොවනු ප්‍රසව වේ. කිළිමාලයට හත් මතුරා දෙන්න. පස්‌තෙල් මතුරා පහන් දල්වන්න ආරක්‍ෂාව සැලසේ.

මෙම ගාථාවෙන් සමන් මලට මතුරා හිස පැළඳයනු කවුරුන් විසලාවේ. රජුන් ජනාධිපති මැති ඇමැතිවරු දැකීමට යැමේදී රන් තැඹිලි තෙලට සුදු සඳුන් තෙලට මතුරා හිස ගල්වා යන්න. සියලු කාර්ය සඵලවේ.

ගාථාව පිරිත් කර වී ඉසින්න ගාථාව කිය කියා වී ඉසින්න. ගොවිතැන් සරුවේ. ධාන්‍ය අස්‌වනු බෝවේ. ජලයට පිරිත් කර කුඩා දරුවන් නහවන්න දරුවන් පැහැපත් වේ. නිරෝගි වේ.

මෙම ගාථාවෙන් තෙල් මතුරා හිස ගා යනු, සියලු කටයුතු සාර්ථක වේ.

මෙම ගාථාවෙන් බෝවෙන රෝගවලට නූල් මතුරා බඳිනු සුබයි. යකුන්ටත් නූල් බඳින්න සුබයි.

බත් පිඬු හතක්‌ ගෙන එකසිය අටවර ජීවම් කර වෙන වෙනම වරා කොළ හතට තබන්න. සතුරු බිය දුරුවේ. (පංචවර්ණ බත්) එකසිය අටවර මතුරා පැන් ඉසින්න ධාන්‍ය ආරක්‍ෂාවයි. ඔබත් ඉතා පිරිසිදුව සිට සුදුවතින් සැරසී පස්‌පවින් වැළකී කර බලන්න.

Previous
Next Post »