ශනි රවී සුසංයෝග ග්‍රහ මාරුව ඔබේ ලග්නයට



ලංකා කේන්දරයේ ලග්නාධිපති ශනි සහ හත අධුපති රවී කර්මස්තානයේද, සිකුරු සඳු සමග නවයේද කුජ, රාහු දහවන්නේද සිටීම තුල ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කල හැක. මෙම පිහිටීම මේෂ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්න හිමියන්ගේ සිතුම් පැතුම් ඉටුකර වාසනාව උදා කරන්නටද හේතු වේ.

මේ දිනවල ලංකා කේන්දරයේ ලග්නාධිපති ශනි, 7 අධිපති රවී සමග කර්මස්ථානයේ ද යෝගකාරක සිකුරු නවයේ ස්වක්ෂේත්‍රව සඳු සමගද සිටින අතර බුධ අයස්තානයේද, කුජ රාහු දහවැන්නේද ගෝචරය වේ. මෙම පිහිටීම් තුල විදේශයන් සමග සාමකාමී සහයෝගයකින් යුක්තව කටයුතු කිරීමට හැකිවන අතරම ඒ තුලින් කිසියම් මට්ටමක ව්‍යාපාරික දියුණුවක් ලැබිය හැක. විශේෂයෙන්ම ක්ෂේත්‍ර සහ සංචාරක ක්ෂේත්‍රයන් තුල කිසියම් සාතක මට්ටමේ සැලසුම් කිහිපයකට මංපෑදීමේ අවස්තාවන් ඇති කරයි. රැකියා උත්පාදන කිරීමේ සැලසුම් කිහිපයක්ද ක්‍රියාත්මක කල හැකි වේ. එසේම ආගමික සහ නීතිමය අංශයන් තුල ප්‍රගතියක්ද නඩු ප්‍රමාදවීම් උදෙසා යම් යම් පියවරවල් ගැනිමකටද ඉඩ පවතී. කෙසේ වුවත් රවී-ශනිගේ ගෝචරය තුල ආණ්ඩුවේ කටයුතු අරභයා විරුද්ධවාදීන් අතර තරමක උද්ඝෝෂණ ස්වරුපයක් මතු වේ. පාර්ලිමේන්තුවේද වාද විවාද වලද එකී තත්ත්වයන් උදා කරයි. එසේම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පවත්නා ප්‍රතිපත්ති තුල වාද භේද ඇතිවීම, සිසුන්ගේ උද්ඝෝෂණ ඇතිවීම යනාදී කරුණු කාරණාද වර්ධයනය වේ. දේශගුණික වශයෙන්ද යම් යම් ප්‍රදේශ අරභයා වැසි වර්ෂා වැඩිවීම, පස්කඳු කඩා වැටීම්, නායයාම් මෙන්ම මාර්ග අනතුරු පිඩාදියට ඉඩ පවතින බවටද පෙනී යයි.

එසේම මේ දිනවල කැටරිනා නමින් ධුමකේතුවක් හෙවත් වල්ගාතරුවක් දිස්වීම තුල මැදපෙරදිග සහ බටහිර යුරෝපිය තත්ත්වයන් තුල මහත් නොසන්සුන් ගති, කැළඹිලි, වසංගත රෝග, සාගත සහ භුමි චලන ආදියට මෙන්ම රාජ්‍ය නායකයන්ටද අහිතකර තත්වයක් උදා කිරීමේ ඉඩක්ද පවතී.

ලග්න වශයෙන් සැලකීමේදී මේෂ, සිංහ, තුලා, මකර, කුම්භ යන ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉටුවන අතර කිසියම් මට්ටමක දියුණුවක්, අභිවෘද්ධියක් ද ඇති කරයි. අන්‍ය ලග්නයන්ට මධ්‍යස්ත ප්‍රතිඵල උදා කරනු ඇත. ඒ ඒ ලග්නවලට බලපාන අන්දම පහත දැක්වේ.

මේෂ


වැඩකටයුතු කිහිපයක් සාර්ථක ලෙස සිදු වේ. වාහන කටයුතු සම්බන්ධයෙන් ශ=භදායක වුවත් කුජ රාහුගේ පිහිටීම තුල ගමන් බිමන්වලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. නොයෙක් කටයුතුවලින් ලාභ ලබයි. දියුණුවට අදාළ මාර්ග කිහිපයක් සකස් කර ගනී.

වෘෂභ


හවුල් කටයුතුවලදී දෝෂාරෝපණයට අසුවිය හැකි බැවින් වැඩකටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය විය යුතුයි. විරුද්ධ තරඟකරුවන්ගෙන් තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ඇති කල හැකි නිසා විමසිලිමත්වද බුද්ධිමත්වද ක්‍රියා කල යුතුයි.

මිථුන


ශරීර සැප පහසුවත් ඇති වේ. එහෙත් විටෙක තද ලෙස කේන්ති යන ගති ඇති කරයි. ඉවසිමෙන්ද බුද්ධිමත්වද තම කටයුතුවල නියුක්ත විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුල ආදායම් මාර්ග වර්ධනය කර ගනී.

කටක


අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. නොඑසේ නම් අපහසුතාවයන්ට ඉඩ මතුකළ හැකි බැවිනි. මිලමුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී නොවුනහොත් ණයතුරුස්මේ ඉඩ පවතින බව කිව යුතුයි.

සිංහ


ආදායම් ලැබුනද වියදම් ඉහල යයි. වචන පාවිච්චියේදී තරමක් කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී සුළු සුළු බාධා ප්‍රමාදතා ඉස්මතු වුවද ස්වකිය උත්සාහය සහ කැපවීම තුලින් සාර්ථක ප්‍රතිඵලයක් ද උදා කරනු ඇත.

කන්‍යා


ලග්නයේම රාහු කුජ ගමන් කිරීම ගුරු 12 බුධ 4 ගමන ද සැලකීමේදී විදේශගතවීම්, විදේශීය සම්බන්ධතා මත කරන කටයුතුද යහපත් වේ. එසේ වුවත් විටින් විට තමාගේ කරගෙන යාමේදී තද ලෙස බාධා අවහිරතාවන්ට මුහුණදීමට සිදුවිය හැක.

තුලා


අලූත් හිතමිත්‍රයන් සමග කටයුතු කිරීමේ ඉඩක්ද පවතී. යහපත් සත්පුරුෂයන් ආශ්‍රයට ලැබේ. තමාගේ කටයුතු උදෙසා අන්‍යයන්ගේ සහයෝගය උදා කරනු ඇත. ආදායම් ලැබුණද වියදම් අධිකයි. ගමන්බිමන් වලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි.

වෘශ්වික


වෘත්තීය සහ රැකියා කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුල තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගනු ඇත. ආදායම් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුලින් ලාභ ප්‍රයෝජන උදා කරගත හැක.

ධනු


බලාපොරොත්තු කිහිපයක් යම් යම් බාධා මධ්‍යයේ වුවද උදාකරගනු ඇත. කෙසේ වුවත් පහසුවෙන් බේරුම්කරගැනීමට තිබු දේවල් දුරදිග යාමේ ඉඩ පවතී. ආදායම් ලැබුණද වියදම් අධිකයි.තමාගේ සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි.

මකර


ආදායම් තත්ත්වය යහපත් වේ. දියුණුවක් අභිවෘදියක් ලබයි. සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුලින් ආදායම් මාර්ග වර්ධනය කර ගනී. ගෙදරදොර ප්‍රතිසංස්කරණයන්ට ඉඩ සැලසේ. ගමන් බිමන් අධික වේ.

කුම්භ


වෘත්තීය සහ ආර්ථික වශයෙන් ශ=භාදායකයි. අලූත් සැලසුම් කිහිපයක් ඔස්සේ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක. අන්‍යන්ගේ සහයෝගය උපකාරය තමාට ලැබේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. බලාපොරොත්තු කිහිපයක් ඉටු වේ.

මීන


සුළු දේ ලොකුවට පෙන්වීමෙන් අමාරුවේ වැටීමේ ඉඩක් පෙන්වන නිසා උසස් නිලධාරින් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. ආදායම් ලැබුනද වියදම් අධිකයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. 
Previous
Next Post »