ලහරි වැඩේ නොවැ මල්ලියේ. තවම පොඩි දුවට කටයුත්තක් හරි ගියෙ නෑ නොවැල
අනුල අක්ක මුහුණ නරක් කරගෙන කීවේ මෙවර බැලූ පොරොන්දමත් ගැලපෙන්නේ නැති බව මා විිසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇති වූ කලකිරීම සහිතවය. අනුලක්කා ප්‍රසිද්ධ රජයේ ආයතනයක සේවයෙන් විශ්‍රාම ලබා සිටින්නීය. ඇයගේ දුව වයස තිස් දෙකට ආසන්න වූ උපාධිධාරිනියක වුවද තවමත් අවිවාහකය. රජයේ ආයතනයකම සේවය කරයි.
ලබලන්ඩකෝ ඉගෙනීමෙන් අඩුවක්ද? රූපෙ අවලස්සනද? මොනව වෙලාද මන්ද?ල
අනුලක්කා තවදුරටත් තම අසහනය වචනවලට පෙරළමින් සිටී. මම උදව්වක් දීම මැනවයි සිතුවෙමි.
ලඅර ඉස්සරහ බුක් ෂොප් එකේ අයිතිකාර මහත්තය ඉන්නව නේද?ල
ලඔව්. ඔව්. සේනාරත්න නේ.ල
ලඅන්න එයා දියුණවෙන කෙනෙක්. දැනටමත් ගෙවල් දොරවල් හදල වාහන එහෙමත් තියෙනවා. උපාධිය තිබුණට රස්සාවලට ගිහිල්ල නෑ. තමන්ගෙම ව්‍යාපාරයක් කරන්න කැමැති නිසා.ල
මම කවදාවත් නොකරන මඟුල් කපුකමක් උදෙසා මෙසේ කීවේ අනුලක්කාගේ නෑදෑකමත්, සේනාරත්නගේ හිතවත්කමත් නිසාය. නැතුව ගතමනාවක් කඩා ගැනීමට නොවේ.
ලහැබැයි ඉතිං පොරොන්දම් එහෙම බලන්න ඕන. අක්ක කැමතිනම් මං අහල බලන්නංල මම කීවෙමි. අනුලක්කාගේ මුහුණ හැකිලුනාය. එකවරම කලබල උනාය.
ලඅපෝ මල්ලියෙ. බිස්නස්කාරයෙක්නේ.ල
ලඉතිං මොකද?ල
ලඅනේ මල්ලියේ අපි හොයන්නෙ පැන්ෂන් එකක් ගන්න පුළුවන් රජයේ රස්සාවක් තියෙන කෙනෙක්. ඔය බිස්නස්කාරයො කවද වැටෙයිද දන්නෙ නෑනේ. ස්ථාවරයක් නෑ.ල
එතකොට ආරක්ෂක අංශෙ
ඒ මිනිස්සුන්ටත් දුව කැමැති නෑ. ආමි එකේ පොලිසියේ අය නං එපා කියන්නෙ. ඒ මිනිස්සු විශ්වාස නෑ. ඇත්තටම මං වුණත් හිතන්නෙ එහෙමයි.
අනුලක්කාගේ දුව රූපිකා නම් වුවද දැන් ඇය වයස 32 ත් පසුකර වියපත් වෙමින් සිටින කාන්තාවකි. ඇයගේ කේන්ද්‍රය අනුව ද විවාහ ප්‍රමාද පෙන්වයි. දැන් ඇයට සෙවියයුතු මනමාලයා ද වයස 32 ට වැඩි කෙනකු විය යුතුය. වයස 32 වන විට තරුණයින්ගෙන් වැඩි දෙනකු විවාහ වී සිටී. ඒ ප්‍රමාණය සියයට හැත්තෑපහක්වත් වනු ඇත. ඉතිරි වන්නේ සියයට විසිපහකි. එයින්ද රූපිකාගේ උපාධියට ගැලපෙන කෙනකු අවශ්‍ය බැවින් තවත් සියයට දහයක්වත් ඉවත් වේ. ඉතිරි සියයට පහළවෙන් ද බිස්නස්කාරයෝද, ආරක්ෂක අංශවල ඇත්තෝ ද ඉවත් කළ යුතු බව ඔවුන්ගේ මතයයි. ඉන් පසුව වඩා දුර අයද, ගමේ අහලපහල අය ද දුප්පත් අය ද ඉතා ධනවත් අය ද කුලබේද ජාතිභේද අනුවද ඉවත් කළ විට අංක ගණිතය අනුව මේ ප්රශ්නය විසඳා ගැනීම දුර්ලභ බව පෙනෙන බැවින් මම නිහඬ වුණෙමි. අනුලක්කා ආපසු ගියාය.
තවත් මාස ගණනකට පසුව මා හමුවට ආවේ ඇයගේ සැමියාය. ඔහු පැමිණ සිටියේ අනුලක්කා අසනීපව පසුවන බැවින් කේන්ද්‍රය බලවා ගන්නටය. සැබවින්ම ඇය බරපතල අපලයක් පසු කරමින් සිටියාය.
ලදැන් කොහොමද රූපිකා දුව බැන්දද?ල මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.
ලඅනේ් නෑ.. තවම ඒකත් හරි ගියේ නෑ නොවැල
රූපිකාගේ විවාහ ප්රශ්නය විසඳාගත නොහැකිවම පිළිකා රෝගයකින් පෙළුනු අනුලක්කා මියපරලොව ගියාය. අවමංගල උත්සවයටත්, තුන් මාසයේ දානයටත් සහභාගි වූ පසුව මේ කතාව මතක තබා ගැනීමට මට වුවමනාවක් තිබුණේ ද නැත. වරෙක අනුලක්කාගේ සැමියා හමු වී මට කීවේ මෙවැනි කතාවකි.
ලදුව අපට ගැලපෙන්නැති කසාදයක් කරගත්තා. ඒ මිනිහ කලින් කසාද බැඳල ගෑනි මැරිච්ච ගමේම මිනිහෙක්. වයසත් අවුරුදු පහළොවක් විතර වැඩියි. ළමයෙකුක් ඉන්නවා. මොනව කරන්නද?
රූපිකාගේ ප්රශ්නය විසඳී ඇත්තේ අභාග්‍ය සම්පන්න ලෙසටය. විවාහ ප්‍රමාදයට හේතු කේන්ද්‍රවල ඇති අතර ඒවාට පිළියම් ද තිබේ. එහෙත් මේ මිනිසුන් වර්ග කිරීම හා මිනිසුන් පිළිබඳව දරන මිථ්‍යා විශ්වාස නිසා ඇතිවන විවාහ ප්‍රමාදයන්ට වගකිවයුත්තේ විවාහාපේක්ෂිත තරුණ තරුණියන් හා ඔවුන්ගේ මවුපියන් බව නොකියාම බැරිය.
ආරක්ෂක අංශයක සේවය කරන තරුණියන් එම අංශවලම තරුණයන් ගැන කැමැත්තක් නැත. වෛද්‍ය අංශයේ හෙදියක් වෛද්‍යවරුන් නම් එපා කියයි. ගුරුවරියන් ද බොහෝ විට තම ක්ෂේත්රයේ ගුරුවරයකුට කැමැති නොවේ. සල්ලි බාගේ ඇති පවුලක ව්‍යාපාරික තරුණයෙකුගේ මවක් කියන්නේ ලඔය රස්සා කරන අය නම් ඕන නෑ. හැබැයි ගුරුවරියක් කමක් නෑල යනුවෙනි.
උඩරට පළාතක දරුවෙකුට විවාහ සහකරුවකු සොයන මවක් පහතරට අය ගැන මෙසේ කියනු ඇත.
අපෝ දන්නැද්ද ඔය පල්ලෙහා පළාත්වල ගෑනු. කට සැරයි. හරි දරුණු මිනිස්සුනේ.
එමෙන්ම තවත් ඉහළ තනතුරක් හෙබවූ මවක් මෙසේ කීවාය.
ලඅය්යෝ උඩරට මිනිහෙකුට නම් මම කවදාවත් දුව දෙන්නෙ නෑ. මහ නෝංජල් මිනිස්සුල
එසේ පැවසුවද මෙම දියණිය අවසානයේ විවාහ වුණේ උඩරට හෝ පහතරට කෙනකු සමඟ නොව පිටරටක සුද්දෙකු සමඟජ්බව දැන ගන්නට ලැබුණි.
අප ඉහත සඳහන් කළේ බාහිර කරුණු පිළිබඳව දරන මිථ්‍යා මත හේතුවෙන් විවාහ ප්‍රමාද කර ගන්නා අය පිළිබඳවය.
ජාතියේ පුනරුදයට දායක වූ බොහෝ විද්වතුන් නායකයන්, ස්වාමීන්වහන්සේලා පහතරටින් බිහි වී තිබේ. ජාතික වීරවරයන් අවසානය දක්වා ජාතිය ආරක්ෂා කළ වීරයන් හා බුද්ධිමතුන් උඩරට ද සිටී. ආරක්ෂක අංශය ද එසේය. මා දන්නා එක්තරා යුද හමුදා මේජර්වරුන් දෙදෙනෙකු හරියටම පංචශීලය ආරක්ෂා කිරීමට කැප වී සිටින අතර, දිනපතා නින්දට යන්නේ තුන් සූත්‍රය සඡ්ඣායනා කළ පසුවය. යුද හමුදාව, පොලිසිය ආදී ආරක්ෂක අංශවල සැබෑ ආගමික චරිත බොහෝය. මා සිල් සමාදන් වන පිරිසේ කැපී පෙනෙන චරිතය තරුණ වෛද්‍යවරයෙකි. ධර්මය අනුගමනය කරන වෛද්‍යවරුන් බොහෝ ය. මා හිතවත් ධනවත් ව්‍යාපාරික මහතෙකු නිතර විහාරස්ථානවලට ද මිනිසුන්ට ද මුදලින් ආධාර කරයි. ලක්ෂ ගණනින් ආධාර කරන හේ කිසි දිනෙක තමන්ගේ නම ප්‍රචාරය කරවා ගත්තේ ද පෙරහැරේ ගමන් කළේ ද නැත. ආධාර දුන් බව දන්නේ හාමුදුරුවන් හෝ දායක සභාවේ ටික දෙනකු පමණි. ටියුෂන් ගුරු මුදලාලිලා මෙන්ම ගුරු දෙවිවරුන් ද සිටින බව රහසක් නොවේ.
මේ අනුව මිනිසුන් උඩරටද, පහතරටද, රජයේ රැකියාවක්ද, නැද්ද. ආරක්ෂක අංශද, වෛද්‍ය ද නැද්ද යන ඛෙදීම් අනුව වර්ග කළ හැකි නොවන්නේය. මේ හැම ක්ෂේත්රයකම සැබෑ මිනිසුන් මෙන්ම වංචනිකයන්, බේබද්දන්, කාමයේ වරදවා හැසිරෙන්නන් ද සිටී. මේ බව විවාහයට සහකාරයකු සොයන විවාහපේක්ෂිත යුවතිපතීන් මෙන්ම එම දෙමාපියෝ ද වටහා ගැනීම අවශ්‍ය වේ. නැතහොත් ඉහත රූපිකාටත්, අනුලක්කාටත් අත්වූ ඉරණම අන් අයටත් අත්වීමට ඉඩ ඇති බව වටහා ගත යුතු වේ.
කේනද්‍ර මගින් ද බාහිරව ද අවශ්‍ය දේ නොව අනවශ්‍ය හා වැරදි දේ සොයා බැලීම අවාසනාවකි. විවාහයට සහකරුවකු සොයන විට බැලිය යුත්තේ ඔහු හෝ ඇය කොතෙක් දුරට පරිණත ද යන්න වේ. එනම් සමාජය හා පරිසරයට ගැලපෙන සේ දිරිමත්ව ජීවත් වන්නට දන්නේද යන්නය. සමහර අය නිතර සමාජය සමඟ ගැටුම් ඇතිකර ගන්නා අතර සමාජය අනුමත නොකරන ක්‍රියාවල නිරත වෙති. මේ හැර අනාගතයේ ඇති විය හැකි ප්‍රශ්නවලට නොබියව මුහුණ දී දියුණුව ලැබීමට තරම් ඉලක්ක හා අරමුණු ඇති කෙනෙක්ද යන්න බැලිය යුතු වේ.
විවාහ ප්‍රමාදයට හේතු වන කලත්‍ර දෝෂ කේන්ද්‍රයේ තිබේ. කාල සර්ප යෝගය, හත්වැන්නේ කුජ වැනි පාප ග්‍රහයන්ගේ පීඩාවට ලක්වීම බරපතල ග්‍රහ අපල පවතින කාලයක් වීම ආදිය එම කරුණු වේ. මේ හැර ශනි මංගල යෝගය වැනි යෝග ද විවාහ බාධා ඇති කරයි. මේවා කර්ම විපාක වේ. මෙම දෝෂ ශාන්තිකර්ම මගින් සමනය කළ හැකි වුවද තමන් බලාපොරොත්තු වන
රැකියාවක යෙදෙන කෙනකුම සෙවීම ප්‍රායෝගික නොවේ.
තවද විවාහ සහකරුගේ නොවැදගත් බාහිර කරුණුවලට වඩා සෙවිය යුතු දේ තිබේ. අඩු ආයුෂ දක්වන යෝග තිබේද යන්න එයින් ප්‍රධාන වේ. ආයුෂ නැතිනම් සියල්ල නිෂ්ඵල වන බැවිනි. මේ හැර බහු විවාහ යෝග තිබේද යන්න ද විමසිය යුතු වේ. සමහරුන්ට විවාහ එකකට වැඩි ගණනක් කේන්ද්‍රය අනුව පෙන්වයි. වඩාත් ප්රමුඛ වන්නේ ශරීර ස්වභාවය හා පෙනුම බාහිරව ගැලපේද යන්නය. බැලූ බැල්මට ම ගැලපෙන යුවළක් යෑයි පෙනීම මෙයින් අදහස් වේ.
විවාහ ප්‍රමාදය වළක්වා ගත හැකි හා ඉක්මනින් විවාහය සිදුවන ආකාරයේ ශාන්තිකර්ම ඇතත්, ඉහත පරිදි මිනිසුන් වර්ග කර මිථ්‍යා දෘෂ්ටියකින් බලන කෙනකුට විවාහයන් සිදු කිරීමට ඇතිබාධාව තම තමන්ම වළක්වා ගත යුතු එකකි. විවාහයද කර්ම විපාකයක් බව පෙනේ. එය වළක්වන්නට තැත් කිරීම මුළාවක් බව අවසන් වශයෙන් පැවසිය යුතුව තිබේ.