නිරෝගී භාවය කියන්නේ කෙනෙකුට ඉතාම වටිනා දෙයක්. යම් කෙනෙකුට ජීවිතයේ වටිනාම සම්පත තමයි නිරෝගීකම. එය අප මහා බුදුරජාණන් වහන්සේත් "ආරෝග්‍යා පරමා ලාභා" යන උතුම් පාඨයෙන් දේශනා කර තිබෙනවා.
එයින්ම පෙනෙනවා නිරෝගී භාවය කොතරම් වැදගත් වනවාද කියා. නමුත් අප පූර්ව ආත්ම භාවයන්වල කරන ලද යම් යම් අකුසල කර්ම හේතු කොට ගෙන මේ ජීවිත කාලය තුළ විවිධ රෝගාබාධයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම ඔය කාරණය පිළිබදව තවදුරටත් අපි විමසා බැලුවොත් කෙනෙකුට වැළඳෙන රෝගාබාධ පිළිබඳව නිවැරදිව හා කල්තියා නිගමනය කළ හැකි ලොව ඇති එකම ශාස්ත්‍රය ජොHdතිෂ විද්‍යාව ලෙස අපට හඳුන්වා දෙන්න පුළුවන්. පෘතග්ජන මනුෂ්‍යයන් වන අප අතින් බොහෝ විට පෙර ආත්මයේ මෙන්ම මේ ජීවිත කාලයේදී පවා පිංවලට වඩා සිදුවෙන්නේ පව්ය. ඒ නිසා පින් අඩුවී පව් වැඩි වන නිසා නිරන්තරයෙන් අපල කාලය වැඩිවනු ඇත. එම නිසාවෙන් එවැනි අපල කාලයන් වලදී අපට විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට සිදු වේ.
ජන්ම පත්‍රයක නැතිනම් හඳහනකින් පුද්ගලයෙකුට වැළඳෙන රෝගාබාධ පිළිබදව නිවැරදිව පැවසිය හැකිය. දියවැඩියාව වැනි රෝග ජන්මියෙකුගේ කේන්ද්‍රයකින් එක එල්ලේ හඳුනා ගත හැකිය. මෙම රෝගය පැහැදිළිවම කල්තියා හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. එම කාරණා ඉක්මනින් හඳුනා ගැනීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද පහසුවකි. එය නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉතාමත් පහසුවක් වනවා ඇත. එමෙන්ම එය රෝගියාගේ ජීවිතයට නිසි සුරක්ෂිත තාවයක්ද වෙනවා. ඒ සඳහා කළ යුතු ප්රතිකර්මත් ජ්‍යෙdතිෂය තුළ නිර්දේශ කර තිබෙන අතර ඒ සඳහා කළ යුතු පිළියම් රාශියක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව උගත් ජ්‍යෙdතිෂවේදියෙකුට එම කාරණය පැවසීමේ හැකියාව තිබෙනවා. තමාගේ කේන්ද්‍රයේ අසුබ දශා කාල පරිච්ඡේදවලදී කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහ තත්ත්වයන් මත රෝගාබාධ හට ගැනීමේ අවදානමක් තිබෙනවා. කල්තියා දින වකවානු සහිතව ඒ පිළිබදව පැවසිය හැක්කේ ජ්‍යෙdතිෂයෙන් පමණයි.
රෝගාබාධ සම්භන්ධයෙන් විමසීමේදී කේන්ද්‍රයේ මූලික කරගනු ලබන රාශිය අප ජන්ම පත්‍රයේ 6 වන රාශිය හෙවත් 6 වැනි කොටුව මූලික කරගෙන තොරතුරු විමසනු ලබනවා.
මධුමේහය නොහොත් දියවැඩියා රෝගය යම් පුද්ගලයෙකුට වැළඳීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව අපට කල්තියා හඳුනාගත හැකි එකම ශාස්ත්‍රය ද වන්නේ ජ්‍යෙdතිෂයයි.
ඇත්තටම මධුමේහය නොහොත් දියවැඩියා රෝගය කියන්නේ ඉතාම සංකීර්ණ රෝගයක. ඉතාම සරලව කියන්නම්. අප ගන්නා ආහාරය තමා මේ සඳහා මූලික වන්නේ. ශරීරයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණයේ අඩු වැඩි වීම් මේ සඳහා මූලිකවම බලපානවා. මෙම රෝගය නිසි ආකාරයෙන් පාලනය නොකළොත් එය ජන්මියාගේ මරණයට පවා හේතු වෙන්න පුළුවන්. නමුත් මෙම රෝගය නිසි ආහාර හා ඖෂධ මගින් ඉතා සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම අපේ දේශීය අයුර්වේදය තුළින් මෙම රෝගය සුවකළ හැකි දේශීය සිංහල වෛද්‍යවරු අප අතර සිටිනවා.
මේ පිළිබඳව දැන ගැනීමට ජන්ම පත්‍රය නැතිනම් හඳහන මූලික අවධානය යොමු කළ යුතු ස්ථාන වන්නේ ජන්මියාගේ ලග්නය, මෙන්ම කේන්ද්‍රයක රෝගස්ථානය වන 6 වැන්නයි. එම භාව අධිපතීන්, වගේම සිකුරු, බුධ, ගුරු, යන ග්‍රහයන් පිහිටා ඇති තත්වයන් මෙන්ම බල දුබලතා, ගුරු හා බුධ ලබා ඇති පාප පීඩා ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ගුරු, සිකුරු, බුධ කියන්නේ ඉතාම සුබ ග්‍රහයෝ මෙම රෝගයට මෙම ග්‍රහයන් මූලික වෙන්නේa කිනම් සුබ ග්‍රහයෙක් වුවත් එම ග්‍රහයන්ට පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි එල්ල වීම, අංශක ප්‍රමාණයෙන් දුර්වල වීම, එම ග්‍රහයන් රාශි වල නීචව හා සතුරුව දුර්වලව සිටීම, වගේම පාපී ග්රහයින්ගේ නැකැත්වල එම ග්‍රහයින් ගමන් කිරීම තුළින් අර සුබ ග්‍රහයන් ඉතා දුර්වල මට්මේ ග්රයන් බවට පත්වී ඔවුන්ගේ සුබවාදී බව ගිලිහී යනවා. ඉතාම පැහැදිලිව නවාංශක කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ සුබ අසුබ තත්වයන් ද මේ රෝගය සඳහා බලපානවා. ලග්නයේ ග්‍රහ තත්වයන් ඉතාම බලවත්. නමුත් නවාංශකයේ ග්‍රහයින් එසේ ප්රබලව සිටිනවානම් එම තත්වය සුබවාදීවනවා. මෙම දියවැඩියා රෝගය හසුරුවන ග්‍රහයන් ලෙස අපට හඳුනාගත හැක්කේ රවි, සඳු හා ගුරු සිකුරු යන ග්‍රහයන් රවි හෙවත් සූර්යා උදරය සඳහා පෙනී සිටින අතර, සඳු ජීව තරලය වෙනුවෙන්ද ගුරු මේදය අක්මාව, මුත්රාවල සීනි ශරීරය දිරාපත් වීම, පිපාසය හා කුසගින්න නියෝජනය වෙයි.
කේන්ද්‍රයේ 6 වන භාවය රෝගය පෙන්වා දෙන අතර 8 වන භාවය අනතුරු පෙන්වා දෙනු ලබනවා. 6 වන භාවය, 8 වන භාවය හා කන්‍යා රාශිය මගින් රෝගය පාලනය කරනු ලබනවා. 6 වන භාවය හා 8 වන භාවය මෙන්ම කන්‍යා රාශිය පිළිබඳව අප මූලික අවධානය යොමු කඵ යුතුයි.
මෙම රෝගය ඉස්මතු විය හැකි දශා කීපයක් තිබෙනවා. ඒ වගේම එයට අදාල ග්‍රහ යෝගත් කේන්ද්‍රයේ තිබිය යුතු වෙනවා.
රාහු මහ දශාවේ සිකුරු අතුරු දශාව
කේතු මහ දශාවේ කුජ අතුරු දශාව
සිකුරු මහ දශාවේ කේතු අතුරු දශාව
ශනි මහ දශාවේ රාහු අතුරු දශාව
දියවැඩියා රෝගය පිළිබඳව ජන්ම පත්‍රයක හඳුනා ගත හැකි ග්‍රහ යෝග ලග්නයේ පාපීයෙකු තැන්පත්ව සිටියදී ගුරු හා සිකුරු දෙදෙනා පාප සංයෝග හා පාප දෘෂ්ථීවලට ලක්වීම පාපියෙකු සමග සිකුරු 8 වැන්නේ තැම්පත්ව සිටියදී තවත් පාපින්ගේ දෘෂ්ථී 8 වැන්නේ පතිත වීම
ගුරු සිකුරු යන ග්‍රහයන් නීචව හෝ සතුරුව නෛසර්ගික පාපීන්ගේ දෘෂ්ථියට හසුවීම
8 වැන්නාධිපති හා රාහු 8 වැන්නේ සංයෝග වීම
8 වැන්නාධිපති හා රාහු ත්‍රිකෝණ ස්ථානයක සංයෝග වීම
ලග්නයේ බලවත් පාප දෘෂ්ටි එල්ලව තිබියදී ලග්නාධිපතියා හයවැන්නේද සිකුරු 2 වැන්නේද වීම
ධනු හෝ මීන යන රාශියක බුධ සිටියදී කුජගේ දෘෂ්ටියට ලක්වීම
රවි ග්‍රහයා මීන රාශියේ දුර්වල වීම
ගුරු සිකුරු යන ග්‍රහයන් නවාංශකයේ දුර්වලව නීචවීම
ගුරු සිකුරු යන ග්‍රහයන් සතුරු ග්‍රහයන්ගේ නැකැත්වල තැන්පත් වීම තවත් මේ සම්බන්ධ ග්‍රහ යෝග 6 වැන්නේ සඳු හා රාහු පිහිටීම වෘෂභ හා තුලා රාශි දුර්වල වීම රවි ග්‍රහයා මීන රාශියේ දුර්වල වීම 8 වැන්නාධිපති සඳු හෝ සිකුරු වී පාප දෘෂ්ථීය ලැබීම
ගුරු හා ශුක්‍ර දෙදෙනා පාප සංයෝග හෝ පාප දෘෂ්ථී වලට ලක්වී සිටියදී 8 වැන්නේ පාපියෙකු තැම්පත් වීම සඳු හා ගුරු දෙදෙනා දුබලව සිට 8 වැන්නේ පාපියෙකු තැම්පත් වීම සඳු, ගුරු, ශුක්‍ර හා ශනි යන ග්‍රහයන් 6 වැන්නේ දුබල වීම ගුරු හා ශුක්‍ර චන්ද්‍රයාගෙන් 8 වැන්නේ තැන්පත් වීම චන්ද්‍රයාගෙන් 4 වැන්නේ සිකුරු දුර්වලව තැන්පත් වීම 22 වන දෙර්කානාධිපති හෝ 64 වන නවාංශකාධිපති ග්‍රහයාගේ බලපෑමත් දියවැඩියා රෝගය සඳහා එල්ල විය හැකි අතර එම ග්‍රහයින් කේන්ද්‍රයක අසුබම ග්‍රහයින් ලෙස ක්‍රියාකරනවා. එම නිසා යම් බලපෑමක් එල්ල වීමේ අවධානම තිබෙනවා.
නිවැරදි පෞද්ගලික කේන්ද්‍ර පරීක්ෂාවක් තුලින් අපට රෝගාබාධ මොනවාද කියා කල්වේලා ඇතිව හඳුනාගත හැකියි. ඒ අනුව එයට අදාල ග්‍රහ ශාන්ති කර්ම කළ යුතු වෙනවා. එය පුද්ගල ජන්ම පත්‍ර ග්‍රහ පිහිටීම් අනුව වෙනස් විය හැකියි. නමුත් පොදුවේ මේ සදහා බෝධිපූජා, අටවිසි බුද්ධ පූජාව, සෙත්කවි ගායනා , නවග්‍රහ පූජා යන්ත්‍ර පැළම, මංත්ර භාවිතය, දේව පූජා වගේ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කළ යුතු වෙනවා. එවිට ග්‍රහ අපල දුරු කර ගත හැකියි.