මිනිසකුගේ උදරය, දෙකලව, දෙබාහුව, පපුව, හිස, පිට ප්‍රධාන අංග අටක් වශයෙන් සඳහන් කොට දැක්විය හැකිය. ඉතිරි හැම අංගයක් සලකනු ලබන්නේ උපාංග යනුවෙන්ය. ශරීර ලක්ෂණ යෑයි කියා ව්‍යවහාර කරන්නේ පෙර ආත්මයක කරන ලද කුසලයන් හෝ අකුසලයන් හේතුවෙන් සුබ හෝ අසුබ ලක්ෂණ වෙන් වශයෙන් දකින්නට ලැබීමයි. මිනිස් සිරුර ගැන කතා කිරීමේදී එය දෙයාකාරයකින් හැඳින්විය හැකිය. එනම් සිරුරේ පිහිටි ලක්ෂණයෙන් භාග්‍ය සහ අභ්‍යන්තර වශයෙන් වෙන්ව හැඳින්වීමට පුළුවන් වීමයි. බාහිර ලක්ෂණ වශයෙන් පැහැපත්කම හා ස්වරාදිය හැඳින්වීම උචිතය. ආශ්‍රය විසින් ඇති කරනු ලබන ලක්ෂණ භාග්‍ය ලක්ෂණයි. ඕනෑම සිරුරක ලකුණු අට වර්ණයක් වේ. පැහැය, සුළි, ගති, ඡායා, ස්වර අක්ෂර, ගන්ධ, සත්ව ඒ ලක්ෂණ අටයි. ඕනෑම සිරුරක මුල වශයෙන් හැඳින්වෙන්නේ පහත කොටසයි. අතු වශයෙන් හැඳින්වෙන්නේ පහත කොටසයි. පාදාන්තයේ සිට හිස දක්වා මිනිස් සිරුර දෙස බලා ලකුණු පසක් කරගෙන තර්කානුකූලව ජීවිතයේ යථා තත්ත්වය පැවසිය හැක්කේ කෙනකු පුදුමයට පත්වන ආකාරයටයි.
පාදයක යටි පෙදෙස, මහපට ඇඟිල්ල රේඛා, ඇඟිලිවල නිය, පා පිට බොලට රෝම, දණ කෙණ්ඩ, බොලට ළඟම කොටසද, උකුල, උකුලේ යටි පෙදෙස, කලවා, ගුදය, අණ්ඩ කෝෂය, රහසඟ රහසඟේ මුදුන, ධාතු, මුත්‍රා, රුධිරය, වස්තියද, හැඩ කුස ඵලය, උදර මැද, පාර්ශ්වය, හද, ළය, දෙඋර, කඳ, තනපුඩු යනාදිය කඳේ දෙපස, ඌර්ධව හා අධෝ බාහු, කිසිලි, දෙඅත්ල, මැණික්කටුව, පිටිඅල්ල, මාළුවකුගේ ආකාරයෙන් රේඛා ඇති ඇඟිලි නිය යනාදියෙන්ද සිට උකුණු වල බැම සහිත හනු බෙල්ල නිකට, කොපුල, තොල්, දිව, දත්, තල්ල, උගුරු ගැටය, හසිතයද, නැහැය, කිවිසුම, දෙඇස, ඇසිපිය, ඇසිපිය හෙළීම, හැ�ම, කනේ කොටසක්, කණ, නළල, නළල රැළි මුලද, කෙස් යනාදිය පයේ පටන් සිරුරේ විමර්ශනයට ලක්කළ යුතු අවයවයන්ය.
දේහ ලක්ෂණ හැඳින්වීමේදී ලකුණු දන්නා අය මේ සියලුම අවයව හඳුනාගත යුතුව ඇත්තේය.
ලකුණු අනුව විමර්ශනය කර බැලීමේදී උසස් රාජ සම්පත්තිය ලැබීමට නම් පාද තලයේ දහඩිය සහිත විය යුතුය.
උණුසුම් දරුණුවෙත්ද පියුම් ගොඩක් වගේ පැහැපත්ද, මසින් පිරී ඉතිරී ඇත්තේද? සිනිඳු සමද තිබේ නම් ඉහත සඳහන් රාජ සම්පත්තිය ලැබීමට අතිශය වාසනාවන්තයෝ වෙති.
යමෙකුගේ පාදය පැහැදිළිව මොලොක් බවකින් යුක්ත නම් එවැනි තැනැත්තන් මුළු පොළවටම අධිපති වන බව බවක් පැවසේ.
කළුවන් පාට පාද ඇති තැනැත්තා මත්පැනට ඉතා ඉක්මණින් ගිජුකම් දක්වයි. සමහරුන්ගේ පාද තලය පඩු පැහැය ගන්නා අවස්ථා ඇත. එවැනි අය තහනම් දේ කන අය වශයෙන් හැඳින්විය හැකිය. දුප්පත් වන තැනැත්තාගේ පාදයේ තලය කෙටි ස්වරූපයක් ගනී. අධික දුක් විඳීමට සමත්කම් දක්වන්නාගේ පාදය ගොරෝසු බවක් සාක්ෂි දරයි. එවන් චරිත ඇති ස්ත්‍රියකගේ ඇඟිලි කිසිම විටක බිම් සිප නොගනී. සිරිකතක් (ශ්‍රියාකාන්තාවක්) වගේ රූප සම්පත්තියෙන් ආඩ්‍ය වීමට නම් ඇගේ දණ තරමක් උස්වී මසින් පිරුණු ස්වභාවයක් පෙන්නුම් කරන තැනැත්තියක් අනිවාර්යයෙන්ම විය යුතුය. දීර්ඝ ලෙස දේහ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී ගතිගුණ මෙන්ම ඔබට සත්‍ය අනාවැකි පැවසිය හැකිය.
ස්ත්‍රියක් ඇවිදින විට මස්පිඩු වේගයෙන් රිද්මයට සැළෙයි නම් වඩාත් විමසිල්ලෙන් බලන්න. එය සක්සුදක්සේ ඔබ සාක්ෂාත් කර ගත්තේ නම් සැකයෙන් තොරව අභාග්‍ය සම්පන්න තැනැත්තිය ඇය බව ඔබට පැවසිය හැකි වෙයි. යම් ස්ත්‍රියකගේ කලව යුගල රඹ කඳන් මෙන් දිස්වේද ඇයටද රජ මෙහෙසියක් වීමේ වරම් ලැබීමට වාසනාව ඇත. බොහෝ ස්ත්රීන්ගේ ලෝම රළු ස්වභාවයක් උසුලයි. ඇය බොහෝ විට දුප්පත් කනවැන්ඳුම් තැනැත්තියක් යෑයි ඔබට කීමට හැකිය.
පිරුණු සඳක් වගේ රහසඟක් ස්ත්‍රියක සතු නම් එය ස්ත්‍රියකගේ සැබවින්ම සුබ ලකුණකි. තවද ස්ත්‍රිය වාසනාවන්තියක් වන්නේ මස්පිඬු සුසිනිඳු බවක් දනවන කලකදීය. එය එසේ නම් ඔබට හරියටම එය තහවුරු කර වාසනාවන්තියක් යෑයි පැවසීSමට හැකිය. යස ඉසුරු සහ මනහර හදවතක් වර්ණවත් වන ස්ත්‍රියගේ ලෝම වර්ණවත් සමට එළියක් ගෙනදෙයි.
ස්ත්‍රියකගේ පියවුරුවල හැඩය පරීක්ෂා කිරීමේදී ඇගේ ගති ලක්ෂණ පැවසිය හැකිය. යම් ස්ත්‍රියකගේ පියවුරු තද ගතියෙන් යුක්ත නම් එබඳු තැනැත්තියක් ඉතාමත් සුබ ලක්ෂණයන්ගෙන් පොහොසත් වේ.
දරුවන් නොලබන වඳ ස්ත්‍රියකගේ පියවුරු නොයෙක් හැඩවලින් පිහිටයි. ඒ අනුව දරු සම්පත් ඇත්ද නැද්ද යන්න පැවසිය හැකිය. දේහ ලක්ෂණයෙන් යමක් පැවසීමේදී ඔබ හරියටම නිගමනයකට බසින්නේ නැතිව ඕනෑවට එපාවට යමක් නොකිව යුතුයි. බොහෝ විට ස්ත්‍රිය මිණි මුතු පළඳින, පැළඳ තිබෙන අවස්ථා ඔබ දකින්නට ඇත. නොඑසේනම් අසා තිබෙන්නට බැරි නැත. එවැනි වාසනාව ඇති ස්ත්‍රියකගේ බෙල්ලේ රේඛා තුනක් තිබෙනු දක්නට හැකිය. යම් ස්ත්‍රියක් වංක ස්වභාවයෙන් කටයුතු කරයිද ඇයට ස්වභාවයෙන්ම ඇත්තේ දිගු වූ බෙල්ලකි. ස්ත්‍රියකගේ දෙකම්මුල් පිරී ඉතිරී ගිය වැලි තලයක් මෙන් දිස්වේ නම් ඇයගේ සුබ ලක්ෂණ එයින් මනාව පැහැදිළි කළ හැකිය. දෙකට බෙදීගිය තොල් සඟලක් (සිනිඳු) යම් තැනැත්තියකට දායාද කොට තිබේද එවැන්නියකගේ යටි තොල මනහර බවක් පලකරයි. උඩු තොල පරීක්ෂා කිරීමේදී මහත්ව පිහිටා ඇත්තේ නම් ඇයද කලහ කිරීමට පෙළඹෙන තැනැත්තියක් වශයෙන් නිගමනය කොට පැවසිය හැකිය. වඩාත් ධනය ලබන ස්ත්‍රියකගේ දත් කොඳ මල් මෙන් බබළයි. උඩු හා යටි ඇන්දේ දත් වල සමානත්වයක්, සමබරතාවක් එසේත් නැතිනම් සමාන දත් ඇත්තේද ඇයටද රාජ්‍ය අනුග්‍රාහිsකාවක් වීමට වාසනාව ඇත. එසේම ස්ත්‍රියක් තොල් විවර කොට දත් නොපෙනෙනසේ සිනාසීමද අගනේය. නෙළුමක පෙති මෙන් නෙත් තිබේ නම් ඇය පරපුරුෂයන් ඇසුරට කැමැති බව ඔබට පැවසිය හැකිය.
දේහ ලක්ෂණයෙන් යමක් පැවසීමේදී හරිහැටි වග විභාග නොකොට යම් යම් දේ පැවසීම හොඳ නැත. දේහ ලක්ෂණයෙන් සත්‍ය තොරතුරු මෙන්ම කෙනෙකුගේ චරිත ලක්ෂණද පුදුම අයුරින් පැවසිය හැකිය. "දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග" යන පැරැණි කියමන මෙන් මං මුලා නොවී හොඳින් පරීක්ෂා කර ඒ අනුව ස්ත්‍රියකගේ චරිත ලක්ෂණ මෙන්ම, අනාගත සෞභාග්‍යද එළඹෙන අයුරු පැවසිය යුතු වන්නේය. දේහ ලක්ෂණයෙන් ස්ත්‍රිය මවන නාරිලතා එවිට ඔබේ පරීක්ෂාවට ලක් කරගත හැකිය. එමගින් ඇය ගැන සත්‍ය ලෙස යමක් ඔබට පැවසිය හැකිය.