ඔබේ ජීවිතයට බලපාන වැදගත් කරුණු 22 ක් අංක ගණිත ජ්‍යොතිෂ විද්‍යාව මගින් හෙළිදරව් කරන බව මේ ලිපි පෙළ ආරම්භයේදී අප ඔබට පැහැදිලි කළා. ඉන්පසු එම කරුණු අතරින් කරුණු 17 ක් පසුගිය කාලයේදී අප ඔබට පෙන්වා දුන්නා. අද අප සාකච්ඡා කරන්නේ ඉතිරි කරුණු කිහිපයයි.
18. මිතුරන්a ලෙස ඇසුරු කිරීමටත් හවුල් ව්‍යාපාරවල කොටස් කරුවන් කර ගැනීමටත් තමන්ගේ සහකරුවා කර ගැනීමටත් සුබ උපන්දින ඇති අය තෝරා ගැනීම. මෙය ඉතා වැදගත් කාරණයක්. ඔබ හා ආසන්නව හිඳ කටයුතු කරන අයගේ ග්‍රහචාරය ඔබේ ග්‍රහචාරය සමග සැසඳෙනවා නම් එය ඉතා වැදගත්. එවැනි ගැලපීමක් නැති අය සමග එක්ව කටයුතු කරන්න ඔබට සිදු වුවහොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් පැන නගිනවා. ඒ අනුව ඔබ කිට්ටුවෙන් ඇසුරු කළ අයගේ උපන්දින කෙසේ විය යුතුද? ඔබ සතුව තිබෙන, ඔබ කිට්ටුවෙන් ඇසුරු කරන අයගේ උපන් දිනය ඔබට ගැලපෙනවාද යනාදිය ඔබට තේරුම් කර දෙන්නට අංක ගණිත ජ්‍යොතිෂ වේදියාට පුළුවන්.
19. මිතුරු උපන්දින ඇති අය. ඔබ සතුරන් සමග ජීවත් විය යුතු නැහැ. ඔබ ජීවත් විය යුත්තේ මිතුරන් සමගයි. ඔබට මිතුරු විය හැක්කේ කවර දිනවල උපන්දින අයද කියන එක තේරුම් කර දීමට ඔබේ අංක ගණිත ජ්‍යොතිෂවේදියාට පුළුවන්.
20. වාසනාවන්ත මැණික වාලම්පූරිය සහ මුදුව - හැම මැණිකක්ම ගැලපෙන්නේ නැහැ. කෙනකුට නිල් මැණික් ගැලපෙන අතර තව කෙනකුට හරියන්නේ රතු මැණික්. තවත් කෙනෙකුට ගෝමේද සෙනසුරු අපලයට කාක නිල්. තව සමහරකුට තෝරමල්ලි ගැලපෙනවා. මේ අතර මරකත, මුතු, පසිංගල්, වෛරෝඩි, කනත වෛරෝඩි වැනි මැණික් ගැලපෙන අය ඉන්නවා. ඔබේ අංක ගණිත ජ්‍යොතිෂ විද්‍යාඥයාට පුළුවන් ඔබේ උපන්දිනයට අනුව ඔබට ගැලපෙන මැණික් තෝරා දෙන්න.
මුදුවල තත්ත්වයත්aa එයමයි. සමහරුන්ට රිදී මුදු ගැලපෙන අතර තව සමහරුන්ට රන් මුදු සහ තඹ මුදු ගැලපෙනවා. තවත් අයට හරියන්නේ පස්ලෝ මුදු. මේ අතර ඒ ඒ ලෝහවලට ගැලපෙන මැණික් වර්ග තිබෙන බවත් අප මතක තබා ගත යුතුයි. නවරත්න මුද්ද විශේෂ ගුණ දෙනවා. එය වඩාත් සුදුසු කාටද කියලා හරියටම කියන්නට අංක ගණිත ජ්‍යොතිෂයට පුළුවන්. මීළඟ කාරණය තමයි වාලම්පුරිය. එය ඉදිරි සතියක වෙනම ලිපියකින් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
21. ඔබට දේව බැල්ම ඇති දෙවි දේවතාවන් - මෙයත් ජීවිතයට ඉතාම වැදගත්. ඔබට පිහිටාධාර දෙන ඔබට බැල්ම හෙලන ඔබේ ජීවිතයට උදව් කරන දෙවියන් කවුද කියන එක බොහෝවිට තීරණය වන්නේ ඔබේ ජන්මයේදී ඔබ විසින් පුද සත්කාර කළ යුතු දෙවියන් කවුද කියන එක ඔබට වටහා දීමට ඔබේ අංක ගණිත ජ්‍යොතිෂ විද්‍යාඥයා දන්නවා.
22. ඔබට වාසනාව දෙන විදේශයන් මොනවාද? හැම රටක්ම ඔබට වාසනාව දෙන්නේ නැහැ. මැදපෙරදිග යන කීදෙනෙක් දුක් විඳිනවාද? යුරෝපයට යන කී දෙනෙක් දුක් විඳිනවාද? ඒ වගේම කෝටිපතියන් වී කී දෙනෙක් ලංකාවට එනවාද? ඔබට සුදුසු රට කුමක්ද කියා ඔබේ අංක ගණිත ජ්‍යොතිෂවේදියා ඔබට කියා දේවි.