ඉතාම හදිසි මොහොතක ඔබට වැදගත්ම තීරණයක් සිදුවුවහොත් කළ යුත්තේ කුමක්ද? ඔබ ගන්නා තීරණයේ සාර්ථක බව හෝ අසාර්ථක බව කල් ඇතිව දැනගැනීමට හැකියාව තිබේද? ඔබ හා හාපුරා ආරම්භ කරන්නට යන ව්‍යාපාරික කටයුත්තෙන් සාර්ථක පල ලැබේද? තීරණාත්මක අවස්ථාවක ජය හෝ පරාජය කල් ඇතිව දැනගත හැකිද?
යුද්ධයක් වැනි හදිසි අවස්ථාවක ඔබට නැකැත් හා නිමිති බලා ආරම්භ කිරීමට නොහැක. මෙවැනි බොහෝ අවස්ථාවලදී එසැණින් නිමිත්තක් අල්ලා බැලිය හැකි ක්‍රමයක් අපේ රටේද සමාජගතව තිබේ. මේ ක්ෂණික නිමිත්ත ඇල්ලීමට වැය වන්නේ තත්පර ගණනක් පමණි.
මේ සරල නිමිති ක්‍රමය ඔබ කාටත් අත්හදා බැලිය හැකිය. ඒ සඳහා වැඩි වෙහෙසක් ගතයුතුද නොවේ. කඩදාසියක්. පැන්සලක් හෝ පෑනක් තිබීම ප්රමාණවත්ය. ඒකත් නොමැතිනම් මහ පොළොවේ වැලි මත කෝටු කැබැල්ලකින් හෝ මෙය ක්‍රියාත්මක කළ හැකිය.
මේ අපූර්ව නිමිත්ත ඈත අතීතයේ සිංහලේ රජ දරුවන් හා යුද සේනාධිපතිවරුන් විසින් යුද කිරීමේදී සිය සේනාවන්ගේ ජය පරාජය විමසා බැලීමටත් ඊළඟ මොහොතේ ගන්නා තීරණයේ පල විපාක දැන ගැනීමටත් භාවිත කරන ලද්දක් බව කියැවේ. ඒ නිසාම මේ නිමිත්තට පැරැන්නන් භාවිත කළේ zමහා රාවණ නිමිත්තZ කියාය. මෙවැනි නිමිත්තක් යුරෝපයේද භාවිත වන අතර එය හඳුන්වනුයේ zනැපෝලියන් නිමිති ක්‍රමයZ යනුවෙනි.
ඇතැම් විටෙක මහා රාවණ නිමිත්ත ලංකාවෙන් බිහිවී යුරෝපයට යෑමේදී නැපෝලියන් නිමිත්ත වූවා විය හැකිය. මහා රාවණ යනු අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨ රජෙකි. යුද ශිල්පයේ කෙළ පැමිණි අයෙකි. මහා රාවණයන් ජ්‍යොතිෂය, වෙදකම ඇතුළු ගුප්ත විද්‍යාවන් රැසක් ප්‍රගුණ කළ පර්ඩිවරයෙකි. එවන් ශාස්ත්රවන්තයකු අතින් මේ නිමිති ක්‍රමය බිහිවී පසුව එය ලොව පුරා පැතිරුණා යැයි සිතිය හැකිය.
දැන් ඔබ කළ යුත්තේ පෑන හෝ පැන්සලය ගෙන එය කඩදාසිය මත තබා තමන් විමසීමට අදහස් කරන නිමිතිකරණය සිතෙහි දැඩි ලෙස ධාරණය කර ගනිමින් ගණන් නොකර කුඩා ඉරි කැබැලි රැසක් කඩදාසියේ ඇඳීමය. ඉන් පසුව මේ ඉරි කැබැලි දෙක බැගින් වෙන්කළ යුතුය. මෙසේ ගණන් නොකර ගැසූ ඉරි පසුව දෙක බැගින් වෙන් කිරීමේදී අවසනයට එකක් ඉතිරි වූයේ නම් තමන් සිතාගත් කාරණය ඉටු නොවේ. නැතිනම් අසාර්ථක වේ. ගණන් නොකර ගැසූ ඉරි සියල්ලම දෙක බැගින් වන සේ වෙන්කළ විට එකක්වත් ඉතුරු වූයේ නැතිනම් සිතාගත් කාරණය ඉටුවේ.
මෙහි ඇත්තම ඇත්ත වනුයේ ගණන් නොකර අඳින ලද සියලූම ඉරි කැබැලි පසුව ගණන් කිරීමේදී එම ඉරි සියල්ලේ එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වූයේ නම් සිතූ සිතිවිල්ල ඵල රහිත බවය. එම ඉරි ගණන් කර බැලු විට සියල්ල එකතුව ඉරට්ටේ සංඛ්‍යාවක් වී නම් සිතූ කරුණ ඉටුවන බවය.
මේ නිමිත්තෙන් දැනගත හැක්කේ සරල තොරතුරු පමණි. ජය හෝ පරාජය සාර්ථක අසාර්ථක බව ලැබේද? ජීවත් වේද? ආදී වශයෙන් වන ඉතා පැහැදිලි කෙටි පිළිතුරු පමණි. මේ හැර ඉතා සංකීර්ණ ගැටලූ ස`දහා මේ මඟින් පිළිතුරු සෙවීම අසාර්ථකය.
ගුරු පොත්වල සඳහන්ව ඇත්තේ මේ නිමිත්ත එක දිගට තුන් වරකට වඩා ඇල්ලීමෙන් ලැඛෙන පිළිතුරු අසත්‍ය වන බවය. එමෙන්ම තමන් සිත තුළ තිරසාර ලෙස පැහැදිලි නිරවුල් ලෙස එක් කරුණක්ම ධාරණය කර ගනිමින් වැඩ ගන්නා ආකාරය මෙසේ විමසා බැලිය යුතු බවද කියැවේ.
දැන් මෙම මහා රාවණ නිමිත්තෙන් වැඩගන්නා ආකාරය මෙසේ විමසා බලමු.
නිකමට මෙන් ඔබ මෙසේ සිතන්න... ඔබේ ගෙදර සුරතලාට ඇතිකරන බලූ පැටියා අද උදයේ සිටම ආගිය අතක් නොමැත. සවස් වනතුරුම සොයා බැලූවද හමුවුණේ ද නැත. දැන් ඔබ කළ යුත්තේ මේ නිමිත්ත ඇල්ලීමය. ඒ සඳහා කඩදාසියක් හා පෑනක් ගෙන සුව පහසු තැනක හිඳ zමගේ බලූ පැටවා හමුවේදZ යනුවෙන් තරයේම සිතා ගනිමින් පහත සඳහන් ආකාරයට කුඩා ඉරි කැබැලි ටිකක් ගැසීමය.
දැන් මේ ඉරි කැබැලි සියල්ල දෙක බැගින් වෙන් කරන්න.
එවිට එක් ඉරි කැබැල්ලක් ඉතිරි වූයේ නම් බලු පැටියා හමුනොවේ.
ඉරි කැබැලි සියල්ලම දෙක බැගින් වෙන් කළ විට එක ඉරිකැබැල්ලක් ඉතිරි නොවූයේ නම් ඉන් කියැවෙන්නේ නැතිවූ බලූ පැටියා හමුවන බවය.
මේ ආකාරයට මෙම අති පැරැණි මහා රාවණා නිමිත්ත වාර ගනාවක් අත්හදා බලා ඔබට ගැළපෙන හෙවත් සිද්ධි වන ආකාරය තේරුම් ගෙන සාර්ථක ප්‍රතිඵල අත් විඳින්න.
මේ නිමිත්ත වෙසෙසින්ම මිනිසුන් මිය යන යුද බිමේදී භාවිත කිරීමට සැකසූවක් බැවින් මෙය ඇල්ලීමේදී ස්ථාන දෝෂ, කිලි කුණු, පුර අව ආදී කිසිවක් ගැන සැලැකිය යුතු නොවේ. දිවා රාත්‍රි ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයකදී අත්හදා බැලිය හැකිය. සාර්ථක ප්‍රතිඵල ලබන්නට ඔබ කළ යුත්තේ මෙය කිහිප වාරයක් අත්හදා බලා ඔබට සිද්ධවෙන ආකාරය වටහා ගෙන ඒ අනුව නිමිත්ත තීරණය කර ගැනීමයි.
යහපත් ඇවැතුම් පැවැතුම් ඇති නොසැලෙන චිත්ත ධෛර්යයෙන් යුතු කාටත් මේ මහා රාවණ නිමිත්තෙන් ගතහැකි ප්‍රයෝජන බොහෝය. ඔබත් අත්හදා බලන්න.