හැට පැන්නත් ආදරේ කේතු තමයි කාරණේ



කේන්ද්‍ර සටහනක කේතු යනු කවරෙක්ද? රාහු සහ කේතු යනු ඡායා ග්‍රහයන් දෙදෙනෙකි. එයට හේතුව මෙම දෙදෙනා පියවි ඇසට නොපෙනෙන සම්මුති ග්‍රහයන් වීමයි. රාහු අභ්‍යවකාශයද කේතු භෞමික ස්ථාවරයද නියෝජනය කරන සම්මුති ග්‍රහයන් දෙදෙනකු ලෙස පිළිගැනෙයි. මෙම ග්‍රහයන් දෙදෙනා එකිනෙකාට අංශක 180ක දුරක සිට ජන්මියා හට විවිධ බලපෑම් එක්කරවයි.

කේන්ද්‍ර සටහනක කේතු යනු කවරෙක්ද? රාහු සහ කේතු යනු ඡායා ග්‍රහයන් දෙදෙනෙකි. එයට හේතුව මෙම දෙදෙනා පියවි ඇසට නොපෙනෙන සම්මුති ග්‍රහයන් වීමයි. රාහු අභ්‍යවකාශයද කේතු භෞමික ස්ථාවරයද නියෝජනය කරන සම්මුති ග්‍රහයන් දෙදෙනකු ලෙස පිළිගැනෙයි. මෙම ග්‍රහයන් දෙදෙනා එකිනෙකාට අංශක 180ක දුරක සිට ජන්මියා හට විවිධ බලපෑම් එක්කරවයි.


රාහුගෙන් වේගවත් ගමනක්ද කේතුගෙන් මන්දගාමී ගමනක්ද නියෝජනය වෙයි.
රාහුගේ ස්වභාවය නුවණ අඩු ක්‍රියාශීලී ග්‍රහයකු ලෙස පෙනීමයි. කේතු ස්වභාවයෙන් හිස රන් ඔටුන්නක් පැලඳ පියකරු මුහුණක් ඇති කෙසඟ මිනිස් ශරීරයක් ඇති සෙයකි. ඉඟටියෙන් ඉහළ මිනිස් රූපයකි. ශරීරයේ පහත ප්‍රදේශය නාග ස්වරූපයකි. හිටි තැනම විවේක සුවයෙන් පසුවන බව නිරූපණය වන ලෙසට පොතක් අත දරා සිටියි. ප්‍රබල පාප ග්‍රහ යුගලයක් වන මේ දෙපළගෙන් යහපතක් ප්‍රාර්ථනය කිරීම අපහසුයි. ඒ විශේෂයෙන් හත් වැන්නටය. විවාහය සම්බන්ධයෙන් ඉතා අප්‍රසන්න සිදුවීම් මෙම ග්‍රහයන් විසින් උදාකර දෙන බව පොදු මතයකි. රාහු සහ කේතු දෙදෙනාගෙන් කේතු පිළිබඳ ගොනුවන විපාකයන් ප්‍රබලව දැකීම මෙම ලිපියේ මූලික පරමාර්ථයයි.
කේතු නපුංසක ග්‍රහයකු ලෙස පිළිගැනෙයි. මෙම ග්‍රහ ස්වභාවය ස්ත්‍රීන් අතර පුරුෂයකු ලෙසත් පුරුෂයකු අතර ස්ත්‍රියක ලෙසත් ගති ලක්ෂණ පෙන්නුම් කරවයි. එය කුහක රහස් ගුණයන් සහිතය.


ඉතා හොඳ ශුද්ධවන්තයකු ලෙස පෙනී සිටීමට කැමැතියි. එහෙත් නිතරම නරක නාම නින්දා අපහාස උරුමකර ගනියි. තම ආරක්ෂක ආයුධය ලෙස අත රැඳි පොත පෙනෙයි. එය ඥානය දියුණු කරන්නකු ලෙසද අර්ථකථන ගොනු කළ හැකිය. නියත වශයෙන්ම ඇවිදීම අපහසු මන්දගාමී අයකුට කළ හැකි එකම දෙය අතරැඳි පොත කියැවීම පමණය.
ජන්මියකුගේ විවාහයට කේතුගේ අසුබ වූ පිහිටීම බලවත්ය. එය හත්වැන්නේ කේතුගෙන් දැකීමට හැකිය. කේතු හතට පැමිණි කල සප්තම වන රාහු ලග්නයේය. බොහෝවිට පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාවට හතේ කේතු මූලිකය.
කේතු හත්වැන්නේ හෝ ලග්නයේ නම් කායික දුර්වලකම් ඇති කරගනියි. ඇතැම්විට එයට අයථා කාම සේවනයද මූලික විය හැකිය. නැතහොත් උත්පත්තිගතවම ලිංගික ආබාධිතයෙකි. දුබලයෙකි.


එය විවාහ දිවිය තුළ කායික තෘප්තියක් නොලැබීමට හේතුවක් නොවන්නේද? ඒ පිළිබඳ හැඟීම් ඇති නොවීමද පීඩාව ඇති කරවන්නකි. ගුප්ත ස්වභාවයක් දක්වන කේතු හත් වැන්නට යෝගවීම සහකරුට ජන්මියා පිළිබඳ නිසි අයුරින් හඳුනා ගැනීමට නොහැකි වීමකි. කාන්තා ජන්ම පත්‍රයක හත්වැන්න කේතු සමඟ සෙනසුරු සිටීම විශේෂිතය. එවැන්නිය කිසිදු කලෙක පුරුෂ සමාගමය ප්‍රිය නොකරයි.
සෙනසුරුගෙන් මහලු බවත් කේතුගෙන් ඇකුළුම්කාරක බවත් අර්ථවත් වෙයි. එය නිවෙසටම නාකිවන යෝගයක් ලෙස හැඳින්වීම වරදක් නැත. එවන් කාන්තාවන් පුරුෂයන් හා එක්ව විසීමටද බියක් හෝ පිළිකුලක් දක්වති. ලිංගික ගැටලු - දරු ප්‍රසූතියට බිය, පුරුෂ ආධිපත්‍යයට නතුවීමේ අකැමැත්ත වැනි යමක් මෙයට සාධක විය හැකිය. සෙනසුරු - කේතු සත්වැන්නේ පිහිටි කාන්තාවන්ගේ මල්වරයද ගැටලු සහගත වූ අවස්ථා නැත්තේම නොවේ.
ශනි හෙවත් සෙනසුරු කේතු හත්වැන්නේ පිහිටිය ද හතරවැන්නේ කුජ පිහිටීම එහි අසුබතාව දුරලයි. සමස්තයක් ලෙස හත්වැන්නට කේතුගේ පලවිපාක මෙලෙසය. කේතු හත්වැන්නේ වූ කල හත්වැන්නට හිමිවන සියලු දේ විනාශයට පත් කරවයි. එය අඹුසැමි කායික ආස්වාදය හීන කරවයි. නිතර ගැටුම් අර්බුද මතුවීමටද කේතුගේ බලපෑම හේතුවකි. ස්ථාන මාරුවීම්, වස්තු සම්පත් නාස්තියද හවුල් ව්‍යාපාර ආදියේ බිඳවැටීමද කේතුගෙන් උරුමවෙයි.

කේතු ලග්නයේ උපන් අයගේ ළමා කාලයේ ශරීරය කෙට්ටුවෙයි. එහෙත් ඉගෙනුමට යහපත්ය. කේතු දශාව ලැබූ වැඩිහිටියන් රැකියා කටයුතු අවුල්කර ගනියි.
කේතු දෙවැන්නේ සිටි තැනැත්තා හට කේතු දශාවේදී ධන සම්පත් විනාශ වෙයි. බොහෝ කරදර බාධක මතු වන්නේ විවාහයෙන් පසුවය.
තුන්වැන්නේ කේතු ධන සම්පත්, ප්‍රසිද්ධිය ලබාදෙයි තරග විභාග ජය, විරුද්ධ ලිංගිකයන්ගේ උපකාර ලබාදෙයි.
හතරවැන්න කේතුට අයහපත්ය. ඉඩකඩම් අහිමිකර නෑදෑයන් විරුද්ධ කරවයි. කේතු සුබ දෘෂ්ටි ලද කල නිවාස හිමිකම් ලැබීම හා මවු පක්ෂයේ උපකාර ලැබීමට යහපත්ය.
කේතු පහට නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කර සමාජයේ පිළිගැනීම උදාකර දෙයි. කේතු මහ දශා අතුරු දශාවලදී වස්තු සම්පත් හිමිවන අතර කාන්තාවන් හට ගැහැනු දරුවන් ලැබීමේ භාග්‍ය හිමිය.
කේතු හයට අයහපත්ය. මහ දශා, අතුරු දශාවලදී හදවත් රෝග ඇතිවේ. ශරීර ශක්තිය දුර්වලය. නොපෙනෙන බලවේගයන්ගෙන් පීඩා ඇතිවිය හැකිය. ඇස්වහ කටවහ දෝෂයන් ඇතිවීමද බලවත්ය.


කේතු අට වැන්නට භූත දෝෂ සමඟ පාද ආබාධ ඇතිවේ. සමේ රෝග සහ අසනීපවලින් දැඩි පීඩා ඇතිවේ.
කේතු නවයට බාධක මැඬ, යහපත් ඉගෙනුම ලබාදෙයි. හදිසි ධනලාභ හිමිවුවද මවුපියන් හට අපලකාරීය.
දහයේ කේතු රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් හානි, පීඩා ඇති කරවයි. අත් පා අවසඟ වීම අස්ථි, සන්ධි ගැටලුවලටද හේතුය.
එකොළොස්වැන්නට කේතු යහපත්ය. ජන්මියා හට නිසග ජයග්‍රහණය උදාකරවයි. ශරීර සෞඛ්‍ය, රූපසොබාව වැඩිදියුණු කරවන අතර දේපළ, ව්‍යාපාර ආදියෙන් යහපත දියුණුව ලබාදේ.
කේතු ‍ෙදාළොස්වැන්නට ආදායම් මාර්ග උදා කරදෙයි. වියදම අඩුවෙයි. පුණ්‍ය කටයුතුවලටද යහපත්ය. අසරණ සරණ කටයුතුවලට මහත් ළැදියාවක් ඇතිවේ.

කේතු සහ රාහු රාශි චක්‍රයේ ඉදිරියට ගමන් නොකරයි. ඔවුන් ගමන් කරන්නේ පසුපසටය. ජන්මියකු හට කේතුගේ සුබ, අසුබ පලයන් කේතු සිටින රාශිය සහ අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව වෙනස් විය හැකිය. කෙසේ වුවද විවාහය සම්බන්ධ අමිහිරි සිදුවීම් උදාකරදීමට කේතු ප්‍රබලයෙකි. කේතු ලග්නයේ හෝ හත්වැනි භාවයේ පිහිටි කල විවාහ දිවියේ මෙම විෂමතා ඇතිකර විවාහ දිවිය පීඩාවට පත්කරවයි.
කේතු දශාව ඉගෙන ගන්නා කාලයට නම් යහපත්ය. මෙම හැකුළුම්කාරක ග්‍රහයාගේ මහ දශාවන් තරුණ පෙළට නම් නොගැළපෙයි. ඒ විවාහයේ රස සිහින බොඳ කරන නිසාය.
මැදි වයසට පත්වූවනට නම් කේතු දශාව කවර ලෙසකින්වත් නොගැළපෙයි. වියපත් වූවන් හට කේතු ආගන්තුක ඵල රහිත තරුණ භාවයක් මවා පෙන්වයි. එයින් උරුම වන්නේ අපහාසය පමණකි.
 
Previous
Next Post »