අහස් සිතියමේ සනිටුහන් වන ග්‍රහ කිරණාවලිය හරහා විශ්වය තුළ උපත ලබන සෑම අයකුම එකී ග්‍රහ බලය තුළින් ජීවිතය පිළිබඳ මනා විවරණයක් කළ හැකිවේ. වත්මන්හි සමාජයීය එක්තරා සංකීර්ණ රටාවක් ගෙතී ඇත්තේ යුගදිවිය පිළිබඳවය. සියලු දෙයින් පරිපූර්ණ වුවත් නිසි කලට විවාහයක් සිදු නොවීම කාලීන ගැටලුවක් බවට පත්වී තිබේ. ජේයාතිෂ ඇසින් බලන විටදී විවාහය ප්‍රමාද වීමත් එයින් වැළැකීමත් සිදුවී ඇති බැව් පෙනේ. මේ අනුව විමසා බලන විටදී කොතෙකුත් විවාහ යෝජනා ඉදිරිපත් වුවත් එයින් පලක් නොවන තැනටද පත්වී ඇත.
ඔබේ ජන්ම පත්‍රයේ උපතින්ම පෙළගැසෙන සනිටුහන් වන ග්‍රහ හැසිරීම් රටාවට අනුව විවාහයට බාධා පැමිණෙන අවස්ථා උපදී.
චන්ද්‍රයාගෙන් සිකුරුගෙන් ලග්නයෙන් 7 වැන්නෙහි 7 අධිපති සිකුරු එලෙසින්ම විශේෂයෙන් විවාහ කාරකීය ග්‍රහයන් පාපීන්ගෙන් පීඩාවට පත්වූ විට යුගදිවියට කොතෙකුත් බාධා පැමිණේ.
ශනි-ගුරු, රාහු-කේතු (ආපසු යන) ආකාශයේ ඉතාම සෙමින් ගමන් කරයි. එකී කාරක ග්‍රහයන් පාපීන්ගෙන් පීඩා වුවහොත් විවාහය වැළකෙන බැව් එක් ඉඟියකි. 1-5-9 ස්ථානයන් අධිපති සඳු 7 අධිපති සිකුරු එසේ නොමැතිනම් 7 වැන්නේ රාහු හෝ කුජ යුක්තව හෝ දැක කුමන අන්දමකින් හෝ සිකුරු සිටිය විටදී විවාහය වැළකෙන ප්‍රමාදයට පත්වන ලකුණු පහළ වේ.
ලග්නයේ 7 හි කිසියම් ග්‍රහයෙක් සිටියත් 7 හි කුජ, සඳු එසේ නැත්නම් රවි-කුජ යෝගය යෙදුණු විටදී හෝ රාහු හා සිකුරු ලග්නයේ හෝ 7 වැන්නේ සිටීමෙන් විවාහය පමාවනු ඇත. 6, 12, 1, 4, 7, 10 යන රාශිවල අගයේ පාප ග්‍රහයන් අතර සිටියොත් නිතර ඒ යෝග බල වැඩිවී විවාහය අතහැර දැමීමට සිදුවේ.
පස් වැන්නාධිපති 5 හි එසේ නැත්නම් 7 ගුරු හා ශනි ග්‍රහයන් සිටියහොත් විවාහ ප්‍රමාදවීමේ බලය වහා බිඳ වැටේ. තුලාවේ 7 හි ගුරු යහපත් වේ. මීන රැසේ ශනි ග්‍රහයා සිටියහොත් විවාහය ප්‍රමාද වීමේ බලය බිඳ වැටේ. බලවත් වූ ශුභ ග්‍රහයන් 1, 9 සිටි විට විවාහ ප්‍රමාද වළකා දමන ත්‍රිකෝණය හා සතර කේන්දරවල 1, 5, 9, 4, 7, 10 චන්ද්‍රයා සිටි විටදී විවාහය පමා වන යෝග බලය බිඳ වැටේ.
පිරිමි උපතක සඳු+1-2 යුක්ත වීමත් 7, 8, 9 සඳු සිටීමෙන්ද ගැහැනු උපතක රවි+ 4, 7, 10 සිටීමෙන්ද පුර සඳු තිබීමෙන්ද සුදුසු යෝග්‍ය කාලයේදී විවාහය සාර්ථක වේ. අහස් සිතියමේ ජල රාශිවල (කටක, මීන) සිකුරු සිටීමෙන්ද අවහිරතා මඟ හැරේ. විවාහය සිදුවේ. සඳු 5, 7 බලවත්ව සිටීම හරහා සුදුසු කාලයේ යුගදිවියට ඇතුළු වේ. 7 වැන්නේ රවි සිට උපත ලැබීමෙන් කුජ, ශනි සංයෝගය වුවහොත් දූ පුතුන් ලැබුවත් එකී සැමියා අත්හැර වෙන පැත්තකට හැරේ. මෙවැනි ග්‍රහ රටාවක් හිමි කාන්තාවක් සමඟ යුගදිවියක් ගෙවීමට සිදුවන්නේ නම් එය මහත් ඛේදවාචකයකි.
රාහු, කේතු, කුජ 8 හි සිට ශනි දුෂ්ටිගත වීම හරහා වෙසඟනක් වීමේ ක්‍රමවේදය අධික වේ. එකී ග්‍රහයන් තුන්දෙනාම සිකුරුගේ රැසක (වෘෂභ-තුලා) සිටියහොත් සල්ලාල වූ කාමිනියක් වන්නීය. රහස් ව්‍යාධි හට ගන්නේය. සිකුරු වඳ රාශියක වන 12ට ගොස් උපත ලබන අයද 6, 8, 12 දුෂ්ට ස්ථානගතව ශුක්‍ර පැමිණි විටද පෙර පුරුදු පරිදි කාම රෝගියෙක් වනු ඇත.
බුධ හා ශුක්‍ර, ශුක්‍ර හා ශනි, ශනි හා රාහු, ශනි හා කුජ සඳහා ශනි මෙම යෝගයන් ලබා උපත ලැබීමෙන් අනියම් සබඳතා ඇති කරගනිමින් සිය කාම ගින්න නිවා දමයි. 7 වැන්නේ කුජ, ශුක්‍ර, කුජ, රාහුට ශනි පෙනීම හරහාද සම්භෝග වින්දනයක් නොලබා විවිධ පැතිකඩ හරහා මනස දිවේ. ලග්නයේ කුජ-ශුක්‍ර, කුජ-රාහු, රවි-ශුක්‍ර යෝගවීමෙන්ද මනස නිරන්තරයෙන්ම රාගී පැත්තට නැඹුරු වේ.
හත අධිපති සමඟ පහ අධිපති යෝග වීමෙන් බහු විවාහ වෙයි. පහ අධිපති සිකුරු 7 අධිපති කුජ සමඟ යෝග වීමෙන් හෝ දැක්මෙන් බොහෝ ස්ත්‍රී ඇසුර ලබන කෙනකු වේ.
ගුරු 8 වැන්නේ යෙදී 11-2 ශුක්‍ර සිටීමෙන්ද යුරේනස් රැසදී ශුභයන් නොදැකීමෙන්ද උපත ලදහොත් තාපසයකු ලෙස සිට සිය බිරියව විනාශ කර දමන්නේය.
2, 4, 7, 8, 12 වැනි භාවයන්ට පැමිණි අඟහරු සමඟ පාපී ග්‍රහයන් එය රැකගෙන සිටියහොත් යුගදිවියේදී වෙනත් ඇසුර නිරන්තරයෙන්ම සොයන්නීය. සියලු ශුභ ග්‍රහයන් බලයෙන් යුක්තවී බුධ චන්ද්‍ර ග්‍රහයන් දුර්වල වී ශනි 1, 4, 7, 10 හි බලවත් වී උපත ලබන කාන්තාව සල්ලාලියක් වන්නීය. මෙවැනි ග්‍රහ යෙදුම් දෙපක්ෂයටම බලපානු ඇත. දක්වා ඇති ග්‍රහ හැසිරීම් රටාවට අනුගතවද ග්‍රහ සංයෝගයන්ද විශාල ලෙස ඇති බැව් ජේයාතිෂයේ සඳහන්ව ඇත්තේය. විවාහයක් වීමට පෙර මෙවැනි ග්‍රහ හැසිරීම් රටාව මැනවින් ගැඹුරට අධ්‍යයනය කළ යුතු වන්නේ යුගදිවිය එක් රැයකින් අවසන් නොවන බැවිනි. පුද්ගල ජීවිතයක් යනු සංකීර්ණ ජීවන රටාවකි. තේරුම් ගැනීමට අපහසු වේ. යුගදිවියේදී දෙදෙනාම දෙදෙනකු මිස එකකු නොවේ. කිසි දිනෙක එකකු වන්නේද නැත. අවශ්‍ය වනුයේ නොගැළපෙන කායික හා මානසිකව දෙදෙනකු බුද්ධිමත්ව ගළපා ගැනීමය. විවාහයක් සාර්ථක වන්නේද ඒ හරහාය. යුගදිවියක් වසර තිහ හතළිහක් වැනි කාලපරාසයක් සාර්ථකව ගෙන යෑමට හැකිවන්නේ නම් කොතරම් වාසනාවන්තද? අද ඇත්තේ ක්ෂණික ආහාර මෙන්ම කෘත්‍රිම විවාහයන්ය.