ඕනෑම ජන්මියෙකුට,ඕනෑම රෝගයක් ඕනෑම මොහොතක හටගැනීමට ඉඩ ඇත.එහෙත් එය කල්තබා හඳුනාගත හැක්කේ ජ්‍යෙතිෂ විද්‍යාවෙන් පමණි.
කෙනෙකු උපන් මොහොතේ පිළියෙළ කරනු ලබන නිවැරදි ජන්ම පත්‍රයක් මඟින් ඔහුට/ඇයට වසර විස්සකින් පසුව වුව හට ගැනීමට ඉඩ තිබෙන රෝගය හඳුනා ගැනීමේ ජ්‍යෙතිෂ සිද්ධාන්ත පවතී.
පිළිකා සහ හෘද රෝග ඒ අයුරින් ප්‍රධාන වේ.මෙසේ කල්තබා හඳුනා ගතහොත්,එවැනි මාරාන්තික රෝග වළක්වා ගැනීමටද අවස්ථාව තිබේ.
කේන්දරයේ 04වැන්න පුද්ගලයකුගේ හෘදය පිළිබඳ තොරතුරු අනාවරණය කරන භාවයයි.06වැනි භාවය රෝග ස්ථානය වන අතර 08 වැන්නෙන් අනතුරු ආදිය අනාවරණය කෙරේ.මෙසේම 12 වැන්නෙන් රෝහල්ගතවීම් නිවේදනය වේ.
සිංහ රාශිය අධිපති රවි ග්‍රහයා හෘදය වස්තුව කෙරෙහි ඉමහත් බලපෑමක් ඇතිකරන්නට සමත්වේ.එමෙන්ම සිංහ රාශියද හෘදය පිළිබඳ ඥාතීත්වයක් දරයි.
එසේ නමුත් සියලුම ග්‍රහයින් හෘදයට බලපෑම් කරන්නට සමත්ය.මේ අතරින් ගුරු ග්‍රහයා ශරීරයේ ප්‍රධාන ඉන්ද්රියයන් කෙරෙහි ඇති කරන්නේ ඉමහත් බලපෑමකි.රුධිර නාළ සහ හෘදයේ ප්‍රධාන කොටස්වල ක්‍රියාකාරීත්වය නිවේදනය කෙරෙන්නේද ගුරු ග්රහයාගෙනි.
කුජ ග්‍රහයා ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි බලපෑම් ඇති කරවන්නේය.බුධ ග්‍රහයා ශරීරයේ රුධිර නාලිකාවලට බලපෑම් ගෙනදීමට මාන බලන අතර සෙනසුරු හෘදයට රුධිරය ගෙන යන නහරවලට බලපෑම් කරන්නට මාන බලන අතර රුධිරය කැටි ගැසීම හා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමද සෙනසුරුගේම ක්‍රියාවකි.
හෘදයේ නහර ක්‍රියාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීමටත් මේදය තැන්පත් කිරීමටත් සඳු ග්‍රහයා ක්‍රියා කරයි.රාහු -කේතු යන ග්‍රහයන් දෙදෙනාත් කුජ ග්‍රහයාත් මේ ආකාරයෙන්ම හෘදය කෙරෙහි බලපෑම් ගෙන දේ.
අදාල රාශි සහ භාවයන් මත ඉහත කී ග්‍රහයන් තැන්පත් වන ආකාරය අනුව හෘද රෝග තත්ත්වයත් උපතේ සිටම නිවේදනය කරයි.
ඔබගේ උපන් කේන්දරයේ 4වෙනි කොටුවේ කිසියම් ග්රහයෙකු සිටිනවා නම් එම ග්‍රහයාට හිමි දශාවක් ද පවතිනවා නම් තරුණ වයස ද ඉක්මවා ඇත්නම් ආහාර හා විහරණ ගැන සැලකිළමත්වීම වැදගත් වේවි.එයින් අදහස් වන්නේ එම ග්‍රහ පිහිටීම හෘදයට අහිතකර බව යන්න නොවේ.4වැන්නේ ග්රහයෙකු සිටි පමණින් එසේ වන්නේ නැත.
4වැන්නේ තැන්පත් පාප ග්‍රහයින් හෘදයට හානිකර බලපෑම් කරන්නට බලයි.රවි,කුජ,ශනි,රාහු,කේතු ද එම ග්රහයෙකු සමඟ සංයෝග වුන බුධ ග්‍රහයාද අව පක්ෂයේ සඳු ග්‍රහයාද පාප ග්‍රහයින් ලෙස හැඳින්වේ.මෙයින් ඔබට පැහැදිලි වන්නේ මොනයම් හෝ ග්රහයෙකු 4වැන්නේ සිටිනවාට වඩා පාප ග්රහයෙකු හෝ කීපදෙනෙකු සංයෝගව එහි සිටීම හෘදයට අහිතකර බවයි.
සිව්වැන්නේ ග්රහයෙකු නොසිටියත් 4වැන්නාධීපති දුර්වල තැනක සිටීමත්,අසුබ ග්‍රහ දෘෂ්ඨියකට ලක්වීමත් හඳුනාගැනීමෙන් හෘද රෝගයේ ස්වභාවය පිළිබඳ කිව හැක.
මේෂ ලග්නයේ හතර අධිපති සඳුයි.එම සඳු 6වැන්නේ තැන්පත්ව ඇති කේන්දරයක සෙනසුරු 4වැන්නේ සිටියහොත් එහිදී සෙනසුරුගෙන් සඳු දැකීම නිසා පීඩාවට පත්ව ඇත.එම තත්ත්වය මත එයට සුදුසු පරිසරය හරහා එම ජන්මියාට කොලෙස්ටරෝල් ඇතිවන්නට මඟ පෑදෙයි.
මේෂ ලග්න හිමියන්ගේ 4වැන්නේ කුජ ග්‍රහයා තැන්පත්ව ඇත්නම් අධික රුධිර පීඩනයෙන් ආරම්භ කර හෘදයේ භයානක රෝගී තත්ත්වයන් කරා ගෙන යාමට ඔහු පොළඹවයි.
රවි ග්‍රහයා 6 අධිපත් බුධ සමඟ සංයෝගව 4වැන්නේ සිටියදී සෙනසුරු10වැන්නේ නම් හෘදයේ නහරවන ලේ කැටි ගැසෙන්නට හේතු ඇතිකර ගනී.එම කේන්දරයේම 4වැන්න අධිපති සඳුග්‍රහයා 12වැන්නේ සිටිනවා නම් දස වැන්නේ සිටින සෙනසුරුගේ ද දැකීම නිසා සඳු ග්‍රහයා පීඩා වීමෙන් හෘදය ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්කර ගැනීමට ජන්මියා පෙළඹෙයි.
රවි ග්‍රහයා 4වැන්නේ සිටියදී සෙනසුරු ග්‍රහයා සමඟ සංයෝගව හෝ දෙවැන්නේ,හත්වැන්නේ හෝ 10වැන්නේ සිටීනම් හෘදයේ රුධිර නාලවල අවරෝධතා ඇතිකරයි.රවි ග්‍රහයා 4වැන්නේ කුජ සමඟ සංයෝග නම් හෝ රවි 4වැන්නේ සිටියදී කුජ ,ලග්නයේ 10යේ හෝ නවයේ සිටී නම් රුධිර පීඩනය අධික වෙයි.
මේෂ ලග්නකාරයාගේ 5වැන්න සිංහයි.හතරේ සඳු පස්වැන්නේ සිටියදී සෙනසුරු හෝ කුජ හෝදැකීමට ලක්වන්නේ නම් එමෙන්ම රාහු ග්‍රහයා 6වැන්නේ අංශක 10 සිට23 දශම 20දක්වා අගයක තැන්පත්වී නම් එම ජන්මියා ගත කරනනේ රාහුගේ දශාවක් නම් 2014 ජූලි සිට2016ජනවාරි දක්වා කාලය බොහෝ ප්‍රවේශමෙන් ගතකිරීමට සිදුවෙයි.
නිවැරදි ආහාර ගැනීමෙන් හා මානසික ආතතියකින් තොරව ජීවත්විය යුතුය.මත්පැන් හා දුම් පානයෙන් තොරව දැහැමිව ජීවත්විම තුළින් අවධානම දුරකර ගැනීමට හැකිවනු ඇත.5වැන්නේ කුජ ග්‍රහයා තැන්පත්ව සිටියදී එම කුජ සමඟ රවි ග්‍රහයා ද සංයෝග වී හෝ3වැන්නේ හෝ 11වැන්නේ හෝ 10වැන්නේ සිටිනවා නම් හෘදයේ අබාධ නැවත නැවත අළුත් වෙයි.
එවැනි අයට හෘදය ඉදිමෙන තත්ත්වයන් ද ඇතිකරයි.
පස්වැන්නේ ගුරු සිටියදී පාප ග්රහයින්ගේ සංයෝග හෝ දෘෂ්ඨි වැටෙයි හෘදය වස්තුව අවට දියර එකතුවීම මෙන්ම හෘදය දුර්වලවීම සිදුවෙයි.
මේෂ ලග්නයේ වී පස්වැනේ සෙනසුරු සිටියදී දෙකේ කුජ සිටී නම් අධික දුම් පානය නිසා හෘදයාබාධ සාදාගන්නා අතර හෘදයේ ක්රියාකරීත්වට අඩුවීමේ රෝග හටගනී.
සිකුරු 5වැන්නේ සිටියදී කුජ ග්‍රහයා දෙවැන්නේ හෝ එකොළහේ හෝ දසවැන්නේ නැතිනම් සිකුරු සමඟ සංයෝගව ඇත්නම් නරක සිතුවිලි හේතුවෙන් හෘදයාබාධ ඇති කරනී.රාහු 6වැන්නේ සිටින අයගේ රවි කුජ හා සඳු සංයෝගව 8වැන්නේ සිටියි නම් මේ වකවානුවේ බොහෝ ප්‍රවේශම් විය යුතුය.මෙවැනි අය හෘද රෝග තත්ත්ව ඇතිකරන රෝග කලින්ම සාදා ගනී.