ජේයාතිර් විද්‍යාව අනුව ලග්න ෙදාළහක් ඇති බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ සියලු ලග්නවලට අධිපති, ලග්නාධිපති ග්රහයකුද සිටින බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේම ඔබ උපදින විට නැඟෙනහිර ක්ෂිතිජයේ ඒ මොහොතේ උදාවී ඇති රාශිය අනුව ඔබේ ලග්නය තීරණය වනු ඇත. ඔබ උපන් රාශිය ලග්නය ලෙස හඳුන්වන අතර අවශේෂ ලග්න එකොළහම රාශීන් ලෙසට හඳුන්වන අතර මෙම රාශීන්් භාවයන් ලෙසටද හඳුන්වයි.
ඒ ඒ ලග්නයන්ට හිමි වර්ණයන්ද ඇත. එසේම ජේයාතිෂයේ එන රාශි වර්ග ෙදාළහ, චර රාශි, තිර රාශි, උභය රාශි ලෙස කොටස් තුනකට බෙදේ. ඒවාද ඒ ඒ එකිනෙක, වර්ගද විවිධ ගති ස්වභාවයන් ගනී. ඒ ගතිගුණ අනුව අදාළ රාශිය හිමි ජන්මියාගේ ගතිගුණද බොහෝ සෙයින් ඊට සමාන ගති ලක්ෂණ පෙන්නුම් කරයි.
මේෂ, කටක, තුලා, මකර යන රාශීන්් චර රාශීන් වේ. චර යනු චංචල ස්වභාවයයි. ඒ අනුව චර රාශීන්වලින් උපන් ජන්මින් ස්ථිර අදහස් නැති නිතර නිතර චංචල ගති ස්වභාවයෙන් යුක්ත වූවන් ලෙසට සැලසේ.
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශින් තිර රාශීන්් වේ. තිර යනුවෙන් අදහස් කරනුයේ ස්ථිර යන්නය. ඒ අනුව තිර රාශීන්්වලින් උපන් අය නොසැලෙන ස්ථිර ගති පැවතුම් ඇති අය බවට සැලකේ.
උභය රාශීන් වේ. මෙම රාශීන්වල ලක්ෂණය වන්නේ චර සහ තිර යන රාශීන් දෙකෙහිම මිශ්‍ර ස්වභාවයයි. එනම් වරෙක චංචල ගතියද, වරක තිර ගතියද ඉස්මතු කරයි. ස්වභාවයෙන්ම ඔවුන් වැනෙනසුලු ස්වභාවයක් පෙන්නුම් කරයි.
එසේම අදාළ ලග්නයට හිමි වර්ණයන්ද ඇති බව මුලින් අප සඳහන් කළෙමු. විශ්වයේ රාශි ෙදාළහට විවිධ වර්ණයන්ගේ අධිපතිත්වයද හිමිවේ. එනම් මේෂ රාශියට ළා රතු හෝ රෝස පැහැය හිමිය. වෘෂභ රාශියට සුදු මිශ්‍ර නිල් හෝ ළා නිල්, සුදු වර්ණයන් හිමිය. මිථුන රාශියට කොළ පැහැය හිමිය. කටකයට සුදුවන් වර්ණය මිශ්‍ර වූ රතු හෝ සුදු වර්ණය හිමිය. සිංහයට රතු පැහැය, සුදු පැහැය හිමිය.
කන්‍යාවට කොළ පැහැය, විචිත්‍ර වර්ණ හිමිය. තුලාවට සුදු, නිල් හෝ කළු පැහැය හිමිය. වෘශ්චිකයට රන්වන් පැහැය, රතු පැහැය හිමිය. ධනුවට දුඹුරු පැහැය, ළා දුඹුරු මිශ්‍ර කහ වර්ණය හිමිය. මකරයට අඳුරු වර්ණ පිඟුවන් පැහැය හිමිය. කුම්භයට ළාවන් පිඟු පැහැය හිමිය. මීනයට දුඹුරු පැහැය, අළු මිශ්‍ර දුඹුරු පැහැය හිමිය.
අදාළ රාශීන්වල හිමිකාරිත්වය අනුව ඔබට හිමි වර්ණ පිළිබඳ දිගුකාලීනව පර්යේෂණයට ලක් කිරීමේ හැකියාව ඇත.
එසේම අදාළ ලග්නාධිපතියන්ගේ මහ දශා සහ අතුරු දශා ගෙවෙමින් පවතින කාල වකවානුවලදී පුද්ගලයාගේ ශරීර වර්ණය සුළු වශයෙන් හෝ අඳුරු වර්ණයට හැරීම හෙවත් අවපැහැ ගැන්වීම හෝ පැහැපත් වීම හෙවත් ඉතාමත් දීප්තිමත් වීම සිදුවේ.
මේෂ ලග්න හිමි ඔබට ළා රතු හෝ රෝස පැහැයෙන් යුතු ඇඳුම් පැලැඳුම්, යාන වාහන හා ගේෙදාර වර්ණය මෙන්ම භාවිත කරන භාණ්ඩවලද එම වර්ණ යෙදීම මඟින් නිසි ප්‍රයෝජන හා ආකර්ෂණීය ගුණයද වැඩි වශයෙන් ලැබේ. වෘෂභ ලග්නයෙන් උපන් අයට සුදු මිශ්‍ර නිල්, ළා නිල්, සුදු වර්ණය හිමි ගේ ෙදාර, වාහන, ඇඳුම් පැලඳුම් ඉතාම සුදුසුය. මිථුන ලග්නයෙන් උපන් අයට කොළ පැහැයෙන් යුතු ගේෙදාර, වාහන, ඇඳුම් පැලඳුම්, බඩු භාණ්ඩ පරිභෝජනය සුදුසුය.
කටක ලග්නයේ උපන් අයට සුදු මිශ්‍ර රතු හෝ සුදු වර්ණය සහිත නිවාස, වාහන ඇඳුම් පැලඳුම් භාවිතය සුදුසුය.
සිංහ ලග්නයෙන් උපන් අයට රතු හෝ සුදු පැහැයෙන් යුක්ත වාහන, නිවාස, ඇඳුම් පැලඳුම් භාවිතය සුදුසුය.
කන්‍යා ලග්නයෙන් උපන් අයට කොළ පැහැයෙන් මෙන්ම විචිත්‍ර වර්ණයෙන් යුතු වාහන, නිවාස, ඇඳුම් පැලඳුම් ගැළපේ.
තුලා ලග්නයෙන් උපන් අයට සුදු නිල් හෝ කළුවන් තද පැහැයෙන් යුතු වාහන, නිවාස, ඇඳුම් පැලඳුම් යහපත් වෙයි.
වෘශ්චික ලග්නයෙන් උපන් අයට රන්වන් පැහැය, රතු පැහැයෙන් යුක්ත වූ නිවාස, වාහන, ඇඳුම් පැලඳුම් භාවිතය සුදුසුය.
ධනු ලග්නයෙන් උපන් අය දුඹුරු, කහ මිශ්‍ර ළා දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වූ නිවාස, වාහන, ඇඳුම් පැලඳුම් හොඳයි.
මකර ලග්නයෙන් උපන් අයට අඳුරු වර්ණ පිඟුවන් පැහැයෙන් යුතු වාහන, නිවාස, ඇඳුම් පැලඳුම් භාවිතය ඉතාම සුදුසුයි.
කුම්භ ලග්නයෙන් උපන් අයට ළා වර්ණ පිඟුවන් පැහැය සහිත වාහන, නිවාස හා ඇඳුම් පැලැඳුම් භාවිතය හොඳයි.
මීන ලග්නයෙන් උපන් අයට දුඹුරු පැහැය, අළු මිශ්‍ර දුඹුරු පැහැයෙන් යුක්ත වූ වාහන නිවාස හා ඇඳුම් පැලඳුම් භාවිතය සුදුසුය.
එසේම ඉහතින් සඳහන් කරනුයේ අදාළ ලග්නයන්ට හිමි ප්‍රධානතම වර්ණ සංයෝජනයන්ය. එසේම වෙනත් හේතු මත අදාළ වර්ණ සංයෝජනයන් නොගැළපෙන අවස්ථාද ඇත. එනම් යම් යම් කේන්දර හිමියන්ගේ උපන් නැකතේ බල දුබලතා අනුවද මෙම වර්ණයන් නොගැළපෙන අවස්ථා තිබේ. එසේම අදාළ ජන්මීන් ගෙවන මහ දශාව, අතුරු දශාව, ග්‍රහයන්ගේ ප්‍රබල හෝ දුබලතාව මෙන්ම ග්‍රහ සංයෝග හා ගෝචර ඵලය අනුවද මෙම වර්ණ සංයෝජන නොගැළපෙන බවද පැහැදිලිවම සඳහන් කළ යුතුය. එම නිසා පර්යේෂණවල යෙදෙන විද්‍යාර්ථීන්ට ඉහත සඳහන් සියලු කරුණු කාරණා මැනවින් පිරික්සා බලා නිගමනවලට එළැඹෙන ලෙසට ඉල්ලා සිටිමි.