විවාහය ජීවිතයක සශ්‍රීකත්වයේ සංකේතය යි.
විවාහයක් සිදුවිය යුත්තේ ස්ත්‍රියකගේ පුරුෂයකුගේ කාමාශාවන් වැඩීගෙන එන අවස්ථාවේදී ය. එහෙත් අද විවාහ ඕනෑවට වඩා ප්‍රමාද වුවත් තරුණ වයසේ සිටින ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කෘත්‍රිම උපක්‍රම මගින් හෝ වෙනත් අනියම් මාර්ග යොදා ගැනීමෙන් තම කාමාශාවන් ඉටුකර ගන්නා අතර වැඩි වශයෙන් අන්සතු බිරියන් හා ස්වාමිපුරුෂයන් ඒ කාර්ය සඳහා උපයෝගී කර ගනී.
බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලිංගික ජීවිතය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබුණු බැව් එදා පැවැති විවාහ ක්‍රමය අනුව පැහැ ලි වේ. එම කාලයේ විවාහයන් සිදුකර ඇත්තේ තරුණ සිතිවිලිවලට මුල්තැන දෙමිනි. තරුණයකුගේ කාමාශාවන් වැඩීගෙන එන අවස්ථාවේදී විවාහය සිදුකිරීමට එදා සමාජය උනන්දු වී ඇත. පිරිමියා එදා වයස දහයේදී විවාහ විය. එම විවාහ ඉතා හොඳින් සාර්ථක වූ බවත් අදට වඩා ක්කසාද ස්ත්‍රී දූෂණ, වසබීම්, මිනීමැරුම්, සිය වි හානිකර ගැනීම් අඩුව තිබුණු බැව් පැහැ ලි වේ. ජීවිතයේ යුග විය ඉතා රසවත් වේ. එය ජාති, කුල, ධන, බල, රුව, වයස් අනුව කියා භේදයක් නැත. එහෙත් යුග වියට ඇතුළත් වීමට පෙර දෙදෙනාගේ කේන්දරයක් යුග වියට ගැලපේද යන්න බැලීම ඉතා වැදගත් බව ජ්‍යෝතිෂයේ හොඳින් පෙන්වා ඇත. නැතිනම් කම් සැපයේ මෙන්ම යුණුව ද නීරස වේ. අමිහිරි වේ.
භද්‍ර තිථි හා අස්ලිස කැති, සියාවස යන නැකතත් වී ඉරු නක හෝ ශනි නක උපත ලැබූ කාන්තාව විෂ කන්‍යාවියකි. ශනිගේ පාපයන්ගේ දෘෂ්ටියට ලක්ව හත්වැන්නේ වෙත්නම් ඇයට විවාහ වීමට වාසනාව නැත. විවාහ යෝජනා මෙන්ම විවාහද කැඩේ.
කුජ නයක් වී විසා නැකතින් සතවක් තිථිය යෙදෙමින් උපත ලත් කාන්තාවද විෂ කන්‍යාවියකි. පාප පීඩිතව ශනි පස් වැන්නේ ඇත්නම්, ඇය විෂ කන්‍යාවකි. පියාගෙන් ද ඇය වෙන්වේ. හත්වැන්නේ කුජ, ශුක්‍ර, සඳු ආදී ග්‍රහයන් තැන්පත්ව ඇති ස්ත්‍රිය එක් පුරුෂයකුගෙන් පමණක් කම් සැප ම ව තම කාමාශාවන් සංසිඳවා ගැනීමට ලොල්ව දකින ලොකු කුඩා මහලු කියා භේදයෙන් තොරව ඕනෑම අයකු හා සංසර්ගයේ යෙදෙන්නියකි. ඇය තම සැමියාට විපත් ඇති කරන විෂ කන්‍යාවකි.
හත්වැන්නේ රවි, කුජ, ශුක්‍ර තැන්පත්ව ඇති කාන්තාව තම සැමියාට දන්වා ඔහුගේ සිත ඇද බැඳගෙන ඔහු දැනුවත්ව තමාට රිසි සේ ගණිකා සේවයේ යෙදෙයි. 1. 4, 7, 8, 12 ආදී භාව ස්ථානයකට තවත් පාපී ග්රහයෙකු සමඟජ්කුජ නම් ඇය සැමියා විසින් අත්හරිනු ලබයි. පුරුෂ ග්‍රහයන් යෙදුන විට ඇය පුරුෂයෙකු මෙන් රති කෙ
මෙම විෂ කන්‍යාවන් යෙදී ඇත්නම් එයට ඔබ බිය විය යුතු නැත. ඔබේ ලග්නය යුග්ම රාශියක් වී බුධ, ගුරු, කිවි, සඳු වැනි ග්‍රහයන් බලසහිත නම්, එමෙන්ම අධිපතියා හත්වැන්නේ සිට හත්වැන්න ලග්නයේ හෝ ජන්ම රාශියක සෞම්‍ය ග්‍රහයකුව ඇත්ද, එවිට සියලු විෂ කන්‍යා යෝග භංග වී වාසනාවන්ත කාන්තාවක් බිහිවේ. මළ දරුවන් ඉපදීම, ස්වාමියාට මාරක අපල ගෙනදීම මුළු ජීවිත කාලයම දුකින් ජීවත්වීමට සිදුවීම මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති ස්ත්‍රී කේනද්‍රවලින් පැහැ ලි වේ. පොරොන්දම් පරීක්ෂා කරන විට මෙවැනි කේන්දරයන් ලැබුණු විට පුරුෂ කේන්දර සමඟ නොගැලපිය යුතු වේ. ලග්නාධිපතියා 7 වැන්නේ හෝ ලග්නයේ හෝ ධනු ලග්නයේ සුබ ග්‍රහයන් පිහිටා ඇතොත් විෂ කන්‍යා යෝගය භංග වේ. ගුරුට වෘෂභ කන්‍යා, තුලා සතුරු වේ. සඳුට රාහු හා කේතු සතුරු බැවින් කුමන රාශියක වුවද එවැනි පිහිටීම් වෙතොත් සතුරු රාශි ලෙස සැලකේ. සිකුරුට කටක සිංහ රාශි සතුරු වේ.
මෙම විෂ කන්‍යා යෝග ඇති වූ විට සත්සූරිය රාජයන්ත්රය පැළඳ යමන්තිය ඇල්ලූ රිදී මුදුවක් පැළඳීමෙන් එකී දෝෂ භංග වී යහපත් විවාහයකට මඟ පෑදේ.