යුග විය අවුල් කරන කුජ



ඔබේ විවාහ ජීවිතය සැපවත්ද? නැතිනම් ඔබ සැපවත් විවාහ ජීවිතයක්‌ අපේක්‍ෂා කරන තවමත් අවිවාහක තරුණයෙක්‌ හෝ තරුණියක්‌ද? කේන්ද්‍රය මගින් මේ ගැන විමසා බලන්නට මේ ලිපි පෙළ යොදා ගනිමු.

යුග විය නැතහොත් විවාහය යනු කුමක්‌ දැයි මෙහිදී පළමුවෙන් ම සොයා බැලිය යුතු වේ. විවාහය යන අකුරුවලින් විශ්වාසය, වාසනාව, හරිමඟ, යහපත යන අරුත් දෙන බව ද කියනු ලැබේ. ජ්‍යෝතිෂයේදී විවාහය යනුවෙන් අදහස්‌ කරන්නේ ස්‌ත්‍රියක්‌ හා පුරුෂයකු ලිත් වර්ෂයකට වැඩි කාලයක්‌ එක්‌ව ජීවත්වීම වේ. පෙම්වතුන් ලෙස සිටීම, තාවකාලික සබඳතා පැවැත්වීම, නැතහොත් විවාහය ලියාප ංචි කර තිබීම සැබෑ විවාහය නොවේ.

අතිසාර්ථක යුග ජීවිත ගත කරමින් ඉතිහාසයේ රන් අකුරින් සටහන් තැබූ යුවතිපතීන් ද සිටී. සාජහන් හා මුම්ටාස්‌ යුවළගේ ව්‍යමය ප්‍රේමයේ ජීවමාන සංකේතය ටඡ්මහල් මන් රයයි. රෝමියෝ - ජුලියට්‌, රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, කුස - පබාවතී, විෂ්ණු - ලක්‍ෂ්මී වැනි චමත්කාරජනක යුවතිපතීන් ගැන එසේ අසන්නට ලැබේ. එදා මෙදා තුර අසන්නට ලැබෙන විශිෂ්ටතම ප්‍රේම වෘත්තාන්තය වූ කලී සිද්ධාර්ථ - යශෝධරාවන්ගේ කතාවයි. ආත්ම 500 පුරා මේ බෝසත් යුවළගේ ආදර කතාන්තරය ලියෑවී ඇත. නිවන් දක්‌නා ජාති දක්‌වා මේ යුවළ ආත්ම සිය ගණනක්‌ මුළුල්ලේ ඉපදුණාහ. සඳ කිඳුරු ජාතකය, වෙස්‌සන්තර ජාතකය, කුස ජාතකය ආදී ජාතක කතාවල මේ බව සඳහන් වෙයි. මරණය දක්‌වා නොබිඳෙන සෙනෙහසකින් යුතුව වි ගෙවන යුවතිපතීන් ද අප අතර හිඟ නොවේ. සතුටුදායක විවාහ ජීවිතයකට ආර්ථික ප්‍රශ්න බරපතළ බාධාවක්‌ නොවන්නේය. සෙනෙහස තුළින් දුක - සැප බෙදා ගන්නා බැවිනි.

මේ අතර විවාහ ජීවිතය  ෙදවාචකයක්‌ බවට පත් වූ යුවතිපතීන් ද මෙකල බහුලය. තමන්ට නොගැළපෙන කෙනකුට රැවටුණු බවක්‌ බොහෝ විවාහකයන් සිතන බව රහසක්‌ නොවේ. අමනාපයෙන් හෝ කලකිරීමෙන් ජීවත්වීම, සැමියා හෝ බිරිඳ විදේශයක ජීවත්වීම, අනියම් සබඳතා, ක්‌කසාදය, නිම නොවන ප්‍රචණ්‌ඩත්වය, අධික බීමත්කම, සිය වි හානිකර ගැනීම එහි අන්තිම ප්‍රතිඵලයයි.

කෙසේ නමුදු මෙම අවාසනාවන්ත සිදුවීම්වල ආරම්භය පෙර ආත්මයක කරන ලද කර්මවල අඩුපාඩු යෑයි පිළිගැනීමට සිදුවේ. මෙවැනි උදාහරණ රාශියක්‌ 'එඩ්ගාර් කේසී' ගේ පර්යේෂණවලින් හෙළි වී ඇත. මේ එවැනි කතාවකි.

එක්‌තරා බිරිඳක්‌ අතිශයින් සුරූපී මෙන්ම කාමුක ද වූවාය. මේ කතාව හෙළිවන විට ඇයගේ විවාහයට වසර දහඅටක්‌ ගත වී තිබිණ. මේ නව යොවුන් වියේ විවාහ වූ බිරිඳ ගත කළ දුක්‌මුසු ජීවිතය ඇයගේ සමීප යෙහෙළියන් පවා දැන සිටියේ නැත. ඇයගේ ජීවිතය තුළ තිබූ දුක්‌මුසු බවට හේතු වූයේ තම සැමියාගේ ලිංගික අකාර්යක්‍ෂම බවයි. ඒ වසර දහඅටම ගෙවා තිබුණේ අතෘප්තියෙනි. මේ ගැන සැමියා සිතින් දුක්‌ වින්දේය.

මෝහන නිද්‍රාව මගින් මීට හේතු අනාවරණය කර ගත හැකි විය. පෙර ආත්මයකදී ඇය පිළිබඳ සැකයෙන් සිටි මේ සැමියා ඇයට 'පතිවෘතා පටියක්‌' පැළැන්දුවාය. පතිවෘතා පටිය යනු ලෝහමය යට ඇඳුමකි. එය යතුරු දමා ස්‌ත්‍රීන්ට අනියම් ඇසුරට යැම වැළැක්‌වීමට යෙදූ උපක්‍රමයකි. පැරැණි රජවරුන් යුද්ධයට යන විට ද බිසෝවරුන්ට මෙවැනි පතිවෘතා පටියක්‌ පළඳවා යතුරු දමා ගිය බව ඉතිහාසය කියයි. මේ අතර මේ ආත්මයේ ඊට දඬුවම් ලෙස ඔහු ලිංගික බෙලහීනතාවට ලක්‌කර තිබීම කර්ම නියාමයකි. මේ ස්‌ත්‍රිය ද පෙර ආත්මයක අනාචාරය කිරීමෙන් පාපකර්ම රැස්‌කර තිබිණි.

මෙකල විවිධ දුෂ්කරතා නිසා විවාහ ජීවිතය අවුල් වූ අය ද මෙවැනි කර්ම බලපෑම්වලට ද යටත් වූ අය විය හැකිය. මේ අතර විවාහයක්‌ කර ගැනීමට නොහැකිව ගෙදරටම මහලු වන අය ද දක්‌නට ලැබේ. විවාහ ප්‍රමාදය, පෙම් සබඳතාවලට බාධා ඇතිවීම ආදී බාධක ද බහුලව දක්‌නට ලැබේ. තම දුව හෝ පුතාගේ විවාහ ප්‍රමාදය ගැන දුක්‌වන මවුපියන් ද බොහෝය.

යුග වියේ මෙවැනි අවුල් සහගත සිදුවීම් මෙන්ම විවාහ ප්‍රමාදය ගැන ද ජන්ම පත්‍රයෙන් පරීක්‍ෂා කළ හැකි වේ. විවාහය ගැන කේන්ද්‍රයේ හත්වන භාවයෙන් කියනු ලැබේ. මෙහිදී ලග්නයේ මෙන්ම නවාංශකයේදී ද හත්වැන්නට හිමි බල දුබලකම් විමසා බැලිය යුතු වේ.

ඔබේ කේJද්‍රයේ හත්වැන්න බලන්න. එම කොටුවේ පුර සඳු, බුධ, සිකුරු, ගුරු වැනි සුබපල දායක ග්‍රහයකු තැන්පත් වී ඇත්නම් ඔබට වාසනාවන්ත විවාහයක්‌ උරුම වීමට ඉඩ ඇත. ස්‌ත්‍රීන්ගේ ගුරුද, පිරිමින්ගේ සිකුරු ද විවාහ කාරක ග්‍රහයා වෙයි. මේ ග්‍රහයන් බලවත් වීම විවාහ බාධා අඩුකරවයි.

එමෙන්ම කේන්ද්‍රයේ හතේ රවි, කුජ, සෙනසුරු දුර්වල සඳු, රාහු, කේතු යන පාප ග්‍රහයන් තැන්පත්ව සිටීම විවාහයට බාධා ඇති කරන පිහිටීම් බව කිව යුතු වේ. මෙහිදී පෙන්වන්නේ අකුසල කර්ම විපාක වේ.

කේන්ද්‍රයේ කොටු දොළහින්ම කර්ම විපාක පෙන්වයි. හත්වැන්නෙන් පෙන්වන්නේ උපස්‌ථම්භක කර්ම පිළිබඳවය. එනම් ජීවිතයට බාධා කරන හෝ උදව් කරන අය පිළිබඳවය. ඔබේ ජීවිතයට සතුරු කරදරයකින් හෝ රෝගාබාධයකින් බාධා වන විට ඊට මුහුණ දීමට ශක්‌තිය දෙන ප්‍රධානතම උදව් දෙන්නා වන්නේ බිරිඳ හෝ සැමියාය. විවාහය ගැන කේන්ද්‍රයේ හත්වැන්නෙන් කියෑවෙන්නේ එබැවිනි. හත්වැන්නට කාරක වන්නේ සිකුරු ග්‍රහයා ය. ශරීරයේ ජනනේද්‍රියන් ගැන කියෑවෙන්නේ ද හත්වැන්න හා සිකුරුගෙනි.

ඕනෑම භාවයකට ඊට 12 වැන්න බාධා කරයි. මේ අනුව හත්වැන්නට දොළහ වන්නේ හයවන භාවයයි. හයට කාරක වන්නේ කුජ ය. මේ අතර කුජ විවාහයට ප්‍රතිවිරුද්ධ වූ මෝක්‍ෂය, බ්‍රහ්ම චර්යාව නිවේදනය කරන ග්‍රහයා වේ. මේ නිසා කේන්ද්‍රයක කුජ හත්වැන්නට බලපාන භාවයක හෝ හතේ පිහිටීම විවාහ බාධාවක්‌ වේ. මෙයට කුජ දොaෂය හෙවත් කුජ භෞම දොaෂය නැතහොත් මංගල දොaෂය යෑයි කියනු ලැබේ.

කුජ, බ්‍රහ්මචර්යාව නිවේදනය කරන අතර හත්වන භාවයේ පිහිටිවිට විවාහ ප්‍රමාද කිරීමට හෝ ජන්මියා පැවි බවට පත් කිරීමට විශේෂ හේතුවක්‌ බව පෙන්වයි. අප සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ජන්ම පත්‍රයේ කුජ පිහිටා ඇත්තේ හත්වැන්නේ ය.

මේ අතර මෙවැනි උදාහරණ රාශියක්‌ දැක්‌විය හැකිය. බලංගොඩ ආනන්ද මෛත්‍රය නායක හිමියන් වෘෂභ ලග්නයෙන් ඉපදී ඇති අතර ලග්නයේ කුජ තැන්පත්ව සිටී. ලග්නයේ සිටින කුජ ගේ අශුභ දෘෂ්ටියෙන් හත්වැන්න පීඩාවට පත් වී ඇති අතර විවාහය වලකා පැවි බවට යොමු කර ඇත.

රාජකීය පණ්‌ඩිත හේන්පිටගෙදර ඥානසීහ හිමියන් කන්‍යා ලග්නයෙන් ඉපදී ඇත. උන්වහන්සේගේ කේන්ද්‍රයේ ද කුජ ශනි සමගම හත්වැන්නේ පිහිටා ඇත. කුජ ශනි සමඟ යෝගවීම ශනි මංගල යෝගය නමින් හඳුන්වන අතර, මේ යෝගය උන්වහන්සේගේ ගිහි ජීවිතයෙන් ඉවත් කර පැවි බවට යොමු කර ඇත.

මේ අතර උසස්‌ අධ්‍යාත්මික ශක්‌තියක්‌ හිමිව සිටි බව පිළිගැනෙන සත්‍ය ශ්‍රී සායි බාබාතුමා ඉපදී ඇත්තේ තුලා ලග්නයෙනි. එතුමාගේ ලග්නයෙත් හත්වැන්නේ ද කුජ පිහිටා ඇත.

ඉහත උදාහරණවලින් අප පෙන්වා දුන්නේ කුජ ගේ බලපෑම විවාහය වළකන ආකාරය පමණි. මේ හැර මෙම කුජ දොaෂයට අමතරව පිහිටි විශේෂ ග්‍රහ යෝග නිසා ගිහි ජීවිතයෙන් මිදී සිටීමෙන් නොනැවතී උසස්‌ පැවි ජීවිත ගත කළ බව ද පෙන්වයි.

විවාහය කල් යැමට නැතහොත් නොවීමට බලපාන විශේෂ හේතුවක්‌ වන්නේ විවාහයට හෙවත් කම් සැපට අකමැතිවීමයි. ඒ ඥානය අධික වීමෙනි. මෙහිදී කුජ ග්‍රහයා පමණක්‌ ඉටුකර ඇති කාර්යය සුළුපටු නොවේ.

එහෙත් ඥාන යෝගවලින් තොරව කුජ දෝෂය හෙවත් මංගල දෝෂය පමණක්‌ ඇති වීම විවාහය කල් යැම නැතහොත් අවිවාහකව ඉන්නට සිදුවීම පෙන්වයි. කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන කොටුවල තැන්පත් වීමෙන් කුජ දොaෂය උදා වේ.

කුජ තමා සිටි තැනින් 7, 8, සහ 4 යන භාවවලට දෘෂ්ටි දෙන නිසා ඉහත කී කවර භාවයක හෝ සිටින විට කුජ දෝෂය යෙදේ. කුජ දෝෂය ඇතිව උපන් බොහෝ අය විවාහ බාධාවලට ලක්‌ වූ බව පෙන්වයි. මේ සමඟ ඇති කේන්ද්‍ර සටහන් බලන්න. ඒවායේ කුජ ග්‍රහයා ඉහත කී භාවවලින් එකක තැන්පත් වී ඇත.

කටක ලග්නයෙන් උපන් එංගලන්තයේ චාල්ස්‌ කුමරුගේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා සඳුගෙන් අටවැන්නේ තැන්පත් වී තිබේ. ඩයනා කුමරිය ද ධනු ලග්නයෙන් ඉපදී ඇති අතර සඳුගෙන් හතේ කුජ පිහිටා ඇත.

ඇහැලේපොළ කුමාරිහාමි 1780 වසරේ ඉපදී ඇත්තේ ධනු ලග්නයෙන් වන අතර හතර වැන්නේ කුජ පිහිටා ඇත. එතුමිය යේ ගිල්වා මරණයට පත් කරන විට වයස 34 කි. යුග වියේ බාධා තරුණ වියේ සිටම උදා වී ඇත.

සිංහ ලග්නයෙන් උපන් අනුර බණ්‌ඩාරනායක මහතා ද අවිවාහකව සිටි අතර එතුමාගේ කේන්ද්‍රයේ ද හත්වැන්නේ රවි හා කුජ පිහිටා ඇත.

අවිවාහකව වි ගෙවූ ඩඩ්ලි සේනානායක මහතා කන්‍යා ලග්නයෙන් උපන් අතර හත්වැන්නේ කුජ පිහිටා තිබේ. මෙහි කුජ අට අධිපති වීම විශේෂයි.

සර් ජෝන් කොතලාවල මහතා මිථුන ලග්නයෙන් ඉපදී ඇති අතර කුජ ලග්නයේ පිහිටා ඇත. ඒ හය අධිපති වශයෙනි.

ඉහත දක්‌වන ලද්දේ විවාහ සැප හෙවත් යුග විය අහිමි වූ ප්‍රසිද්ධ අයගේ කුජ දොaෂය යෙදී ඇති උදාහරණ කීපයකි. මේ අය ඉතිහාසයේ නම ලියෑවුණු සුප්‍රසිද්ධ චරිත බවට පත් වූ නමුදු විවාහයට කුජ බාධා කර ඇත.

ජන්ම පත්‍රයක හත්වන භාවය දුර්වල කරන අන්දමට කුජ ග්‍රහයා තැන්පත් ව සිටී නම් විවාහ බාධා ඇති කරන බව මෙහිදී පැහැ ලිව දුටිමු. විවාහයට වඩා උතුම් අධ්‍යාත්මික සුවයක්‌ සොයා යන පැවි අයට විවාහ නොවීම අඩුපාඩුවක්‌ නොවේ. නමුත් ඊට කැමැත්තක්‌ දක්‌වන අයට එය ප්‍රමාද වීම හෝ බාධා වීම ගැටලුවක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ නමුදු කුජ දොaෂය ඇති කේන්ද්‍ර හිමියන් එම දොaෂය ඇති කෙනකු සමඟ විවාහ වීමෙන් දෝෂයේ ප්‍රතිඵල මඟ හරවා ගත හැකි වේ. කුජ දෝෂය වයස 35 පසුව බල නොපාන බවට ද මතයක්‌ තිබේ. කුජ දෝෂය ඇති වීම විවාහ සහකරුට මාරක අපල උදාකරන බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.

කරුණු මෙසේ හෙයින් කුජ දෝෂය ඔබේ කේන්ද්‍රයේ යෙදී ඇත්නම් ඔබ විවාහ වියයුත්තේ දක්‍ෂ ජ්‍යෝතිර්වේ යකු ලවා කේන්ද්‍ර පරීක්‍ෂා කර අනුමත කේන්ද්‍රයක්‌ හිමි කෙනකු සමඟ බව අවධාරණයෙන් පැවසිය යුතුව තිබේ. කුජ දෝෂ භංග වන වෙනත් යෝග රාශියක්‌ ද ජ්‍යෝතිෂයේ පෙන්වා දී ඇත.
Previous
Next Post »