* තම සැමියාට ආදරය බව බොරු වදනින් පවසමින් සමාජයෙන් ප්‍රශංසා ලබාගැනීමට උත්සාහ දරන ස්ත්‍රිය ආත්මාර්ථකාමී තැනැත්තියකි.
* වයසට වඩා තරුණ බව හඟවන ස්ත්‍රිය රාගාධික වෙයි. තම සැමියාට අවංක නැත.
* අහිමි දේ ගැන පසුතැවෙන ස්ත්‍රිය ස්ථීර අදහසකින් ජීවත් නොවෙයි. ඇයට අනාගතයක්ද නැත.
* තම සැමියා ලවා බොහෝ දේ කරගන්නට උත්සාහ දරන ස්ත්‍රිය සමාජයෙන් කොන්වෙයි. අන් අයගෙන් උපකාර නොලබයි.
* කරන දේ, ලැබුණු දේ, අඳින පලඳින දේ අගෞරවයට අවමානයට පත් කරන ස්ත්‍රිය පුහු මාන්නයෙන් ජීවත් වන නුවණ මඳ තැනැත්තියකි.
* තමා කරන දෙය අන් අය කරනවාට අකැමැති ස්ත්‍රිය මාන්නක්කාර ස්ත්‍රියකි. කිසි දින සතුට හිමිකර නොගනී.
* තමාට කළ නොහැකි වුවද අනුන්ගේ අඩුපාඩු දෙස බලා අවමාන අපහාස කරන ස්ත්‍රිය හිස් වචන ෙදාඩවන්නියකි. නිකරුණේ කාලය කා දමයි.
* තමා අතින් වරදක් සිදුවුවද එය පිළිනොගන්නා ස්ත්‍රිය අන් පුරුෂයන් ඇසුරු කරයි. තම පවුල් ජීවිතයද අවුල් කරගනී.
* කළ හැකි හෝ නොකළ හැකි දේට උත්සාහ නොගෙන බැරි බව අඟවන ස්ත්‍රිය කම්මැළිය. යහපත් දරුවන් නොලබයි.
* නොදන්නා දේද දන්නා බව හඟවන ස්ත්‍රිය කපටි ස්ත්‍රියකි. අවස්ථාවාදී වේ.
ප්‍රවීණ ජේයාතිෂවේදී
මායාකඩුව ඉමදුව ගාමිණී මාරඹ
මායාකඩුව ඉමදුව ගාමිණී මාරඹ