ඔබගේ හිසකෙස් අඩු වෙලාද ? තුනී වෙලාද ? හිසකෙස් ඝනව වර්ධනය කරන ස්වාභාවික සත්කාරය


ඔබට නිරෝගී හා ඝන කෙස් කලඹක් සිහිනයක්ද? ඔබගේ කෙස් කලඹ වේගයෙන් වර්ධනය කර ගැනීමට මේ සරල ඛෙහෙත් වට්ටෝරුව භාවිතා කරන්න..

අපි හැමෝම අපේ හිසකෙස් ගැන වද වෙනවා. හිසකෙස් වර්ධනය කරගන්න නොයෙක් දේවල් භාවිතා කරලා මුදල් වියදම් කරනවා. ඔයාටත් ඔයාගේ හිසකෙස් අලංකාරයට වර්ධනය කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මේ සරල ආලේපනය නිවසේදීම සකසාගෙන භාවිතා කරන එක විතරයි.

මෙම ආලේපනය සකසා ගැනීමට අවශ්‍ය වන ද්‍රව්‍ය

* එඬරු තෙල් මේස හැදි දෙකක්
* බිත්තර කහ මදයක්
* මී පැණි මේස හැන්දක්

භාවිතා කරන ආකාරය

පළමුව මෙම අමුද්‍රව්‍ය සියල්ලම එකට එක්කරගෙන හොදින් මිශ්‍ර කරගන්න. ඉන් පසුව එම මිශ්‍රණය භාවිතා කර හොදින් හිසකෙස් මුල සම්භාහනය කර එම ආලේපනයේ ඉතිරිය හිසකෙස් වල ආලේපනය කරගන්න. ආලේප කරගැනීමෙන් පසුව හිසකෙස් ආවරණයකින් ආවරණය කරගෙන පැය දෙකත් හතරත් අතර කාලයක් තබාගෙන ෂැම්පු යොදා හොදින් සෝදා හරින්න.

ඔබ මෙම සත්කාරය හිසකෙස් වලට සතියට වාර දෙක බැගින් මාස දෙකක කාලයක් සිදු කිරීමෙන් ඔබේ හිසකෙස් ඉතාමත් අලංකාරයට වර්ධනය කර ගැනීමට හැකි වේවි. 
Previous
Next Post »