විශේෂයෙන් අපේ සමට බලපෑම් එල්ල කරන අප සතුවන නරක පුරුදු කිහිපයක් හේතුවෙන් අපි බොහෝ දෙනෙකු වැරදිකරුවන් වෙනවා.නමුත් ඒ නරක පුරුදු හොඳ පුරුදු බවට පත් කිරීමෙන් ඔබටත් නිරෝගිමත් දිදුළන සමක හිමිකාරියක් වීම සුළු දෙයක්. එවැනි අලංකාරවත් සමක් උරුම කරගැනීමට ඔබ විසින් අත්හල යුතු නරක පුරුදු ගැනයි මේ අවධානය�
01. නින්දට පෙර Make-Up ඉවත් නොකිරීම
ඔබේ සම සුවපත් කිරීම සඳහා රාත්‍රී කාලය අත්‍යාවශ්‍යයි. Make-Up සහිත එක් රැයක් හොඳටම ප්‍රමාණවත් ඔබේ සමේ සිදුරු වසා දැමීමට කිසිම දැනුම් දීමකින් තොරවම.ඉන් සම හානියට පත්වෙනවා.ඔබේ සම සුවපත් කිරීමට වගේම සම පුබුදුවාලීමට සමත්වෙන අත්‍යාවශ්‍ය විටමින් වර්ග සහිත රාත්‍රී පෝෂක සත්කාරකයක් නින්දට පෙර භාවිතා කල යුත්තේ ඒ හේතුවෙන්.So Ladies! තවදුරටත් Make-Up සමඟින් නින්දට යාමේ නරක පුරුද්ද ඔබ සතුව තබාගන්නවාද?
02. මුහුණ ස්පර්ශය
බොහෝ අයට මෙම පුරුද්ද තිබෙනවා.සෑම විටම මතක තබා ගන්න ඔබේ සම (විශේෂයෙන් ඔබේ මුහුණ) නිරාවරණය වන ඕනෑම දෙයකට ඉතා සංවේදී බව.ඔබේ දෑත් මත තැවරී ඇති බැක්ටීරියා වැනි දේ සහිතව මුහුණ ස්පර්ශ කිරීමෙන් ඔබ ඕනෑකමින්ම සම අපිරිසිදුභාවයට පත් කරනවා.ඒ නිසා ඔබේ දෑත් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.ඔබ වෙහෙසට පත්ව සිටියත්,ආතතියට පත්ව සිටියත්,නොසන්සුන්වෙලා හිටියත්,එහෙමත් නැතිනම් ඔබ පුරුද්දක් ලෙස මුහුණ ස්පර්ශ කරනවානම්,ඒ නරක පුරුද්දෙන් මිදෙන්න creative ක්‍රමයක් සොයාගන්න.ඔබට මුහුණ ස්පර්ශ කිරීමට සිදුවන්නේම නම්,ඊට පෙර ඔබගේ දෑත් හොඳින් පිරිසිදු කරන්න�
03. අඩු ජල භාවිතය
ඔබේ සිරුර සියයට 75 ක් පමණ සකස් වී ඇත්තේ ජලයෙන්.එබැවින් ඔබේ සිරුර නිසිලෙස ජලයෙන් පෝෂණය නොකිරීමෙන් ඔබට වෙහෙසකර හා උදාසීන බවක් පහසුවෙන්ම දැනෙනවා.ඔබේ සිරුර පහසුවෙන්ම සහ ඉතාම ලාභදායි ලෙස ජලයෙන් පෝෂණය කර ඔබේ සිරුර මෙන්ම සම රැකගත හැකිවන්නේ ද ඒ හේතුවෙන්�.
04. රළු,යල් පැනගිය සහ පැරණි Products භාවිතය
ඔබගේ sunscreen,මේකප් සහ සම ආරක්ෂණ නිෂ්පාදන වසරකටත් වඩා පැරණි නම් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට සුදුසුම කාලයයි මේ. පැරණි නිෂ්පාදන බොහෝ විට බැක්ටීරියා සහිත වන අතර එහි ඇති ක්‍රියාකාරී අමුද්‍රව්‍ය තවදුරටත් ඵලදායී ද යන්න ගැටළු සහගත වෙනවා. Alcohol, සල්ෆේට් සහ කෘතීම සුවඳ වර්ග වලින් යුතු රළු නිෂ්පාදන භාවිතයෙන් ඈත් වීමත් සිදුකල යුතුයි. එවැනි නිෂ්පාදන භාවිතයෙන් ඔබේ සම දැඩි ලෙස හානියට පත්විය හැක්කේ අදියරෙන් අදියරයි�
05. පිම්පල්ස් ස්පර්ශය�
අපි බොහෝ දෙනෙක් කරන තවත් නරකම දෙයක්.ඔබ පිම්පල් එකක් දුටු වහාම ,එහි ඇති වේදනාව නිසාම එය ස්පර්ශ කිරීමට,කැඩීමට,මිරිකීමට තැත් කිරීමෙන් සිදු වන්නේ එහි ඇති බැක්ටීරියා වර්ග සම ගැඹුරටම ගමන් කිරීමයි.ඉන් සම හානියට පත්වෙනවා ,තුවාල වෙනවා.ඒ විතරක්ම නෙවෙයි ඔබ විසින්ම ඇති කරගත් එම තුවාලය සුව වෙන්න කල් ගන්නවා වගේම සමට අළුත් කැළලක් එක් කරගැනීමත් ඉන් සිදුවෙනවා.පිම්පල් එක ඉක්මනින් අතුරුදන් කරවන්න නම් උණුසුම් තවාගැනීමක් සිදු කරන්න. ඔබේ පිම්පල් වලට මතුවෙන්න ඉඩදෙන්න එපා�
ඔව්,මේ වගේ සිම්පල් tips වලින් ඔබටත් නිරෝගීමත්,අලංකාර දිදුළන පෙනුමක් ලබාගන්න පුළුවන්!!