අනාගතයේ දී කන්සා රජු මරා දැමීම සඳහා උපදින්නට නියමිත පුංචි කුමරුගේ මව සහ පියා කන්සා රජුගේ සිරභාරයේ පසුවෙති. ඔවුන් දෙදෙනාට උපදින සෑම කුමරෙකුම මරා දැමීම සඳහා කන්සා රජු විසින් අණ කර තිබෙන්නේ අකාෂ්වානි නැමැත්තාටය. ඒ කෙසේ වුවද මෙම අඹු සැමියන් තමන්ට උපදින නව වැනි කුමරුවා හොර රහසේ මාතුර දේශයේ සිට ගෝකුල් වෙත පිටමං කිරීමට තීරණය කරති. ඒ අනුව මෙම පුංචි කුමරු ඇති දැඩි වන්නේ නන්ද සහ යසෝදා නම් වූ දෙපළගේ භාරයේ ය. මේ ආකාරයෙන් කන්සා රජුගේ සිරකරුවන් බවට පත්ව සිටින්නා වූ කන්සා රජු මරා දැමීමට නියමිත කුමරුවාගේ මව්පියන් වන්නේ වාසුදේව් සහ දේවකී යන තරුණ අඹු සැමි යුවළයි.
මෙය මහ රජ කන්සා නොහොත් Paramavatar Shri Krishna නම් වූ මෙගා ටෙලි නාට්‍ය මාලාවේ එන කතා සාරාංශයයි. මෙහි දේවකී යන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ ගුල්කි ජෝෂි නම් වූ ඉන්දියානු රංගන ශිල්පිණියයි. ගුල්කි යන නමට වඩා ඉන්දියානු රසිකයින් ඇය හඳුන්වනු ලබන්නේ ක්යාති ජෝෂි, සුන්ගි, මෙහෙර් යන නම්වලිනි. ඒ ඇය විසින් නිරූපණය කරනු ලැබූ අතිශය ජනප්‍රියත්වයට පත් වූ චරිතයන්ය.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝරේ නම් ග්‍රාමයේ ඇය උපත ලැබුවේ 1990 වසරේ මැයි 17 වනදා ය. දිල්ලි සහ මුම්බායි නගරවල බාල කාලය ගත කළ ඇය මුම්බායි හි වීර් භගට් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා ය. උසස් අධ්‍යාපනය සඳහා ගුල්කි ඇතුළු වූයේ සිසුන්ට පහසුවෙන් ඇතුළු විය නොහැකි මිතිබායි පාසලටය. ගුල්කි සඳහා මෙම පාසලේ ඉඩක් ලැබී තිබුණේ බාල කාලයේ සිට ගුල්කි දැක් වූ රංගන කෞෂල්‍ය හේතුවෙන් ඇය පාසල් වේදිකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රාන්ත තරග ගණනාවකම ජය හිමි කරගෙන තිබූ බැවිනි.
එසේ වුවද ඇය රංගන ශිල්පිනියක් ලෙස වෘත්තිය තෝරා ගනු ලබන්නේ 2011 වසරේ දී ය. ඒ සෙට් ඉන්දියා චැනලයේ විකාශය වූ Crime Patrol 2 කතා මාලාව සඳහා ය. ඉන්පසු 2012 දී ඇයට සී රූපවාහිනිය මගින් Phir Subha Hogi හි ප්‍රධාන චරිතයක් වූ සුන්ගි සඳහා ආරාධනා ලැබෙන අතර ඇය ඉන්දියානු රසිකයින් අතර ප්‍රසිද්ධියට පත් වන්නේ සුන්ගි චරිතයෙනි. 2011 වසරේ සිට මේ දක්වා ඇය ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය අටක ර`ගපා ඇති අතර හොඳම නිළිය, නැගී එන නිළිය, යොවුන් නිළිය ආදී සම්මාන සඳහා ඇය නිර්දේශ වී තිබේ.
ඇය විසින් මෙතෙක් රංගනයෙන් දායක වී ඇති චරිත අතරින්Paramavatar Shri Krishna හි දේවකී චරිතයට ඇය වැඩි කැමැත්තක් දක්වන්නීය. එයට හේතුව ලෙස ඇය පවසන්නේ ඉන්දියානු වීර කාව්‍යයක රගපාන්නට ඇයට තිබූ ආශාව දේවකී චරිතය තුළින් ඉටු වූ බව ය.