පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය තුනක එකිනෙකට වෙනස් චරිත තුනකින් අප හමුවට එන මේ රංගන ශිල්පිනිය මෙවර ඔබ වෙත කැඳවාගෙන එන්නට අප සිතුවේ ඇය බොහෝ අයගේ අවධානයට ලක්ව ඇති නිසාමය. ඇය තරින්දි ප්‍රනාන්දුය. තරින්දි පාඨක හිතවතුන් වෙනුවෙන් අප සමග කතාබහට එක්වූයේ මේ ආකාරයටය .
මුලින්ම අපි තරින්දිගේ කලා දිවියේ තොරතුරු ටිකක් කතා කරමු
මේ දවස්වල විකාශය වන “පැහැසරා” ටෙලි නාට්‍යයේ “ උපමාලි” , “ දංකුඩ බංඩා” ටෙලි නාට්‍යයේ “කලනි” සහ “නේත්‍රා” ටෙලි නාට්‍යයේ “සුභද්‍රා” කියන චරිත තුනට දායක වෙලා ඉන්නවා. ඒ චරිත තුනම එකිනෙකට වෙනස් චරිත තුනක්. උපමාලි කියන්නේ හරිම අහිංසක ගෑනු ළමයෙක්.
කලනි කියන්නේ ගොඩක් දඟකාර ගුරුවරියක්. සුභද්‍රා වලව්වක මාන්නයෙන් පිරිච්ච් ගෑනු ළමයෙක්.
වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන්නෙ නැද්ද .... ?
මගේ පළමු ටෙලි නාට්‍යය තමයි පැහැසරා. ඒ ටෙලි නාට්‍ය සමග ආරාධනා කීපයක්ම ලැබුණා. ඒත් විවිධ හේතු මත ඒවා ගිලිහිලා ගියා. දැනට රඟපාන්නේ මේ ටෙලි නාට්‍ය තුනේ විතරයි.
රංගනයට පිවිසෙන බොහෝ නළු නිළියෝ පුංචි සන්දියේ පටන්ම ඒ වෙනුවෙන් හීන මවපු අය.. ඔබත් කාලයක් පුරා නිළියක් වන්නට හීන මැවූ කෙනෙක්ද.... ?
ඇත්තටම මමත් පුංචි කාලේ ඉඳන් කලාවට ගොඩක් ලැදි කෙනෙක්.. නිළියක් වන්නට පුංචි ආශාවක් හිතේ තිබුණත් ගෙදරින් ඊට අනුබලයක් ලැබුණෙ නෑ.. ඒ හින්දම උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරාගත්තා.. ඉන් පසු පෞද්ගලික බැංකුවක රැකියාවකට ගියා.. වසර හතරක් පෞද්ගලික බැංකු දෙකක සේවය කරලා ඉන් ඉවත්වෙලා තමයි රඟපාන්න ආවේ ..
එතකොට නිළියක් වීම අහම්බෙන් සිදුවූ දෙයක්ද ?
එහෙම කිව්වත් වැරදි නෑ.. ඒක ටිකක් දිග කතාවක්
කැමතිද ඒ කතාව ඔබේ රසික පිරිසට කියන්න .. ?
2016 අප්‍රේල් 29 වැනිදා මගේ අම්මා හදිසියේ මියගියා. අම්මා පිළිකාවකට බඳුන්වෙලා හිටියත් එය සුව වුණා.. ඒත් නොසිතූ විදියට හදිසි හෘදයාබාධයකින් අම්මා ජීවිතයෙන් සමුගත්තා.. අම්මාගේ අභාවය මට ලොකු කම්පනයක් ඇති කළ හින්දා මම මාස හයකට බැංකු සේවයෙන් ඉවත් වුණේ හිත හදාගන්න. පාසල් අවධියේ පටන් මම නර්තනයට දක්ෂයි.
මානසික තත්ත්වය හැදෙන්නත් එක්ක මම ඔය කාලය තුළ ගයාන් ශ්‍රීමාල්ගේ නර්තන පන්තියට ගියා. එහිදී මට අහම්බෙන් චරිත් අබේසිංහ හමුවුණා. ඒ වෙද්දි ඒ අය “බරතලී කියලා චිත්‍රපටයකට සූදානම් වනවා. ඒකේ නැටුම් ගුරුවරියකගේ චරිතයකට නිළියක් සොයමින් ඉඳලා තියෙන්නේ. නර්තන පන්තියේදී මම නටන දිහා බලාගෙන ඉඳලා චරිත් මගෙන් ඇහුවා. රඟපාන්න කැමතිද කියලා.. මට කොහොමත් නිළියක වීමේ ආශාව තිබුණා. ගෙදරිනුත් ඒ වෙද්දි විරෝධතාවයක් එල්ල වුණෙ නැහැ. “බරතලී” චිත්‍රපටය තුළින් තමයි රඟපෑමට එකතු වුණේ. ඉන්පසු දිගටම රඟපෑමට ආරාධනා එද්දි බැංකු රැකියාවෙන් සමුගත්තා..
ඒත් රටම ඔබව හඳුනාගත්තේ “පැහැසරා” ටෙලි නාට්‍යයේ “උපමාලි” විදියට....
තවම “බරතලී” චිත්‍රපටය තිරගත වුණේ නෑ.. “පැහැසරා” තමයි මුලින්ම විකාශය වුණේ ..
තරින්දි දැන් පුංචි තිරයටම කොටුවෙලා නේද ....?
“කරපිංචා ඕනද..” වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා.. එය තවම රට වටා වේදිකාගත වනවා.. ලොකුම ආශාව සිනමාව.. ඉදිරියටත් හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආශාවෙන් ඉන්නවා..
තරින්දිගේ පුද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් රසික පිරිස කැමති වේවි ..
මම ඉපදුනේ හැදුනේ වැඩුනේ මීගමුව කොච්චිකඩේ.. ඉගෙන ගත්තේ දංකොටුව බාලිකා මහ විදුහලෙන්.. අපේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මමයි. අම්මා දැන් නැහැ.. අක්කා විවාහ වෙලා ඉන්නේ.
පුංචි තිරයේ ආදරවන්තිය සැබෑ ජීවිතයෙත් ආදරවන්තියක්ද.... ?
මම තවම පෙම්වතියක් නෙවෙයි.. කවදාවත් ආදර සම්බන්ධයක් තිබිලත් නැහැ..
ආදර යෝජනා නම් එනව ඇති.
යෝජනා නම් එනවා.. ඒත් තවම සුදුසු කෙනෙක් තෝරාගත්තේ නැහැ..
මොන වගේ කෙනෙක්ද තෝරාගන්න හිතාගෙන ඉන්නේ .. ?
එකම සුදුසුකම මාව තේරුම්ගත්තු කෙනෙක් වීම.. ගොඩක් අය නිළියන් ගැන වැරදි ප්රතිරූප මවාගෙන ඉන්නවා.. එහෙම කෙනෙක් නම් මට ගැළපෙන්නේ නෑ.. මම කලාවට ගොඩක් කැමති කෙනෙක් .. විවාහ වුණාට පස්සෙත් දිගටම කලාවේ රැඳෙන්න ඉඩ දෙන ඊට සහය දක්වන කෙනෙක් තමයි තෝරාගන්නේ.