විවාහය ප්‍රමාදවීම ගැන කථා කිරීමේදී ගැඹුරු සිද්ධාන්ත කිහිපයක් ගැන සාකච්ඡා කළ යුතු බැවින් මා මෙතෙක් එම කරුණු ගැන හෙළි කළේ ජ්‍යෙdaතිෂ පුවත්පත්වලින් පමණි. එහෙත් රටේ දැවෙන, ජ්‍යෙdaතිෂයෙන් පමණක් නිවාරණය කළ හැකි ප්‍රශ්නයක් පිළිබඳ මහජනයා වැඩියෙන්ම කියවන පුවත්පතකින් කරුණු පැහැදිලි කිරීම යුතුකමක් හා වගකීමක් වශයෙන් සලකා මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමි.
විවාහය, විවාහ ප්‍රමාදය, විවාහය අසාර්ථකවීම, අනියම් සබඳතා, විවාහ නොවීම, විවාහය බිඳ වැටීම යන කරුණු විවාහයට අදාළ වේ.
කේන්ද්‍රයක විවාහය ගැන පෙන්වනුයේ දොළොස් වැන්නේ පද ලග්නය වන උපපදයෙනි. මෙම උපපදය ආරූඩ ලග්නයට කේන්ද්‍ර ත්‍රිකෝණගත වීම යහපත් විවාහයක් සඳහා හේතුවේ. උපපදයේ ශුභ ග්‍රහයින් තැන්පත් වීම, උපපදය අධිපති උපපදයට යහපත් ස්ථානවල පිහිටීම, උපපදයෙන් දෙවැන්න පාප දෘෂ්ඨිවලට ලක්නොවීම සහ අශුභ ග්‍රහයින් තැන්පත් නොවීම විවාහයේ පැවැත්ම සඳහා හේතුවේ.
කේන්ද්‍රයේ සිකුරුගේ පිහිටීමද විවාහය සඳහා දැඩි ලෙස බලපායි. නෛසර්ගික විවාහ කාරක ග්‍රහයා සිකුරු විවිධ ක්‍රමවලින් දුබල විය හැක. විවාහය ලබා දීමට නොහැකි තත්ත්වයට පත්විය හැක. සිකුරුගේ දුබලතාවයන් හඳුනාගැනීමද විවාහය සඳහා වැදගත් වේ.
විවාහ වුවද ඔවුනොවුන් අතර පවතින නොගැලපීම්, විවාහය අසාර්ථක වීමට හේතු විය හැක. මෙම නොගැලපීම් නිවැරදිව සොයා ගැනීමටද උපපදය හා ලග්නය අතර පවතින ගැලපීම් හේතුවේ. අපි මේ කරුණු ගැන මඳක් සොයා බලමු.
විවාහ නොවීම සඳහා බලපාන ප්‍රධානතම කරණක් වන්නේ ලෞකික සැප සම්පත් සඳහා උනන්දු නොවීමයි. මෙම පිහිටීම සඳහා හේතු වනුයේ ජන්මියා විශ්වයේ පැවැත්ම සඳහා දායක වන්නේද, එසේ නැතහොත් විශ්වයේ පැවැත්ම සඳහා දායක වී අවසන්ද යන කරුණයි.
මෙම කරුණ උපපදයෙන් පරීක්ෂා කළ යුතුවේ. දැඩි ලෙස උපපදය පීඩාවූ ප්‍රවෘජ්‍යා යෝගියෙකු හට විවාහයක් කර දීමෙන් පලක් නොවේ. එයින් සිදු වන්නේ තවත් අයෙකු අසහනයෙන් ජීවත්වීම පමණි.
මෙම පිහිටීම් උපපදයෙන්ම පරීක්ෂා කළ යුතුවේ.
උපපදයේ පාප ග්‍රහයින් තැන්පත් වීම, උපපදය අධිපති සය වැන්න, අටවැන්න හෝ දොළොස් වැන්නේ වීම කේතු හෝ චර ආත්ම කාරක ග්‍රහයා උපපදයේ තැන්පත් වීම විවාහය සඳහා අශුභ පිහිටීම් වේ. කේන්ද්‍රයක චර ආත්ම කාරක ග්‍රහයාගේ කාර්ය වනුයේ ජන්මියා ලෞකික සැප සම්පත් වලින් ඉවත් කර අධ්‍යාත්මික දියුණුව ලබාදීම වේ. මෙම චර ආත්ම කාරක සිකුරු වුවහොත් සිකුරුගෙන් විවාහයට උදව් නොලැබී යයි. (චර ආත්ම කාරක යනු කේන්ද්‍රයේ වැඩිම අංශක ගණනක් ගමන් කළ ග්‍රහයා වේ.)
ග්‍රහයින්ට ශුභ ස්ථාන මෙන්ම අශුභ ස්ථානද පවතී. ගුරුට තෙවැන්න, සිකුරුට සය වැන්න කුජට සත් වැන්න, බුධට සත් වැන්න මරණ කාරක ස්ථාන වේ. මෙම මරණ කාරක ස්ථානවල තැන්පත්ව සිටින ග්රහයින්ටද තම කාර්යයන් ඉටු කළ නොහැක. ඒ අනුව සත් වැන්න අධිපති, උපපදය අධිපති, හෝ විවාහ කාරක සිකුරු මරණ කාරක ස්ථානයේ වීම විවාහය සඳහා අශුභ වේ.
සිකුරු ග්‍රහයා පාප ග්‍රහයින් දෙදෙනකුගේ ග්‍රහ දෘෂ්ඨියට යොමුව තිබීමද විවාහය සඳහා දැඩිව බලපායි. එම පිහිටීම පෙර භවයේ ශාපයක් වන බැවිනි. සත් වැන්න අධිපති ග්‍රහයා හෝ විවාහ කාරක ග්‍රහයා වන සිකුරු හෝ උපපදය අධිපති ග්‍රහයා සය වැන්නේ තැන්පත්ව සිටීමද විවාහය ප්‍රමාද වීමට හෝ විවාහය සිදු නොවීමට හේතු විය හැක.
අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු හැර අශුභ දිශාවන් පැවතීමද විවාහ සැපත අහිමි කරයි. කේතුගේ මහ දශාව මෙන්ම චර ආත්ම කාරක ග්‍රහයාගේ දශාවද විවාහයට යහපත් නොවේ.