නපුරු හීන දැක්කොත්



අත්ත ගහ මැතිරීම - දෙහි කැපීම ආදී දේට පූජා තැබීමේදී තොලබෝ, හීරැස්ස, තොලබෝ මල් යහනට තබන්න. රෝගියාගේ දොස් දුරු වෙයි. කැකුණ ඉටි, කළු තල සමඟ කලවම් කර කළු රෙදිකඩ 9ක දවටා පොට්ටනි සාදා ශනි දින උදේ 6-7 හෝරාවේ හෝ රාත්‍රි 8-9 හෝරාවේ දල්වන්න. ශනි අපල දුරුවෙයි. (ඒරාෂ්ටක අපලවලට)


 අත්ත ගහ මැතිරීම - දෙහි කැපීම ආදී දේට පූජා තැබීමේදී තොලබෝ, හීරැස්ස, තොලබෝ මල් යහනට තබන්න. රෝගියාගේ දොස් දුරු වෙයි.
 කැකුණ ඉටි, කළු තල සමඟ කලවම් කර කළු රෙදිකඩ 9ක දවටා පොට්ටනි සාදා ශනි දින උදේ 6-7 හෝරාවේ හෝ රාත්‍රි 8-9 හෝරාවේ දල්වන්න. ශනි අපල දුරුවෙයි. (ඒරාෂ්ටක අපලවලට)


දෙවියන් උදෙසා පූජා තැබීමේදී ඉදුණු වැල් ‍ෙදාඩම්, කාමරංගා, කළු උක්, දිවුල්, බෙලි, අඹ, ඉදුණු කෝලිකුට්ටු තැබීමෙන් ප්‍රබල ලෙස දේවබලය ඇති වෙයි. දෙවියන් සතුටු වෙයි.
 කහ පැළ 4ක් සිටුවා ගේ පිට මුළු හතරේ තබන්න. ගෙදරට දෝෂ නොවදී.
 බිම නොදමා පොල් ගෙඩියක් කඩා ලී උලකින් ලෙලි ගලවා කතා නොකර ගේ මුළු හතරේ ටික වේලාවක් තබා භූමියේ කඩුල්ල අසල ගසන්න. පොල් පළු උඩු අතට නම් නිවෙසට ‍ෙදාස් නොවේ. නැතහොත් දෝෂ පවතී.


 ළිඳේ වතුර කිලිටි වී ඇත්නම් ළිඳ ඉස - පොල් කටු අඟුරු, කපු ඇට, තල ඇට ළිඳට දමන්න. ජලය පිරිසුදු වෙයි.
 තැඹිලි ගසේ මුල අසල අන්නාසි සිටුවන්න. තැඹිලි වතුර රස වැඩිවෙයි.
 පිත්තල ඇණ හෝ පස්ලෝ කටු 3කට දස දිසා පිරිත, අටවිසි පිරිත පිරිත් වාර 21 පුරවා සූර්ය උදාවට පෙර ත්‍රිකෝණ හැඩයට කිරි ගසක ගසන්න.
 අංකෙන්ද ලීයක් තමන්ගේ උසට කපා නිවෙසේ ඉහළ තැනකින් තබන්න. සතුරු කරදර අඩුවෙයි.
 හීන් අරත්ත අල, අමුකහ අල, සස්සඳ කොළ එකට කුඩු කර වේයන්, කූඹින් එන තැන්වල දමන්න. එම දෝෂ දුරුවෙයි.
 නපුරු සිහින දුටුවොත් යකිනාරං ගසක පඬුරක් ගැටගසන්න.


 සුබ සිහින ඉෂ්ට වීමට ඊශාන දිසාවට ගිය අඹ අත්තක පඬුරක් ගැටගසා කරුණු කියන්න.
 අලුත් අවුරුදු උදාවේ වැඩ ඇල්ලීමට නැකැතට අඹ - කොහොඹ පැළ දෙකක් සිටුවන්න. එම නිවෙසේ නිරෝගී බලය ලැබේ.
 වස විස කැවීම නිසා දෙහි කපන අයට එම දෙහි පළු අහු දලු මත තබන්න. දෝෂ හැරේ.
 තැඹිලි ගෙඩියකට සමන් පිච්ච මල්, බෙලි කොළ, සුදු හඳුන් දමා රාත්‍රි පින්නේ තබා උදේ රත්නමාලී ගාථාවෙන් 21 වරක් කියා මුහුණ සෝදන්න. දවස වාසනාවන්ත වෙයි.
 
Previous
Next Post »