අපේ ජීවිතයට බලපාන වැදගත් කරුණු 22 ක් ඇති බව අංක ගණිත ජ්‍යොතිෂයෙහි එන බව ඒවා අතුරින් කරුණු 11 ක් ගැනත් පසුගිය සති වල අප කතා කළා. අද තවත් කරුණු කිහිපයක් ගැන තොරතුරු විමසමු. මේ යටතේ අප මුලින්ම කතා කරන්නේ ඔබ අවාසනාවන්ත විය හැකි දින ගැනය. අංක ගණිත ජ්යොaතිෂ විද්‍යාවේ අපට බලපාන කරුණු මාලාවේ එයට ලැබෙන්නේ 12 වන තැනයි.
12. අවාසනාවන්ත දින - අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම වාසනාවන්ත නැහැ. දින 365 ම වාසනාවන්ත වන වාසනාවන්ත අයට අවුරුදු හතරකට වරක් යෙදෙන 366 වැනි අධික අවුරුදු දිනයවත් අවාසනාවන්ත විය හැකිය. ඒ නිසා ඒ අවාසනාවන්ත දවස් මොනවාද කියලා අනාගත සුදුසු වත් පිළිවෙත් සිදුකර නමෝ නාරායන දෙවියන්ට, ලක්ෂ්මී දෙවියන්ට, සරසවි දිව්‍ය මාතාවට හෝ තවත් අදහන දෙවි දේවතාවුන්ට සුදුසු පුද පඬුරු ලබාදී ධනාත්මකව සිතා අපල ජය ගැනීමයි අප කළ යුත්තේ. ඔබගේ ජන්ම පත්‍රය, උපන් වේලාව, ජන්ම නැකත පරීක්ෂා කරන අංක ගණිත ජ්යොaතිෂ්යවේදියාට පුලුවන් ඒ අවාසනාවන්ත දවස් ඔබට කියලා දෙන්න. ඒ වගේ දවස්වලට මුහුණ දීම පිණිස ඔබේ මනස හදලා දෙන්න. එවිටයි ඔබට පුලුවන් වෙන්නේ දින 365 ම වාසනාව තියෙන සුපිරි දින බවට පරිවර්තනය කරගන්න.
13. වාසනාවන්ත බැංකු ගිණුම්/ වාහන / දුරකථන අංක
ඔබට ගැලපෙන්නේ මොන විදියේ බැංකු ගිණුමක්ද? එය ජංගම ගිණුමක් විය යුතුද? එහෙමත් නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක් විය යුතුද? වඩා සුදුසු වන්නේ එහාට මෙහාට රෝල් කිරීම සඳහා ප්‍රමාණවත් මුදලක් ළඟ තබාගෙන ඉතිරි මුදලින් ස්ථාවර තැන්පතුවක් විවෘත කිරීමද? ගණුදෙනු සම්බන්ධයෙන් ඔබේ ලැබීම අවුල් සහගතනම් ජංගම ගිණුමක් ඔබට සුදුසු නැහැ. චෙක් රිටර්න් වෙන්න පටන් ගත්තොත් ඔබ අවුලින් අවුලට යැම වළක්වන්නට බැහැ. එහෙත් ඔබේ ලැබීම අනුව වඩා සුදුසු මුදල් එහා මෙහා කරමින් ව්‍යාපාර කිරීමනම් ස්ථාවර තැන්පතුවකින් ඔබට වැඩක් නැහැ. එහෙමත් නැතිනම් ඉතිරි කිරීමේ ගිණුමක් ඔබට පුංචි වැඩි වෙන්න පුලුවන්. ඔබට සුදුසු වාහනය කුමක්ද? එය බරවාහනයක් නම් ඔබේ රාශියට අනුව (වාහනවලට බලපාන්නේ යකඩ රාශිය) එහි ස්වභාවය කුමක්විය යුතුද? ඔබේ දුරකථන අංකය කොතරම් දුරට ඔබට ගැලපෙනවාද? යාදෙන අංකයක් ඇති දුරකථනයක් පාවිච්චි කරන කෙනෙකුට හැම විටම පාහේ වාසනාවන්ත දේවල් අහන්න ලැබෙනවා. මේක අංක ගණිත ජ්‍යොතිෂයේ අර්ථකතනයක්. ඔබේ අංක ගණිත ජ්‍යොතිෂ්‍යවේදියා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරනවිට මේ කාරණා සම්බන්ධයෙන් උපදෙස් දීම සිදුවෙනවා.
14. වාසනාවන්ත පාට - අප අවට තියෙන්නේ වෛවර්ණ ලෝකයක්. හැම පාටක්ම හරිම ලස්සනය. ඒත් ඒ හැම පාටක්ම අපට ගැලපෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඔබ දන්නවා අලුත් අවුරුද්දක් ලබන කොට ජ්‍යොතිෂ්‍යවේදීන් කියනවා මේ අවුරුද්දට ගැලපෙන්නේ මේ පාට, මේ දවස එළියට බහිනවිට ගැලපෙන්නේ මේ පාට කියලා. අංක ගණිත ජ්‍යොතිෂ්‍යයේදී මේ කාරණය වඩාත් ගැඹුරට යනවා. ගිහින් කියනවා එක් එක් පුද්ගලයාට ප්‍රධාන වශයෙන් ගැලපෙන පාට මේකයි, ජීවිතය පුරාම ඔබ නිතර ඇඳිය යුතු පාට මේකයි කියලා. සමහරුන්ට මුළු ජීවිත කාලය පුරාම ගැලපෙන්නේ සුදු පාට.. තවත් සමහරුන්ට එක්කෝ ලා නිල්, නැත්නම් තද නිල්, නැත්නම් අහසේ තිබෙන නිල් පැහැය. තව කෙනෙකුට කහ පාට. තවත් කෙනෙකුට කහ පැහැයේම ප්‍රභේදයක්වන ගුරු පැහැය. නැත්නම් කහ පැහැයේම වඩාත්ම උසස් පැහැය ලෙස කෙනෙකු කියන රන් පැහැය. මේ අතර කලු පැහැය සුදුසු අයත් ඉන්නවා. ඒ වගේම පාට දෙකක් හෝ තුනක් මිශ්රකරගෙන පාවිච්චි කළයුතු අයත් ඉන්නවා. ඔබේ උපන් දිනය, උපන් නැකත, ඒ තුළින් සොයා ගන්නාවූ ඔබේ රාශිය යනාදිය පරීක්ෂා කරළා අංක ගණිත ජ්‍යොතිෂවේදියාට පුලුවන් හරියටම කියන්න ඔබට හරියන වාසනාවන්ත වර්ණය කුමක්ද කියලා.
15. සාමාන්‍ය වාසනාවන්ත පාට - කෙනෙකුට තිබෙනවා ගණ දෙන ආහාර. ඒ වගේම නරක ආහාර. සමහර ආහාර කෑවම සෙම ඇවිස්සෙනවා. සිරුර පුරා පලු දානවා. ඒ අතර තිබෙනවා මධ්‍යස්ථ ආහාර. මේවායින් ඒ තරම් ගුණයක් නැතත් අගුණයකුත් නැහැ. පාට සම්බන්ධයෙනුත් තත්ත්වය එයයි. සමහරු පාට ඔබට 100% ක්ම වාසනාවන්ත නැති වුණත් අවාසනාවන්ත නැහැ. අංක ගණිත ජ්‍යොතිෂ්‍යවේදියාට පුලුවන් මේ වගේ වර්ණ ඔබට හඳුන්වා දෙන්න.