අමාරුවේ නොවැටී සෞභාග්‍ය අත්විඳින්න මෙන්න නිවැරැදිම ස්වස්තිකය



දක්‍ෂිණාවර්ත 'විශ්ව ශක්ති ස්වස්ථික' ලකුණ පිළිබඳ මෑත කාලයේදී දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ විශාල ජනතාවක් මෙතෙක් කල් ස්වස්ථික ලකුණ ලෙස භාවිත කළ විශ්ව හැඩතලයේ දෝලන දිශාව පිළිබඳ 'තරුපති' මගින් හෙළිකළ ආන්දෝලනාත්මක කරුණු පිළිබඳ විවිධ අදහස් ජනතාව තුළින් මතු වී තිබෙන බව නොරහසකි.

එයින් පෙනී යන්නේ 'තරුපති' කළ මෙහෙයක අගය නොවන්නේද? බුද්ධිමත් පාඨක ඔබගේ සුසංවාදී අදහස්වලට සෑම විටම ගරු කරන 'තරුපති' සෑම විටම පාඨක ඔබ වෙනුවෙන්ම කටයුතු කිරීමට මැළි නොවෙමු. එබැවින් 'විශ්ව ශක්ති ස්වස්ථික' ලකුණ පිළිබඳ මතුවී තිබෙන විසංවාදී අදහස් හමුවේ දක්‍ෂිණාවර්ත ස්වස්ථිකය පිළිබඳ මූල බීජය මතු කළ ප්‍රවීණ වාස්තු විද්‍යාර්ථි ශාස්ත්‍රවේදී ඩී.යූ. සෙනරත් මහතාගෙන්ම එහි නිසි තොරතුරු දැන ගැනීමට සහ පාඨක ඔබගේ සැක සංකා දුරුකිරීම උදෙසා තවමත් නොවිසඳුණු ගැටලු හමුවේ ඒවාට නිසි පිළිතුරු ලබා ගැනීමේ අටියෙනුත් කෙරෙන විශේෂ සංවාද සටහනකි මේ.

ප්‍රශ්නය - විශ්ව ශක්ති ස්වස්ථික ලකුණ කියන්නෙ මොකක්ද කියල ටිකක් විස්තර කරන්න.
පිළිතුර - විශ්ව ශක්තිය කියල කියන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා ධාතුන් අතර සිදුවන ශක්ති විපර්යාසයේ සංතුලනයකින් මතුවන සුවිශේෂී තත්ත්වයක් ලෙස නිර්වචනය කරන්න පුළුවන්. එහිදී විශ්ව ශක්ති ස්වස්ථික සලකුණ යනු විශ්වයේ විශ්ව පින පාදන විශ්ව හැඩතලය ලෙස ඉතා සරලව හඳුන්වා දෙන්නත් පුළුවන්.


ප්‍රශ්නය - 'ස්වස්ථිකය' කියන වචනයත් අද බොහොම ජනප්‍රිය වෙලා. කොහොමද මේ ස්වස්ථිකය ලකුණේ ආරම්භය විධියට සැලකෙන්නේ...?
පිළිතුර - මෙම 'ස්වස්ථික ලකුණේ' ආරම්භය පිළිබඳ කාල නිර්ණයන් කරන්න බැහැ. මොකද එය විශ්වයේ පවතින දෙයක් නිසා. එහෙම වුණත් මානව ඉතිහාසයේ ස්වස්ථික ලකුණේ හැඩතල මුලින්ම විද්‍යමාන වන්නේ අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ පිහිටා ඇති මංගල සලකුණක් වශයෙන්. ඒ අනුව කුසල් ශක්තිය උපරිම වූ විට ස්වභාවිකව උපදින මෙම ස්වස්ථික ලකුණ සෑම විටම දක්‍ෂිණාවර්තව දෝලනය විය යුතුය.

ප්‍රශ්නය - 'ස්වස්ථිකය' දක්‍ෂිණාවර්තව දෝලනය වීම කොහොමද නිසි විදියට හඳුනා ගන්නෙ..?
පිළිතුර - විශ්වීය ධාතුන්ගේ චලනය සිදු වන්නේ දක්‍ෂිණ දිශාවටයි. මෙය විශ්වීය ධර්මතාවක්. ඒ අනුව තමයි ග්‍රහ වස්තූන්ගේ චලනය දක්‍ෂිණාවර්ත වන්නේ. ස්වස්ථිකය දකුණු දිශාවට දෝලනය වීම ඉතා සරලව හඳුනා ගැනීමට හැකිවෙනවා. එහිදී ස්වස්ථික සලකුණ වායෝ ධාතුව වන සුළඟ සමඟ සම්බන්ධ වුණාම එය චලනය වන්නේ දකුණු දිශාවට. මාරයාගේ විනාශම් ලකුණ දකුණට දෝලනය වන බව පෙනුණාට එය සත්‍ය ලෙසම වමට දෝලනය වන 'විනාශම්' ලකුණම බව හඳුනා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේම මාරයාගේ නියෝජිතයන් විසින් මොරගා පෙන්වන වමට යැයි පවසන දක්‍ෂිණාවර්ත ස්වස්ථික ලාංඡනයත් නිවැරැදිව හඳුනා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුයි.


ප්‍රශ්නය - ඔබ එහෙම කියනව. නමුත් ඔබ ඔය කියන වාමාවර්ත 'විනාශම්' ලකුණ තමයි අද ලෝකයේ බොහෝ දෙනෙක් භාවිත කරන්නෙ.
පිළිතුර - ලෝකයේ යමක් බහුලව භාවිත කරනවා යැයි කියා එය නිවැරැදි දෙය ලෙස පිළිගැනීම ප්‍රඥා ගෝචර වන්නේ නැහැ. එසේ නම් ලෝකයේ වැඩිම පිරිසක් අදහන ආගම අපිත් පිළිගැනීම කළ යුතු වෙනවා. එය නිවැරැදිද කියා ඔබම සිතා බලන්න. නිවැරැදි ස්වස්ථික සලකුණ අද ලෝකයේ සීමිත රටවල් ප්‍රමාණයක් භාවිත කරනවා. ඒ අතරින් ජපානය මුල් තැනක් ගන්නවා. ජපන් ජාතිකයන් මෙය භාවිත කරන්නේ බුදු සමිඳුන්ගේ ළය මඬල මත සනිටුහන් කරමින්. ඔබට ජපන් බුදු පිළිමයක් පරීක්‍ෂා කිරීමෙන් එය දැක ගන්නට පුළුවන්. ජපානයේ සහ චීනයේ රාජ්‍ය නායකයන් මෙන්ම සාමාන්‍ය ජනයා නිවැරැදි ස්වස්ථිකය පූජනීය සලකුණක් ලෙස භාවිත කිරීම තුළින් ආර්ථික සංවර්ධනය පමණක් නොව සමාජ සංවර්ධනයත් ඇති කරගෙන තිබෙනවා.


ප්‍රශ්නය - මට මතකයි ඔබ කලකට පෙර අපේ සහෝදර ජේ‍යාතිෂ පුවත්පතටත් මේ ස්වස්ථිකය නිවැරැදි බව සනාථ කළ දීර්ඝ ලිපියක් ලියා තිබුණා. ඒ කියන්නේ අපේ ඒ සහෝදර පුවත්පතත් ඔබ නිවැරැදියි කියන මතය පිළිගන්නවා. වාමාවර්ත නිවැරැදි බව කී ලිපි දෙකක් අපිත් පළ කළා. නමුත් මම කැමැතියි මෙහි සත්‍යය හඹා යන්න. එහිදී අපි ලබන නිවැරැදි අත්දැකීම තමයි නිවැරදි ස්වස්තිකයෙන් අපට ඇතිවන යහපත.


පිළිතුර - සත්තකින්ම ඒක තමයි විය යුතු වෙන්නෙ. ලෝකයේ බහුලව පවතින්නේ හොඳ දේවල්ද? කියලා මඳක් සිතන්න. මේ ලෝකයේ වෙසෙන ජනසංඛ්‍යාවෙන් බෞද්ධයන් ලෙස, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සිටින්නේ ඉතාමත් සුළු පිරිසක්. මෙයින්ම පැහැදිලි වෙනවා නේද මේ ලෝකයේ බහුල මිථ්‍යාදෘෂ්ටිකයන් බව. එසේම නූතනයේ ස්වස්ථිකය යැයි සිතාගෙන වැඩිපුර පිරිසක් විනාශම් ලකුණ නැතිනම් වාමාර්තව දෝලනය වන සලකුණ භාවිතා කිරීම අරුමයක් නොවේ.
විනාශම් ලකුණේ භාවිතය සහ එය පසු පස හඹායෑමේ ප්‍රතිඵල

ප්‍රශ්නය - එසේ වුවත් ඔබ පවසන විනාශම් ලකුණ බැලූ බැල්මට එහි හැඩතල දකුණු දිශාවට කැරකී තිබෙනවා නේද?
පිළිතුර - ඔබ කියන දෙය ඉතා නිවැරැදියි. ඔය කියන ලකුණ බැලූ බැල්මට දකුණු දිශාවට යෙදී තිබෙන බව පෙනෙනවා. ඒක ඇත්ත. එහි ඉරි හතරම ඇඳී ඇත්තේ දකුණු දිශාවට තමා. ඒත් ස්වස්ථිකය යනු චිත්‍රයක් නොවේ. මම මුලින් පැහැදිලි කළ පරිදි විශ්ව ශක්තියේ ක්‍රියාකාරිත්වය පවතින විශ්ව යන්ත්‍රයක්.


ඔබ පවසන දකුණු දිශාවට චිත්‍රයක් ලෙස පෙනෙන හැඩතලයට වායෝ ධාතුව එකතු කළ විට දෝලනය වන දිශාව කුමක්ද කියා බලන්න. එය නිශ්චිතව වාමාවර්තව දෝලනය වනු ඇති. එසේ නම්, එය විශ්වයේ ගමන් කරන දිශාවට පටහැනිව ගමන් කරනු ලබන මාරයා කැමැති විනාශම් සලකුණ බව දැන් වැටහෙනවාද?
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමහර පිරිස් ගණ දෙවියන් ආශ්‍රයෙන් යොදා ගන්නා අයහපත් ලාංඡනය දකුණට දෝලනය වනවා යැයි යන මතය ප්‍රකාශ කොට ශ්‍රී ලංකා වාසීන්ට අයහපත උදාකරලීම උදෙසා වූ වෑයමක් මෑතකදී පුවත්පත් ආශ්‍රයෙන් කටයුතු කිරීම ඉතාමත් අභාග්‍යයක්. ඒ අනුව ශ්‍රී ලංකාවාසීන්ට අපගේ උරුමය වන දක්‍ෂිණ ස්වස්ථිකය ආරක්‍ෂා කර දීම අප සැමගේ යුතුකමක් ලෙස සැලකිය යුතුයි.

ප්‍රශ්නය - අපගේ පැරැණි ගොඩනැඟිලිවල යොදාගෙන තියෙන්නෙත් ඔබ ඔය කියන වැරැදි සලකුණ.
පිළිතුර - ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල මෙම වාමාවර්ත විනාශම් ලකුණ ගොඩනැඟිලිවලට යොදාගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා ලෝකයේ ගොඩනැඟිලි පරීක්‍ෂා කිරීමෙත් මේ බව ඔබට දැක ගත හැකි.


එම කරුණ මදකට තබා අපගේ රටේ මෙම සලකුණ යොදා ඉදිකොට ඇති නිවාස සහ ගොඩනැඟිලි පිළිබඳ විමසා බැලුවහොත් පෙනී යන්නේ ඒවා පාළුවට ගොස් තිබීම මෙන්ම ඒවායේ ජීවත් වූ පුද්ගලයන් දුර්වල වී හුදකලා වීම වැනි අයහපත් ලක්‍ෂණ ගණනාවක් පමණක් උරුම කරදී තිබෙන බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක යොදා ඇති මෙම නිවැරැදි නොවන ලකුණේ අයහපත් ප්‍රතිඵල දැනට මතු වී තිබෙන බව දන්නවා විය හැකියි.


ප්‍රශ්නය - ඔබ වරක් සඳහන් කර තිබුණා රාවණ රජතුමා භාවිත කළ ස්වස්ටිකයක් පිළිබඳ?
පිළිතුර - ඔව්. අපගේ සිංහල වංස කතාවේ අති ශේ‍ර්ෂ්ඨ රාවණ රජ පරම්පරාව විශ්ව ශක්ති ස්වස්ථික යන්ත්‍රයෙන් විස්මිත ප්‍රයෝජන ලබා ගත්තා. එහිදී යම් විශේෂයක් තිබෙනවා. රාවණා රජතුමා භාවිත කළ ස්වස්ථික සලකුණ ස්වස්ථික 5ක් සමඟ භාවිත කළ විස්මිත බලයක් ගොඩනැඟී තිබුණ බව පෙනී යනවා. ගුවන් තලය ජය ගැනීමට රාවණා රජතුමා මෙම පංච ස්වස්ථික සලකුණ භාවිත කළා. විශ්ව ශක්තිය සපිරි ස්වස්ථිකය භාවිත කළ ජාතියක් වන අප, නැවත යුරෝපයේ හෝ ඇමෙරිකාවේ සුදු ජාතිකයන්ගෙන් විශ්ව හැඩතල සහ ආධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ විමසා සිටීම හෝ ඔවුන්ගේ ආදරය ලබාගැනීමට තරම් දීන නොවිය යුතුයි.

ප්‍රශ්නය - එසේ නම් ඔබ විසින් හඳුන්වන වාමාවර්ත විනාශම් ලකුණ අද ලෝකයේ බහුලව භාවිත වන්නේ ඇයි? ඒ ගැනත් මං කැමැතියි ඔබේ අදහස් දැනගන්න.
පිළිතුර - එය ලෝකයේ බහුලව භාවිත වනවා යැයි කියන්නට බැහැ. මෙම සලකුණු දෙකම ලෝකයේ රටවල් විසින් භාවිත කරනු ලබනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ආවේණික සලකුණ වන්නේ, දක්‍ෂිණාවර්ත ස්වස්ථිකයම බවයි. එසේම ජපානය විසින් දෙවැනි ලෝක යුද සමයේදී වැඩිපුර විනාශම් ලකුණ භාවිත කළ බව පෙනී යන අතර එහි ප්‍රතිඵල හැඳින ගත් ජපානය පසුව ඔවුන් විසින් පුරාණයේ භාවිත කළ දක්‍ෂිණාවර්ත ස්වස්ථිකය භාවිතයට යොදා ගන්නවා. ජපානයේ නූතන සමාජ ආර්ථික සහ දේශපාලන සශ්‍රීක භාවයට හේතුව එම නිවැරැදි කර ගැනීම බව පැහැදිලිවම පෙනී යනවා.

ජපානයේ බෞද්ධ සිද්ධස්ථාන සංකේතවත් වන්නේ. දක්‍ෂිණාවර්ත ස්වස්ථික ලකුණ 45 0 කට ඇල කිරීමෙන්. එය ඔවුන් විසින් නිර්මාණය කළ වැරැදි අදහසක් බව මම ඔබට පෙන්වන් නම්. හිට්ලර් විසින් මෙම වාමාවර්ත සලකුණ 900 ට සහ 450 ට යන අවස්ථා දෙකටම භාවිතා කළා එසේම හින්දුන් විසින් 900 ට සහ 450 ට යන අවස්ථා දෙකටම එය භාවිත කරනවා. කෙසේ භාවිත කළත් එය වමාවෘත්තව දෝලනය වන 'විනාශම්' ලකුණ මිස දක්‍ෂිණාවර්ත 'ස්වස්ථිකය' වන්නේ නැහැ.
ප්‍රශ්නය - ඔබ කියන විදියට බෞද්ධ සලකුණක් සහ හින්දු සලකුණක් වශයෙන් මෙම සලකුණ වර්ග කරන්න පුළුවන්ද...?


පිළිතුර - සත්‍ය වශයෙන්ම දක්‍ෂිණාවර්ත ස්වස්ථිකය බෞද්ධ සංකේතය බව මුළු ලෝකයම පිළිගන්නවා. මේ නිසා ලෝකයේ තිබෙන කිසිම බෞද්ධ ප්‍රතිමාවක වාමාවර්ත විනාශම් ලකුණ සඳහන් වන්නේ නැහැ. අන්තර්ජාලයේ පවා කිසිම බුද්ධ ප්‍රතිමාවක වාමාවර්ත විනාශම් සලකුණ නොතිබෙන බව ඔබට පරීක්‍ෂා කර බැලිය හැකියි. එසේ වුවත් හින්දු දේව රූපවල හින්දු වාමාවර්ත විනාශම් ලකුණ යොදා තිබෙනවා.
එහිදී ගණ දෙවියන්ගේ රූපයන්ට හින්දුන් විසින් වාමාවර්ත විනාශම් ලකුණ යොදා භාවිත කිරීම දක්නට පුළුවන්. එසේ වුණත් විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සම්‍යක්දෘෂ්ටික දේව මණ්ඩලයේ කිසිම දේව රූපයක වාමාවර්ත විනාශම් ලකුණ සඳහන් වන්නේ නැහැ.
මෙම සංකේතය ට්ධධඨතඥ ර්චනවලද යොදා තිබෙන බව පෙනී යනවා.
(අන්තර්ජාලය ඇසුරෙනි)

විෂ්ණු දේව රූපවල ස්වස්ථිකය සඳහන් නොවන අතර ගණ දෙවි රූපයේ විනාශම් ලකුණ යෙදී ඇත.
ස්වස්ථික සලකුණු විෂ්ණු රූපවල යොදා නොමැත.
පැරැණි ගණ දෙවි රූපවල විනාශම් ලකුණ යොදා නොමැත
නව ගණ දෙවි රූපවල විනාශම් ලකුණ යොදා ඇත
ප්‍රශ්නය - එතකොට වාමාවර්ත විනාශම් ලකුණ භාවිතා කිරීමේ ප්‍රතිඵල?


පිළිතුර - මේ ආකාරයට වමාවර්ත විනාශම් ලකුණේ ප්‍රතිඵල නිරතුරුවම මතු වෙනවා. පෞද්ගලිකව මිනිසුන්ගේ මනස අවුල් වීම, කරදර බාධා වැඩිවීම, පවුලේ අසමඟිය, දුප්පත් බව, කුරිරු බව සහ මානසික අසහනය, විපත් ආදී පෞද්ගලික අකුසල් බලවත් වෙනවා.
ප්‍රශ්නය - දක්‍ෂිණාවෘර්ත විශ්ව ශක්ති ස්වස්ථික ලකුණ භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට ඔබට කියන්න පුළුවන් මොනවද?


පිළිතුර - විශ්ව ශක්ති ස්වස්ථිකය භාවිත කිරීමෙන් පෞද්ගලික වශයෙන් තනි තනි පුද්ගලයාට යහපත් ලෙස බලපානවා. දෙවැනි ලෝක යුධ සමයේදී විනාශම් ලකුණ භාවිත කළා. ඔවුන් පසුව නැවත ස්වස්ථිකය භාවිතා කිරීම ආරම්භ කළා. මේ නිසා ඔවුන් ජාතියක් ලෙස ශක්තිමත් වීමේ රහස ඇත්තේ ස්වස්ථිකයේ බලය මත බව කිව යුතුයි. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම් ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය සභාව සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ සංකේතය ලෙස විනාශම් ලකුණ භාවිත කොට තිබෙනවා. ඔබට පේනවා නේද නූතනයේ දේශීය වෛද්‍ය ක්‍රමයට සිදුවී තිබෙන ඉරණම කුමක්ද කියා. මෙපමණ රෝග පීඩාවලින් දුක්විඳින ජනතාවකට දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළින් පිළිසරණක් ලැබී තිබෙනවාද? එය එක තැන පල්වෙන තත්ත්වයකට පත්වෙලා. හේතුව විනාශම් ලකුණ බව කිව යුතුයි. මෙය වෙනස් කිරීමෙන් දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රය පුබුදුවාලිය හැකි බවද කිව යුතුයි.


ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ දක්‍ෂිණාවර්ත ස්වස්ථික ලකුණ යොදා ගෙන ප්‍රතිඵල ලබාගෙන තිබෙන ස්ථාන තිබෙනවාද?
පිළිතුර - දක්‍ෂිණාවර්ත විශ්ව ශක්ති ස්වස්ථිකය භාවිත කොට අපේ අතීත මුතුන් මිත්තන් සශ්‍රීික වුණා. රාවණා රජතුමාගේ සිට දුටුගැමුණු නිරිඳුන් පවා තමාගේ ජය කොන්තයට රන් ස්වස්ථිකය යොදා භාවිතා කළා. නූතනයේ නිසි දක්‍ෂිණාවර්ත ස්වස්ථිකය භාවිත කරනු ලබන ප්‍රසිද්ධ පාසලක් තිබෙනවා. එය ඉතාමත් දියුණු සහ කීර්ති නාමයක් තිබෙන පාසලක්. එනම් කොළඹ මියුසියස් විද්‍යාලයයි. එහි නිල සංකේතය වශයෙන් දක්‍ෂිණාවර්ත විශ්ව ශක්ති ස්වස්ථික ලකුණ යොදා ගැනීම තුළින් ඔවුන් ලංකාවේ කීර්තිමත් පාසලක් බවට පත්වී තිබෙනවා. මෙය එක නිදසුනක් පමණි.


ප්‍රශ්නය - මොන වගේ අවස්ථාවලදීද මේ විශ්ව ශක්ති ස්වස්ථිකය භාවිත කරන්න හැකි වෙන්නෙ?
පිළිතුර - මෙම විශ්ව ශක්ති ස්වස්ථිකය යනු පූජනීය සංකේතයක් බැවින් එය ඔබගේ පූජාසනය මත තබා එහි යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. එසේම ඔබගේ ගෘහයේ මුල්ගල ලැබීමේදී විශ්ව ශක්ති ස්වස්ථික යන්ත්‍රය මත මුල්ගල තැබීම ඔබගේ ගෘහයට දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකි වනු ඇති. එසේම ඔබගේ කාර්යාලයේ එය භාවිත කිරීමෙන් සියලු දෑ යහපත් ලෙසම සිදු වේවි.


ප්‍රශ්නය - සමහරු මේ ස්වස්ථිකය ආභරණයක් ලෙස පලඳිනවා.
පිළිතුර - කිසිසේත්ම මෙම පූජනීය සංකේතය ආභරණයක් ලෙස පැලඳීම නොකළ යුතු අතර එය ගෞරවාන්විතව පූජාසනයේ තබා භාවිත කිරීම තමා හොඳ. එහිදී මෙම ස්වස්ථිකය සෑම විටම ලෝහයකින් සාදාගෙන භාවිත කළ යුතුයි.
ප්‍රශ්නය - මෙම පූජනීය විශ්ව ශක්ති ස්වස්ථිකය කොහොමද ලබා ගන්නෙ...?
පිළිතුර - විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්. මෙම විශ්ව ශක්ති ස්වස්ථිකය කිසිම විටක මුදල් උපයා ගැනීමේ අරමුණින් සකස් කොට ලබාදීමෙන් නම් එහි නිසි ප්‍රතිඵල ලබාගැනීමට හැකිවන්නේ නැහැ. එම නිසා එය සෑම විටම මිනිසුන්ගේ යහපත සඳහා ලාභ සත්කාර අපේක්‍ෂාවකින් තොරව සකස් කළ යුතුයි.


ප්‍රශ්නය - මෙම විශ්ව ශක්ති ස්වස්ථික යන්ත්‍රය සකස් කරගන්නා විදිය ගැන ඔබට පුළුවන්ද පාඨකයන්ට කියල දෙන්න...?
පිළිතුර - එය සරලව ඔබටම සාදාගත හැකි ආකාරය සහ එය සීහුම් කොට පේ කරගත හැකි ආකාරය ගැනත් මම ඔබට කියා දෙන්නම්. පළමුව ඔබ අඟල් 2x2 තඹ තහඩු දෙකක්, රිදී කූරක්, බුලත් කොළ 7ක්, සුවඳ දුම්, කපුරු, කහදියර ආදිය සපයාගත යුතු වෙනවා. ඉන් පසුව කෙම්මුර දිනයක (බදාදා හෝ සෙනසුරාදා දිනයක්) උදේ වරුවේ රාහු කාලය පන්නා නිසි පරිදි ආගමික කටයුතු ඉටුකොට විෂ්ණු දෙවියන් ප්‍රමුŜ
 
Previous
Next Post »